Wednesday 6 April 2011

මගේ කුමරියේ




හිරු බහින සැදෑවක
නූඹේ අතින් අල්ලගෙන
සුදු පාට රැලි වැටුන 
වෙරළේ පියමන් කරන  
ඒ හීනෙ මගේ ඇස්
ඉදිරි පිට බොද වෙද්දී 
මම කොම ඉවසන්නේ 
කියන් මගේ කුමරියේ 

මම වැරදි බව දනිමි 
නුඹ හරිද මම නොදනී 
නුඹ කීව ලෙසට මම 
පැවසුවා නොවෙද? ඇයි, 
ඉතින් නුඹ මාව තව  
මේ ලෙසින් රිදවන්නේ 
සොයුරියක විලසවත් 
ඉදින් මගේ කුමරියේ 

12 comments:

  1. මිතුරෙකු වෙයන්
    පෙම්වතෙකු නොවී
    එවිට
    හිස සුදු ගැන්වුණු
    මරණ මංචකයේදීද
    ඔබ ඈ හා
    සිටිනු ඇත...

    ReplyDelete
  2. ඔබේ ලෙසට ඔබ නිවැරදි
    එලෙසින්ම මමද නොම වැරදි
    බොඳ නොකරන්න ඒ හීනය
    එන්නම් මම සන්ද්‍යාවේ
    ගිම් නිවන්න, පවන් සලන්න
    ඔබේ ප්‍රේමය ලෙස නොව
    එක කුස උපන් සොයුරිය පරිද්දෙන්

    ReplyDelete
  3. නුඹ ගිහින් මා ලගින්
    හිත නෑනේ වාවන්නෙ
    කඳුළු බිදු නුඹ හින්දා
    නෑ නිමක් උනෙ නෙතග..

    ReplyDelete
  4. පිනිබිඳු අක්කා: ඔව් අක්කේ ඒ කතාවනම් ඇත්ත.. ලස්සනයි මේක...

    හිරණ්ය: හ්ම්... ආසයි ඔහොම කියනවනම්.. ඒත්.......?

    දිනේශ්: හ්ම්... ටිකක් විතර

    තුන් දෙනාටම ස්තූතියි කිවුවා...

    ReplyDelete
  5. ආදරේ කරපු කෙනා දිහා සහෝදරියක් විදිහට තියා යාළුවෙක් විදිහටවත් බලන්න මටනම් කවදාකවත් බැරි වේවි .මේ කවිය මාලන්ගේ අද්දැකීමක් නම් මාලන් බොරුවට තමන්වම රවට්ටගන්න හදනවා ....

    ReplyDelete
  6. මට ඉතින් මේ වගේ කවි ලියන්න බැරි හින්දා, කවි වලින් පිළිතුරු දෙන්න විදිහක් නැහැ... :((
    හරිම ලස්සනයි... :)

    ReplyDelete
  7. සඳරු අයියා: අපොයි මටනම් පුලුවන්... ආදරයක් කියන්නේ හරි අමුතු දෙයක අයියේ.. අනේ මංදා...

    කොජී අක්කා: ස්තූතියි කිවුවා ඔන්න.. කවි නොලීවට කමක් නෑ අර කතාව ඉක්මනින් දැම්මනම්....

    ReplyDelete
  8. කඳුළු බිඳු ගිලිහිලා
    බොඳ වුනත් හීන මල්
    තව හීන මල් පිපෙයි
    ජීවිතේ දුර යන්න
    ඈ එක්ක අනන්තෙට.....

    ReplyDelete
  9. ලස්සනයි අයියේ කවිය ..

    ReplyDelete
  10. ඒන්ජල්: ස්තූතියි පිලිතුරු කවියට

    නිම්ශා නංගී: ස්තූතියි ඈ...

    ReplyDelete
  11. මාලන් මල්ලි bolg ලියනවයි කියලා මම අදනෙ දන්නෙ.හොදා හොදා.තව ලියපංකො ඉස්සරහට.එල

    ReplyDelete
  12. එල එල අයියා....

    ReplyDelete