Sunday 6 February 2011

හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැත

`

ඔව් කෙල්ලේ මං දන්නව ඔයා කවදාවත් මට අයිති නෑ කියලා....
ඒත් මගෙ හිත මට පාලනය කරන්න බැරිනම්..

ඔව් මං දන්නවා ඔයා මට පිපුන මලක් නෙමෙයි කියලා...
ඒත් ඒ මලේ ලස්සන දකින්නේ නැතුව ඉන්න බැරිනම්...

ඔව් මං පින් කරලා නෑ ඔයාව මගේම කරගන්න...
ඒත් මං පව් කරලත් නෑ ඔයාව නොදැක ඉන්න...

ඔව් මං දන්නව මේක කිසි තේරුමක් නැති වැඩක් කියලා..
ඒත් මං වෙන මොනවා කරන්නද?

හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැත!

25 comments:

  1. ලස්සනට ලියලා තියෙනවා. හබැයි ඉතින් හිමි වෙන්නේ නැති දේවල් පස්සේ දුවන එකෙන් වෙන්නේ තමන්ගේ ජීවිතේ නාස්ති වෙන එක විතරයි. :(

    ReplyDelete
  2. ඒත් ආසයි නම්..... මන් මොනාද කරන්න ඕනා....

    ReplyDelete
  3. බැරිද ඔය ආසාව කියන පොරව මරල දාන්න? අමාරුයි නේද? එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ වෙන වැඩකට ඔලුව යොදවන එක. හොඳටම කාර්යබහුල වෙන්න. එතකොට හිත හිත ඉන්න වෙලාවක් නැහැනේ. ;;)

    ReplyDelete
  4. ලස්සනයි මාලන් අයියා..... හිමි වෙන් නැති දෙවල් ගැන හිතන්න එපා... හිමි වෙච්ච හිමි වෙන්න පුලුවන් දෙයක් ගැන වෙහෙසෙන්න... :)

    ReplyDelete
  5. අමාරුයි කොට අක්කේ මොනා කරන්නද?

    ReplyDelete
  6. @ නිම්ශා: හිතලා බලන්නම්කෝ....

    ReplyDelete
  7. කාටද බන් ලිව්වේ.....පොඩි එකා හිටපිය පොඩි එකා විදිහට..ඉකේයියා නේ බන්..ඔය ලව් සීන් දාගෙන වැඩ අනාගෙන පස්සේ කියන්න එපා රත්ගමයා ඉකේයියා කිවේ නෑ කියලා හරිය

    ReplyDelete
  8. හොදමයි රත්ගමයෝ......
    ඉකේයියා.....

    ReplyDelete
  9. මක්කයි මේ වෙන්නේ....

    ReplyDelete
  10. @ වත් අක්කා: මම දන්නේත් නෑ අක්කෙ.....
    ආ... මට හරි සතු‍ටුයි අක්ක මේ පැත්තේ ආව එකට....

    ReplyDelete
  11. උඹේ මලට කවිලියපන් පරසතුවට කෙලහලන්නෙ නැතුව :-L

    ReplyDelete
  12. එහෙයි යසියෝ.... :X

    ReplyDelete
  13. ආදරේ හිඟා කන්නේ නැතෙයි කියලා කලින් පෝස්ට් එකේ .සද්දයක් දැම්මට ඔන්න මාලන් කාරයත් සරෙන්ඩර් ..

    මලේ ලස්සන බලහං පුතේ ! ඒත් ඒක හිමි නොවන මලක් නම්..ඔන්න ඉතින් අපි නොකීවයි කියන්න එපා ! .

    ලස්සන වචන සැට් එක .

    ජය වේවා !!

    ReplyDelete
  14. අයියෝ සදරු අයියා වැරදියටනේ හිතල තියෙන්නේ... ඒ සද්දයක් දැම්මේ ලග ඉන්න එකා ගියොත් එයාට... මේ කියල තිය්න්නේ ඈත ඉන්න එකෙක්ක්ට

    ReplyDelete
  15. පිපුන මලකුත් නෙමෙයි නම්, අයිතිත් නැතිනම්, පොඩ්ඩක් වත්තෙ ඇව්දල බලපන්, මල් වත්තෙ තව මල් ඇති............. උබේ මල උබම අදුරගනීවි.........

    ReplyDelete
  16. ඈත එකයි..ළග එකයි..
    අම්මපා මලයෝ..උඹ නෙව දවසකටවත් කොළුවා..

    ReplyDelete
  17. තව උත්සහා කරන්න........

    ReplyDelete
  18. වැරදි වටහාගැනීමක් සිදුව ඇත..
    මා මින් පෙර ඉදිරිපත් කර ඇති මා පැතූ ආදරය... ලත් තැනම ලොප් විය.. හා මෙය වරදවා වටහා නොගන්නා මෙන් ඉල්ලමි...

    ReplyDelete
  19. මාලෝ...... සැලෙන්න එපා.. මෙන්න මගේ වියත් වඳන..

    පාරේ යන්නේ එක බස් එකද පුතේ? බස් එකේ නොම්බරේ විතරයි වෙනස්... ට්‍රයි අගේන්.. ඩෝන්ට් බී සිලී.. :X ;;)

    ReplyDelete
  20. ඒකනම් ඇත්ත... ඒත් බං බස් වර්ග වර්ග තියන එකනේ කේස් 1

    ReplyDelete
  21. වර්ග ගණන් ගන්න එපා.. කොයි බස් එකෙ‍නුත් වෙන්නේ එකම දේ.. ජීවිතේ ලස්සනටම ගමන යන්න පුලුවන් බස් එක තොරගන්න එකයි ඇත්තේ.. ඒත් නවත්තන්නේ නැතිව ගිය බස් එකක් වෙනුවෙන් උඹ බලන් ඉදලා වැඩක් නෑ..

    ReplyDelete
  22. ඒකනම් ඇත්ත බං.... ඒත් පොඩි බස් එකක් ඕන කරලා තියෙද්දි ලොකු කැඩිච්ච Tourist බස් එකක් හම්බුනාම කොහොමට හිටීද...? යන්නද එපාද කියන කේස් එක එනවනෙ... ඒත් හිතන්නේ නැතුව මං ඒකෙ නැග්ගා මගක් ගිහින් මාව දාල ගියානෙ බං බස් එක අනාතයි දැන් ආයෙත් පාරට වැ‍ටුනා....

    ReplyDelete