Monday 4 April 2011

සුරඟන ඇස් 07

සමාවෙන්න පරක්කු වුනාට.. මේක ඉක්මනින් ඉවර කරන්නයි දැන් හිතාන ඉන්නේ විභාග ටිකත් ඉවර හින්දා දැන් ඉක්මනට ලිවුවෑකි.. නැවතත් සමාව ඉල්ලනවා...
කට්ටියට අමතක නම් මෙතනින් ගිහින් පරන එව බලන්න

.................................................................................................................................................................



හපොයි මේ උදේ පාන්දර කවුද කෝල් කරන්නේ.. මිනිස්සු නිදා ගන්නේ නැද්ද?

"හෙලෝ... ක්‍රිස්ටියන් ඔයාට දැන් කෝමද?"

ආ... මේ මෙලීසනේ

"හොදයි දැන් ප්‍රශ්නයක් නෑ"

"අද මැච් නේද යන්නේ නැද්ද?"

හපොයි අද මට මැච් නේද? හොද වෙලාවට මතක් කලේ නැත්නම් අනාතයි...

"යනවා යනවා මම මේ ඇදගෙන ඉන්නේ තව ටිකින් යනවා"

"ඇදගෙන ඉන්න බව තේරෙනවා කතා කරන විදිහෙන්ම, ඉක්මනට ඇදගෙන යන්න පරක්කු නොවී"

හොද වෙලාවට මෙයා කතා කලේ නැත්නම් ඉතින් අනාතයි.. දඩස් ගා ඇද්ගෙන දුවගෙන මෙන් මම යන්නට විය. වෙනදා මම යන වෙලාවට වඩා අදනම් හොදටම පරක්කු වී ඇත. අදනම් මෙලීසා යන්න ඇති අපරාදේ උදෙන්ම ඒ මූන බලාගන්න තිබ්බ චාන්ස් එකත් නැති උනානේ... කෝමහරි වෙනදා වෙලාවට වඩා යන්තම පැය බාගයක් විතර පරක්කු වෙලා මම පුරුදු පාරෙන් පිට්ටනියට යන්නට හැරුනෙමි.. පුදුමයකි මෙන්න මෙලීසා මං දිහා බලාගෙන හිනා වෙනවා...මෙයා අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද. දැන් හොදටම පරක්කු වෙලානේ...

"ගුඩ් මෝනින්ග්, අද ඉස්කෝලෙට යන්නේ නැද්ද?"

"ගුඩ් මෝනින්ග්, යන්න තමයි ආවේ ඒත් මේ උදෙන්ම ඇදගෙම මගේ යාලුවෙක් මැච් එකකට යන්න යනවා කිවුවනේ. ඉතින් යාලුවට විශ් කරන්න මම මේ බලාගෙන ඉන්නේ"

හපොයි.. මෙන්න මෙයා මම එනකන් මෙතන ඉදලා.. පිස්සු නැත්නම් ශෝක්.. මොනා කරන්නද ඉතින් දත් 32ම පෙන්නලා හොදට හිනාවෙන ගමන් ඔලුව කසන්න තමයි මේ වගේ වෙලාවල් වලදි කරන්න පුලුවන් හොදම දේ...

"හරි ඉතින් පොඩ්ඩක් පරක්කු උනා තමයි, ඒත් ඔයාට ඉස්කෝල්ට යන්න තිබ්බනේ"
ඈ සමග කතාවට වැටී යන ගමන් මම කිවුවෙමි. එහෙත් ඇගෙන් කිසි ප්‍රතිචාරයක් නැත.. හාකෝ හාකෝ...
"මට සමාවෙන්න, අනිත් දවසේ මං එනකන් බලාගෙන ඉන්න එපා ඔයාගේ පාඩම් පාඩු වෙනවනේ"
"හ්ම්... අනිත් දවසේ පාඩම් පාඩු වෙන්නේ නෑ, මම ඔයා එනකන් බලාගෙන ඉන්න එක නවත්තන්නෙත් නෑ ඔයා වෙලාවට වැඩ කරනවා ඒක තමයි වෙනස් වෙන්නේ"
මලා මෙන්න බොලේ මෙයා මට නීති දානවා... ඒකත් හාකෝ...

............................................................................................................

කෝමින් කෝම හරි මට වැඩියේ හොදට සෙල්ලම් කරන්න හම්බුනේ නම් නෑ අද... මොනා කරන්නද. ගෝල් 3ක් ගහගත්තෙත් බෝම අමාරුවෙන් ඒක හින්දා උඩින්ම මාව ලොම්බාර්දියා ටීම් එකට තේරුනාද මංදා.. ඉතින් මොනා කරන්නද? මගේ යක්ස යාලුවෝ රෑනට පුන්චි පහේ පාටි කෑල්ලකුත් ඕනා කිවුව හින්දා මුන්ව රවට්ටන්න කියලා හිතාගෙන රෑ වෙලා ක්ලබ් යන්නට හිතුවෙමි.. ගෙදට ගොස් මහන්සි යන්න හොදට ඇග පත සෝදා බඩ උතුරන්නම තියන ජාති ඔක්කොම අනුභව කලෙමි... හවස 5 පනින්න හම්බුනේ නෑ මුන් සෙට් එක කවදාවත් නැතුව මාව ඇදගෙන යන්නට ගෙදරටම ඇවිල්ලා... අනේ මට තියන ආදරයක් මුන්ගේ.. කෝම හරි බීලා නටලා කරන්න තියන පිස්සු ඔක්කොම කරලා මම ගෙදරට ආවා...

හුටස් මෙන්න බොලේ ෆෝන් එකේ මිස්ඩ් කෝල් 13ක්.. කවුද මට මෙච්චර කතා කරන්න ඉන්නේ?
මෙලීසාගෙන්.. හපොයි මට කතා කරන්න අමතක උනානේ... දැන් මොකද කරන්නේ.. මේ වෙලාවේ මනුස්සයෝ නිදාගන්න හින්දා ඉතින් කරන්න තියෙන්නේ සමාව භාජනේක දාලා මැසේජ් එකක් යවන එක තමයි..
මැසේජ් එක යවා හැරෙන්නටත් ප්‍රතම හැරෙන තැපෑලෙන් පිලිතුරු ලැබිනි...
ම්හු.. වචනෙකින්වත් බැනලා නෑ.. අනේ හරි හොදයි...
කෝමින් කෝම හරි මැසේජ් කිරිල්ල මට නින්ද යනකන්ම බලපැවැත්තුනා.. ඒත් කමක් නෑ කියමුකෝ....

ප්‍රැක්ටිස් කිරිල්ලත් මාසයක් පමන නැති හින්දා දැන් ඉතින් හොදට පිස්සු නට නට හිටියැකි.. එත් එතකොට කොහොමද මෙලිසව දකින්නේ.. ප්‍රශ්න පත්තරයයි එකටත් මොනා හරි කරන්න වෙනවා දැන්.. එත් ඇයි මම මෙලිසව දකින්නේ..? අනේ මන්දා මොනා වෙලාද කියලා මට..

.........................................................................................................
කොහොම හරි පහු වෙනිදා මම මෙලීසව බලන්න කියලා ගියා වෙන කවදාවත් නැති තරම් පිලිවලකට.. මට මොනා වෙනවද කියලා මම වත් දන්නේ නෑ... ඉස්කෝලේ ඇරෙන වෙලාව කිට්ටු කරලා ගිහින් ඒ ලස්සන ඇස දෙක දකින්න වෙන කවදටවත් වඩා නොඉවසිල්ලෙන් හිටියා.. ඈත ඉදන්ම මාව හොයා හොයා ඔලුව කරකො කරකෝ එද්දී මට පවු කියලත් හිතුනා.. මේ කෙල්ල මට මොනාද කරලා වගේ මට අද හරි අමුතුයි.. එන්නකෝ ලගට අද කරන්නම් හොද වැඩක්.. 

අද නම් නිකන් වෙනදට වඩා හිමින් වගේ එන්නේ.. මොකද මන්දා..?
"හායි.."
මෙලීසා වෙනද වගේම අත වනාගෙන මන් ලගට ආවත් වෙනද වගේ මට හායි කියන්නත් අමතකයි වගේ මේ ලස්සන ඇස දෙක මට මොනා හරි කරලා වගේ.. ඉඹින්න ආසයි මේ හුරතල් කම්මුල.. මොනා හිතුවත් කරන්න දෙයක් නැ අද නම් ඉඹිනවමයි...

10 comments:

  1. කලින් කොටසක් දෙකක් මිස් වෙලා තියෙනවා. ඒ ටික බලලම එන්නම්.

    ReplyDelete
  2. :)) :)) සුපුරුදු පිලිතුරමයි

    ඉක්මනට ඉවරකරපිය..
    අර නිම්ශා ලියපු එක කියවන්නත් ආත්ම ගානක් ඉදියා

    ReplyDelete
  3. හ්හ්ම්ම්ම්... ඇති යන්තම් දැම්මා... මම මේක කියවන්නේ ආයිත් නිම්ශගේ එක කියවන ගමන්. මට දැන් සීන්ස් මතක නැහැ කතාවේ... :)

    ReplyDelete
  4. ඇති යන්තම් මතක් උනා . කතාව ලියන්න...

    ReplyDelete
  5. මුල් කොටස් ටිකත් එක්කම ආයෙත් කියවගෙන එන්න ඕන එක වතාවක්...

    ReplyDelete
  6. ඉතුරුවාත් ඉක්මනට දාන්න... :)

    ReplyDelete
  7. හැමෝගෙන්ම මම සමාව බජනය කරනවා..
    දැන් high speed කියත් මෝරා වගෙ වේගෙන් කතාව දාන්නම්... ;)

    සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවානම්..

    ReplyDelete
  8. ලස්සනට දෙන්නගෙම කතාව ගැලපීගෙන යනවා. අන්න අරයා කතාව ඉවරකරලත් ඉවරයි. ඉක්මනට ක්‍රිශ්ගෙ පාට් එකත් ලියමු හොඳේ.

    ReplyDelete
  9. ලස්සනයි හොදෙ,ඉක්මනට දාන්න කියලයි මාත් කියන්නෙ

    ReplyDelete
  10. කතා දෙක ගැලපෙනවනම් එච්චරයි

    සඳලි: ඉවසන දනා...

    ReplyDelete