Saturday 26 February 2011

නුබ


හිත දුකින් අඩන විට
ලගට විත් නුබ
ඒ දෙඩූ වදන් වලින්
සිත සැනසුන අපූරුව..

හිත කෑ ගහන විට
ඒ දුක ඒ සතුට
වදන් වලට හරවන්න
කියා දුන් නුබ

විටක මිතුරියක ලෙස
රන්ඩු කරමින්,
විටක සොයුරියක ලෙස
හිත සැදූ නුබ

දැන්, 
නැවත් නොඑනා වග
නොකියා කියද්දි,
ඉවසන්නේ කොහොමද?


-නැවත තනි වූ මා-

4 comments:

  1. හැරගියත් අද හෙටද...සදහටම...
    තියේවි නේද මතකයන් හැමදාටම..
    :)

    ReplyDelete
  2. ඒ සොදුරු මතකයන්...
    ඒ සොදුරු පුංචි ඇස්..
    සදහටම ‍රැදේවී..
    මා ලගම දැවටෙමින්..

    පුන්චි වේදනාවක්..
    සිත තුලට පැමිනියත්..
    ඒ වෙදනාවටද
    මගේ හිත ආදරෙයි..

    ReplyDelete
  3. මාලන්ට වගේ කවිකාර අදහස් මට නොඑන එක ගැන මම මම සමගම අමනාපෙන් ... මට කවි සිතිවිල්ලක් එන්නේ මස 2 එක වරක් පමනයි ..

    ReplyDelete
  4. ඒ ඇතිනේ අයියා....

    ReplyDelete