Wednesday 20 April 2011

සුරඟන ඇස් 08


සමාව දුන මැන සමාව දුන මැන වරදක් වූවානම්....


මෙන්න පිලිගන්න සුරඟන ඇස් 8...


පරන ඒව මෙතනින්


.................................................................................................................................................................



කිවුවට හිත දෙන්නේ නෑ ඉඹින්න අන්තිමට මම ගැන වැරදියට හිතුවොත්. මම නිකන් ගල් වෙලා වගේ මට මාවම පාලනය කරගන්න බෑ වගේ වෙන කවදාවත් නොවුන විදිහට ඇයි මම මේ ඇස් දෙක ලග අද ගොළු වෙලා ඉන්නේ..? මටම හිතාගන්න බෑ 

"ආව්.." 
"මොකද නහය මිරිකුවේ?"

"මොකද? මොකද කියල අහන්නේ දැන් මන් කොච්චර වෙලාද ඇවිල්ල මොන කල්පනාවකද ඉන්නේ? මොන දිහාද ඔච්චර බලන් ඉන්නේ?"

ඇත්ත නේන්නම් මම මේ ඇස් දෙක දිහා බලන් හිටිය මිසක් මුකුත් කතා කළේවත් නෑනේ දැන් ඉතින් කරන්න තියෙන්නේ හොදට හිනාවෙලා මුකුත් නොවුන වගේ හායි කියන්න තමයි...

"හායි..."

"හායි.. දැන්ද හායි කියන්නේ..?" 
 මේකටත් ඉතින් විරිත්තන්න තමයි තියෙන්නේ වෙන මොනා කරන්නද? 

"මෝඩයා විරිත්තන්න තමයි දන්නේ හැම එකටම"

" ඉතින් මම මොන කරන්නද මම ඔයා එනකන් තමයි බලන් උන්නේ එත් ඔය ඇස් දෙක දැක්කම.."
ආ වැරදි දෙයක් කියවුනද මන්ද.. දැන් ඉතින් අහයි එකටත් දාහක් ඒවා 

" මොනාද මගේ ඇස් දෙක දැක්කම කියල නැවැත්තුවේ" 

"නෑ මුකුත් නෑ"
"දැන් මෙතන හිටගෙන ඉන්නද කල්පනාව?"
මම ඉතින් ලෝකේ කාපු එක හින්ද මේ ප්‍රශ්නාවලියෙන් ගැලවෙන්න හොදම ප්‍රශ්නේ ඉදිරිපත් කළා දැන් ඉතින් ඕකට නෑ කියන්න විතරනේ ඔයාට තියෙන්නේ අනේ මට ඔය ගැන දුකයි කෙල්ලේ.. 

"හ්ම්.. යං.."

"කොහෙද" 

"ගෙදර මිසක් වෙන කොහෙද?" 

අම්මෝ සැර මෙයාගේ...
"ගෙදර යන්න බෑ"

"එහෙනම්?"

"අපි පාක් එකට ගිහින් ටිකක් වෙලා ඉදල යං  "
මොකද මන්ද මට මෙයා ලගදි හුරතල් වෙන්න හිතෙන්නේ මැජික් එකක් වත් කරලද මන්ද මේ ඇස් දෙක මට....

.................................................................................................................................................................................

හ්ම්.. මෙයා මගේ දෙවැනි එක වගේ දැන් කොච්චර වෙලා වෙනවද මෙතනට ඇවිත් තාම වචනයක් වත් කතා කරේ නෑනේ ඔලුව ඇත  ගගා ඉන්නවා 
මට හැමදාම මේ උකුලේ ඔලුව තියන් ඉන්න ඇත්නම්
මෙහෙම හිතුන වර ගැන කොච්චරද කියල මට මතකත් නෑ...
එත් මම වත් නොදන්නා දෙයක් මට වෙනවා කියල මට දැනෙනවා මේ දේ ආදරයද? වෙන්න බෑ මට රිද්දෝපු දෙයකට මම ආයේ ලං වෙන්නේ ඇයි..?
එත් මේ කෙල්ල ලගදි මට මොනාද මේ වෙන්නේ..? අනේ මන්දා... හැමදාමත් මෙතනම තමයි...

"මේලි.."

"ම්...."

"මේ..ලි....."

"ඇයි...?"
අම්මෝ මෙයාට යන කේන්තිය...

"කුකුල් කේන්ති කාරී..., හිනා මව මවම ඉන්න..."
"මේ ඔයාට මතකද අපි මුලින්ම හම්බුන දවස අර මම ඔයාව වැට්ටුවේ.. මම නම් හිතුවේ මට එදා හොදටම බනි කියලා.. ඔය ඇස් දෙක දැක්කම මම හොදටම බය උන එදා... එත් ඒ ඇස් දෙකට අද.."
අපොයි මොනා කියවෙනවද මන්දා.. මෙය මොනාහරි හිතයිද දන්නේ නෑ?

"ඔව් අද මොනාද?"

"නෑ මුකුත් නෑ..."
"අපි දැන් යමුද.."
කිවුවට මට යන්න හිත දෙන්නේ නෑ මම කොමද මේ උකුලෙන් නැගිටින්නේ තවත් මේ උණුහුම විදින්න ආසයි පොඩි එකෙක්ගේ වගේ මගේ ඔලුව අතගවගන්න ආසයි මේ ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ඉන්න ආසයි හැමදාම, ඔයා නොදන්නවා උනාට මගේ ජිවිතයේ ගොඩක් වෙනස් උනා මේ ඇස් දෙක හින්දා මේ ඇස් දෙකේ අයිතිකාරී හින්දා ඔයාගේ අහිංසක හීන ලෝකේ හින්දා මට මොනාද වෙලා තියෙන්නේ කියල මම දන්නෙත් නෑ.. එත් මම.. 
අනේ මන්දා මට මොන වෙලාද කියල....

ආ... තව පොඩ්ඩෙන් අමතක වෙනවා මෙයා නැතුව මට පාටියෙන් වැඩක් තියනවයෑ අහල බලන්න ඕන එනවද කියලා..

"මේලි..."

"ම්.."

"ඔයාට හෙට වැඩක් නෑ නේද?"

"විශේෂයක් නෑ"

"හෙට පොඩි පටියක් තියනව ඔයා එනවද?"

"මොනාටද පාටියක් හදිස්සියෙම"
"මම මෙදා පාර මැච් එක හොදට සෙල්ලම් කරපු හින්දා මව ලොම්බර්දියා වලට තේරුණා ඉතින් මගේ යාලුවෝ පටියක් ඉල්ලනවා ඔයා අනිවාර්යෙන් එන්න ඕන එනවා නේද?"

"වාව් නියමයිනෙ.. මට දැන්ද කියන්නෙ....
මම එන්න බලන්නම්..." 

"දැන් මම කොච්චර පාටි වලට එන්න කිවුවද ඔයා එකකටවත් ආවේ නෑනේ මේකද ජිවිතේ මෙලිසා 
ඔයා මේ පාටීයටනම් අනිවාර්යෙන් එන්න ඕනා.."

"හ්ම්.. මම එන්නම්"

" මගේ හොද කෙල්ල එහෙනම් හෙට 4 වෙද්දී එන්න මම ඔයාව ගන්න එන්නම් ෆාමසිය ලගට,
එනවාමයි නේද?"

"ඔව් ඔව් එනවා"

"එහෙනම් අපි දැන් යන්ද.. ඔයාට ගෙදර යන්නත් පරක්කු වෙනවනේ..."
එහෙම කිවුවට නම් මට නැගිටින්න මොකක්ද වගේ මේ උණුහුම තව විදින්න ආසයි එත් මෙයා ගෙදර යන්න එපෑ...

විහිලු කර කර පිස්සු නට නට කොම හරි මෙලිසත් එක්ක මමත් ඔහොන්ම ගෙදර ගියා.. දැන් ඉතින් අරුන්ට පණිවිඩේ දෙන්න ඕන හෙට පාටිය හරි කියලා... එත් ඇයි මම මෙලිසා එනකන්ම හිටියේ පාටිය දාන්න? අනේ මන්දා ලෝක ප්‍රශ්නයක් තමයි මේක... මේ කෙල්ල මාව පිස්සෙක් කරන්න තමයි මේ යන්නේ... 

9 comments:

  1. හරි ශෝක්... සතියෙන් ඉවර කරනවා කිව්වා නේද කතාව....:-L

    හ්ම්ම්.. ලස්සනයි... දැන් ඉතින් අනිත් බ්ලොගයට දුවලා ගිහින් ඒකේ මේ කොටස කියවන්න ඕනා. මට දැන් ඒක මතක නැහැනේ... :)

    ReplyDelete
  2. මේකනෙ අක්කෙ උනේ.....

    ඇත්තටම මොකද උනේ.... ? :|

    ReplyDelete
  3. හරිම ශෝක්... :D

    ReplyDelete
  4. කෝ ඉතින් කින්නරාවි

    ReplyDelete
  5. ඒක ලියන්න කලින් ඒක ගැන රිසච් වගයක් කරන්න තියෙනවා. කතාවට තියරීස් ටිකක් හදා ගන්න එපැයි. මම තාම අවුරුදු සමරනවා. ඒ එක්කම පොඩි පොඩි විභාග ටිකකුත් තියෙනවා. ඒකයි ටිකක් පරක්කු වෙන්නේ.... ;;)

    ReplyDelete
  6. ඇත්තමයි මම කලින් කොටස් දෙකක ඉදන් ආයෙත් කියවන් ආවේ.. මට කතාව මතක නැති උනා.. ලස්සනයි මල්ලී..

    ReplyDelete
  7. ඇති යන්තම් ළමයට කතාව දාන්න මතක් වෙලා.

    ReplyDelete
  8. දිනේශ් අයියා: මම මුලු කතා දෙකම කියවපු එකේ ඕක මොකක්ද අයියා

    සමාවෙන්න හොදේ පොඩ්ඩක් විතර වැඩ වැඩී ඒකයි පරක්කු වෙන්නෙ....

    පිණිබිඳු අක්කා: ඔව් ඔව් මට මතක් උනානේ..

    ReplyDelete