Tuesday, 22 February 2011
ජීවිතය සම්පූර්නයි
"හෙලෝ"
"අයියෙ මට පොඩි ප්‍රශ්නයක්... ඔයාව හම්බෙන්න පුලුවන්ද?"
"ඇයි නංගි මොකක්ද ප්‍රශ්නේ ඇයි ඔයා අඩන්නේ.."
"මම වෙලාව ඔයාට කියන්නම් මම දැන් තියනවා වෙනදා තැනටම එන්න"
දුරකතනය විසන්දි විය..
..........
ඇය මට මීට අවුරුදු 3කට කලින් මුන ගැසුනු යෙහෙලියකි..යෙහෙලියකට වඩා ඈ මට මගේම සොයුරියකට සම විය, මගේ මව තරම් නොවූවත් මා ගැන හොදින් හොයා බලන්නියක් විය.. මා සිතේ ඇය කෙරේ ආදරයක් තිබුනත් එය පැවසීමට මා පසු බැස්සේ ඇගේ මෙම ක්‍රියාවන් නිසාය... ඇත්තටම මා ඇයට ආදරය කලත් ඒ ආදරය තේරුම් කිරීමට මට අපහසුය... මා ඇදගන්නා සෑම ප්‍රශ්නයකටම පිලිතුරු ඈ සතු විය.. මගේ ජීවිතයේ මා කාටවත් නොපවසන සෑම සිද්දියක්ම ඈ දනී කොටින්ම මා ඈ ලග අඩාද ඇත... ඈ මගේ සෑම දෙයක්ම දනී මා අඩන විට හිනස්සන්නට මට තරහ ගිය විට මගේ තරහව නිවන්න මට දුකක් දැනුන විට මා සනසන්න කොටින්ම ඈ මටත් වඩා හොදට මාව දනී....
ඒත් ඈට සැමදා මට සොයුරියක වී සිටින්නට නොහැකි නිසාත් මා ඇයට මගේ ආදරේ නොකී නිසාත් දැනට අවුරුද්දකට පෙර ඇගේ නිවසින් ඇයට යෝජනාවක් ගෙන ආවා.. ඈ මට ඒ ගැන පවසා මට තනියම ජීවත් වෙන්න කියා දී මගෙන් දුරස් වෙන්නට විය.. මං ඒ ගැන සිතා ඇඩුවත් මා ඇයට ඒ බවක් ඇගවූයේ නැත... මා සැමදා ඇයට සිතින් ආදරය කලා තවමත් ඒ ආදරයේ වෙනසක් නැත..
......
අදට ඈ අන්තීමට මා සමග කතා කොට මාස 3ක් ආසන්න වෙයි... මොන දේ තිබුනත් මගේ උපන්දිනය දා ඈ පාන්දරම මට සුභ පතයි.. අවසන් වරට ඈ මට කතා කලෙත් මගේ උපන්දිනයට සුභ පතන්නය...
ඒත් ඇයි මෙයා අද අඩන්නේ. මම මහත් වූ අපහසු තාවයක පැටලිනි මා සමග කොපමන වලි දාගත්තත් මා කොපමන ඈට බැන්නත් ඈ කවමදාවත් අඩා නැත... මා බනින විට ඈ කරන එකම දේනම් බිම බලාගෙන සිටීමයි... ඒත් අද මොකද?
....
දුරකතනයට කෙටි පනිවිඩයක් පැමින දුරකතනය කෑ ගසන්නට විය.. තාමත් මගේ දුරකතනයේ තිබෙන්නේ ඈ වෙනස් කරන ලද දුරකතන නාදයන්ය ඒවා ඇසෙන සෑම විටම ඒ ලස්සන හුරතල් දෑස් මතක් වේ.. මගේ ඒකපාර්ශ්වීය ආදරය මතක් වේ එය වේදනවක් උනත් මං ඒ වේදනාවටද මහත් සේ ඇලුම් කලහ..
"ayye karadharayak nethnam maawa hawasa 4ta hambenna puluwandha?"
ඒ ඇගේ පනිවිඩයයි..
.......
"ඇයි මගේ ළමයෝ අඩන්නේ...."
"අරයාට මාව ගැලපෙන්නේ නෑලු එයා මාත් එක්ක තියන සම්බන්දේ නවත්තනවලු මට ගෙදරිනුත් බනිනවා යන්න තියන හැම තැනකම ගිහින් දැන් බෑ කියෝගන්නව කියලා හරියට නිකන් මම මෙයාව හොයාගත්තා වගේ..."
ඈ හොදටම අඩයි ඇගේ කදුලු මා තවත් අපහසු තාවයට පත් කරයි මා කවදාවත් ඈ අඩනවා දැක නැත ඉතින් ඈව සනසන්නට මා දන්නේ නැත ඒත් ඇගේ කදුලු මගේ හිතේ මහා දුකක් ඇති කරයි මමවත් නොදන්න දුකක්.. හිතා ගන්න බැරි දුකක්..
"අනේ ළමයෝ අඩන එක නවත්තන්න"
මා ඇගේ ඒ සුදු කම්මුල් වලින් ඇගේ මූන ඔසවන ගමන් ඈට පැවසීය මගේ ඇස්ද දැන් ටැප් එක ඇර ඇත ඈ ඒ බවක් නොදුටුවාය... මා ඈව සැනසීමට මගේ ජීවිතේ පලවෙනි පාරට ඈව මගේ පපුවට තුරුලු කරගත්තෙමි ඈ පුදුම වී හිස ඔසවා බලන විට මගේ කම්මුල් දිගේ කදුලු බිදු ගලා වැටෙමින් තිබිනි මා කිසිදාක නොසිතූ ලෙස මා ඈ අසල අසරන විය මා මගේ හිත පාලනය කරගැනීමට සැරසෙද්දී ඈ මගේ කම්මුල්වල කදුලු පිසමින් මගේ දෑස් දෙස බලා සිටින්නට විය මා මෙච්චර කලක් හිතේ සගවාගෙන සිටි රහස එලිවෙන්නට යන බවක් මට දැනුන නිසා මා වහා එතනින් නැගිටින්නට විය...
හිත රවටා ගැනීමට තරම් කාලයක් මම බැස යන හිරු දෙස බලා සිටින්නට විය...
නැවත් මා ඈ අසලට ගොස් වෙනදා මෙන්ම ඈ අසලින් ඉදගතිමි.. ඈ මගේ අතින් අල්ල සමාව අයදින්නට විය
"ඇයි ළමයෝ මගෙන් සමාව ඉල්ලන්නේ මම ඔයා මට කරපු වරද මොකක්ද මගෙන් සමාව ඉල්ලන්න තරම්"
නැවත ඇගේ දෑස දෙස මගේ දෑස් යොමු විය ඒ ආදරය පිරුනු හුරතල් දෑස් මගෙන් මොනාවාද ඉල්ලනවා මෙන් මට දැනිනි...
"ළමයෝ අපි පොඩ්ඩක් ඇවිදිමුද වෙරල දිගේ?"
ඇයද එයට කැමති විය අප දෙදෙන නැවත් පෙර ලෙසම විහිලු කරමින් වෙරලේ ඇවිදින්නට විය ඒත් මගේ හිත මට මෙල්ල නොවන බවකි... දෙවන පාරටද ඈව මගේ ජීවිතය මගෙන් ඈත් කරන්නට එපායැයි සිත කෑ ගසන්නට විය.. දෙදෙනාම ඇවිද ගෝස් වෙනදා අපි නැවත හැරෙන තැනටම පැමිනියෙමු... ඈත ක්ෂිතිජයේ හිරු ගිලෙමින් පවතී ඒ රත් පැහැ හිරු කිරන ඇගේ මුහුනේ දැවටී ඈව තවත් ලස්සන කරයි... එය තවත් මාව අසරන කරයි...
අවසානයේදී මා තීරනයකට එලබිය ඈ අකමැති වූවත් ඈට මගේ ආදරය ප්‍රකාශ කිරීමට හිත දෛර්ය කරගෙන ඇගේ අතකින් අල්ලා ඈ මා දෙසට හරවා ගත්හ.....
බෝනික්කියක් මෙන් ලස්සන රවුම් ඒ ඇස් වලින් මා දෙස පුදුමයෙන් මෙන් බලන්නට විය..
මගේ තොල් කාන්තාරයකදී මෙන් වියලී ගොසිනි, පපුවේ බෝම්බ පුපුරනාවක් මෙනි, කීමට දහසක් දේ තිබුනත් මා ගොලුය එහෙත් හිත දගලයි... අවසානයෙ මා ඇගෙ රෝස පැහැ කම්මුල් මගේ දෑතින්ම අල්ලා ඇගේ මුහුනට සමීප විය.. වෙන්නේ කුමක් දැයි දැනගෙන මෙන් ඈ දෑස පියාගත්හ... කීමට ඇති සියලු දේ ඇගේ ඒ සොදුරු නලල් තලයේ තැන්පත් කලෙමි.. මගේ ආදරය එකදු වචනයක්වත් නොපවසා ඇයට දැක්වීමට මා සමත් විය කොපමන වෙලාවක් එසේ සිටියාදැයි මට මතක නොවීය මා නැවත් පියවි සිහියට එන විට ඈ ලැජ්ජවෙන් මා දෙස බලා සිටින්නට විය
"ඇයි මහත්ත්යෝ මෙච්චර ආදරයක් හිතේ තියාගෙන මට නොකීවේ"
ඒ ඇගේ ප්‍රතිචාරයයි...
ඉන් එහාට මගේ ජීවිතය සොඳුරු දේවදූතිකාවක් සමග සතුටෙන් ගෙවීමට තරම් වාසනාවන්ත බව දැනී මා සතුටින් ඉපිලෙන්නට විය...
අද මගේ ජීවිතය සම්පූර්නයි..
Subscribe to:
Post Comments (Atom)
මේ කතාව කාගෙද බන්??
ReplyDeleteමටත් ගොඩක් සමීප කතාවක්....... :(
හිතට ආපු කතාවකි කාගෙවත් නොවේ...
ReplyDeleteඇත්තටම මේ කතාව කාගෙද? මොනව උනත් අන්තිමට උන දේ නම් හොඳයි. :)
ReplyDeleteකතාව කාගෙද කියලා මගෙන් අහන්නේ?
ReplyDeleteමේ මොකෝ මේ?
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...මේක මගේ කතාව බන්...
ReplyDeleteඔව් මේක රත්ගමයගෙ කතාව
ReplyDeleteමට බැන්නනේ ඔයාගෙන් කතාව කාගෙද කියලා අහනවා කියලා... :((
ReplyDeleteඅම්මෝ බැන්නේ නෑ සුදු අක්කේ... පාසල් අයියටනම් කියන්න එපා....
ReplyDelete;;)
ReplyDelete:-t
ReplyDeleteමාලන්,
ReplyDeleteකථාව ලස්සනයි.
(ව්‍යාකරණනම් එහෙම් මෙහෙන් පොඩ්ඩක් වැරදි, ඒක හදාගන්න)
දිගටම ලියන්න.
මාලන්ගෙන් මාලන්ට සුබ පැතුම්! ;)
මාලන් සහෝට:
ReplyDeleteබොහොම ස්තූතියි අදහසට... ව්‍යකරන ගැනනම් කතා කරන්න එපා... මෙලෝ දෙයක් දන්නේ නෑ... ආයෙ එක වසරෙ ඉදන් ඉගන ගන්න වෙන තත්වයක් තියෙන්නේ..
ප.ලි.- ඕක ඉතින් mail 1ක් දාල කියන්න තිබුනේ නැද්ද? :D
කතාව හිනයක්..අන්තිමය සැබැ ලස්සනක්..කතාවේ අවසානේ ට ලයික්.. :)
ReplyDeleteවෙනසක් කරන්න හිතුනා..... :D
ReplyDeleteවෙන් වී ආ(ර්) නෝ ලෝන්ග(ර්) ඒබල් ටු චේන්ජ් අ සිටුවේශන් , වී ආ(ර්) චැලේන්ජ්ඩ් ටු චේන්ජ් අව(ර්)සෙල්ව්ස් !!!!
ReplyDeleteපී . එස් :- ලක්ෂණ කථාව මා(ර්)ලන් ඩෝ අයියේ . . . කීෆ් අෆ් ද ගුඩ් ව(ර්)ක් . . . :X :X
බෝම ස්තූතියි... ඔය කටින් හොදක් ඇසූ දෙවනි පාරය
ReplyDeleteපළවෙනි පාර කවදා ද ? මට මතක නැත !! :ඩී
ReplyDeleteපල වෙනි පාර "ලස්සන හීනයක්" පද පෙලට ඉක්කයිප්පුවේදී(skype) හොදයි කියපු එක
ReplyDeleteඑය මාගේ අරයාට ද ඔබගේ අවසරය ලබාගෙන යැව්වා නොවෑ . .
ReplyDelete;) ;)
. ඔබගේ අරයා නිදි ද ? අවදියෙන් ද ? පාඩම් කරනවා ද ? පාසල් ගොසින් ද ? උපකාරක පන්ති ද ? ගමනක් ගොසින් ද ? :X
මම හිතන්නේ දැන් නිදි වෙන්න ඕනා... කාල කලාප ප්‍රශ්නයක් බලපානවා නොවෑ....
ReplyDeleteඑයා නිදා ගන්නෙත් ඇදේට ද මෙයා ? මම මේ දන්නෙ නැති නිසාය අසන්නේ . . . :))
ReplyDeleteබොහෝ විට විය හැකියි....
ReplyDeleteපට්ට මාලේ පට්ටම පට්ට . උඹ ලියාපු එවුයෙං මම කැමතිම එක මේක . බොක්කෙන්ම ලියලා තියෙන්නේ ! මටත් ඉක්මනටම ආපහු කෙල්ලෙක් හොයාගන්න හිතුනා .
ReplyDelete"අද මගේ ජීවිතය සම්පූර්නයි" ඉතින් මම මොනාවා කියන්නද හදවතින්ම සුබ පතනවා ඇරෙන්න . !
ජයම වේවා !!
මේක මට උන දෙයක් නෙමේලු ඔන්න.... මනංකල්පිත කියල තමයි තියෙන්නේ
ReplyDeleteඅය්යෝ මම හිතුවෙ මෙච්චර කල් අර අඬ අඬ කවි දැම්මෙ ආදරේ කියා ගන්න බෑ කියල ඒක හරි ගියා කියල මම හිතුවෙ. මැට්ටා අපරාදෙ. ඔහොම කිව්වානම් ඉවරනේ.
ReplyDeleteදැන් ඔය කියන්නේ කතාව පටන් ගන්න ඉස්සර ලේබල් 1 දාන්න කියලාද....? අනේ මන්දා කට්ටියට ඇස් පේන්නෙ නැද්ද මංදා....
ReplyDeleteකාලෙකට පස්සෙ වෙනස් විදියක කතාවක් බැලුවෙ, දැන් තියෙන ගොඩක් ඒව අන්තිමට ඉවරවෙන්නෙ දුකකින් නෙ..
ReplyDeleteනියමයි! :)
මා(ර්)ලන්ඩෝ අයියේ , එයා එයිද ? නැත්තම් මම තව දාන්නම් ද එනකම්ම් . . . ? ? ? ?
ReplyDeleteඅනේ මල්ලියේ(කිවුවට....) මෙන්න වැන්දා.... :-O
ReplyDeleteතව එකක් දැම්මා නම් ඔයා ගොඩ !! මොකද කියන්නේ ?
ReplyDeleteටේක් මයි ව්(ර්)ඩ් මා(ර්)ලන් අයියා . . . ලෙට් මී ටේක් කෙයා(ර්) ඔෆ් ඉට් !!!
අනේ බුදු මල්ලියේ(කිවුවට...) නැතුවට කමක් නෑ :-L
ReplyDeleteඅනේ මම දන් නෑ . . .
ReplyDelete* හරි ලේසි වැඩක් නෙ මේකට කරන්න තියෙන්නෙ . . .
වැඩේ කරාට පස්සෙ මා(ර්)ලන් අයියා කියයි , " වා.....ව් ඩිලිශාන් මල්ලියාහ් , වට් අ සිම්පල් ප්ලෑන් ඉට් වෝස් . . හී හී ... තෑන්ක්ස් . . . ආහ් " . . . කියලා
අපි ඉතින් වෙඩින්ග් කේක් කෑල්ලක් කාලා " හැෆි වෙඩඩ් ලයිෆ් " කියනවා ඉතින් . . .
ආසයි නේ මා(ර්)ලන්ඩෝ අයියේ ? :)) :))
වෙඩින්ග් කේක් කෑල්ල විතරක් කෑවොත් නම් කමක් නෑ...
ReplyDeleteතව ඉතින් ෂෝ(ර්)ට් ඊට්ස් ප්ලේට් තුන හතරකුත් දුන්නොත් කන එක වෙනම දෙයකි !!!!! හික් හැක්ස් :)) :))
ReplyDeleteපී . එස් :- හුඟ කාලෙකින් පැටිස් කෑල්ලක් කෑවෙත් නැහ් නොවෑ :D
එතකොට එදා Grand 1න් කෑවේ වෙන මොනාහරි වෙන්න ඇති නේ?
ReplyDeleteමම අනුභව කරේ චිකන් බ්(ර්)ගර් දෙකකි . පානය කරේ හයිලන්ඩ් එකකි . . ඔබ නොවේ ද පැටිස් හත අටකට වැඩේ දුන්නෙ . . .
ReplyDelete* මම කෑ ගහන්න ද ? :ඩී :D
සමාවෙන්න මට වැරදුනා වගේ... 7-8ක් කෑවේ නැත 2ක් කන්න ඇති උපරිම උනොත්.... ;)
ReplyDelete/ අද මගේ ජීවිතය සම්පූර්ණයි /
ReplyDeleteඉතින් ආයෙත් මොනවද? එච්චරනෙ ඕනෙ,
:x
ReplyDelete