Wednesday 19 January 2011

3D Tv (Without Glass)

2010 මුල් කාලදි රූපවාහිනී නිශ්පාදකයන් විසින් 3D රූපවාහිනී ලොවට හදුන්වා දුන්නත් එම රූපවාහිනී නැරබීමට විශේශයෙන් සකසන ලද ඇස්  කන්නඩි යුගලයක් පැලදීමට අවශ්‍ය වුනා


නමුත් මෙම කන්නඩි පැලද රූපවාහිනිය නැරබීම නරබන්නන්ගෙන් 50% පමන කරදරකාරි අත්දැකීමක් උන නිසා රූපවාහිනී නිශ්පාදකයන් කන්නඩි පැලදීමකින් තොරව 3D රූප නැරබිය හැකි රූපවාහිනී තිර නිශ්පාදනයට පෙලබුනා

එසේ නිර්මානය කර පලමු වරට එලිදක්වපු 3D තිරය සහිත උපකරනය වුනේ 2010 පෙබ්‍රවාරි මස එලිදක්වපු Nintendo 3DS ක්‍රීඩා උපකරනයයි



Nitendo ක්‍රීඩා උපකරනයේ තිරය වරකට එකම රූපය කෝන 2කින් පෙන්වනට හැකි ලෙස නිපදවා තිබෙන අතර එම රූප පෙනෙන කෝනය ඉතාමත් කුඩා පරාසයක පැතිර ඇති නිසා වරකට එක අයෙකුට පමනක් 3D ගුනය සහිත රූප පෙනෙයි මෙය යම් තරමකට සාර්තකත්වයක් පෙන්වුවත් එම තාක්ශනය රූපවාහිනී තිර වලට යොදා ගැනීමේ නොහැකියාවක් තියනවා(මොකද එක පාරකට එකෙකුට වඩා TV බලනවනෙ).

නමුත් මෙම සතිය තුල Glass Free 3D Tv තාක්ශනයේ යම් වෙනසක් සිදුඋනා... ඒ 2011 CES ප්‍රදර්ශනයේදී iPont International ආයතනය 5 දෙනකුට එක විට නැරබිය හැකි 3D  තිරයක් (140 cm)  ආදර්ශනය කර පෙන්වීමට සමත් වීමෙන් (3D Tv)

නමුත් මෙම රූපවාහිනියේ ඇති දෝශයක් ලෙස තිරයේ දීප්තිය මදි කම දැක්විය හැකියි  
කෙසේ උවත් ඉතාමත් ඉක්මනින් අපිට කන්නඩි නොදා 3D TV බලන්න නම් හම්බෙයි වගේ...


සැ.යු.- අපිට 3D රූප පෙනෙනේ අපේ ඇස් 2ට එකම රූපය දෙයාකාරයකට පෙන්වීමෙනි... 


වැරදි ඇතොත් කමා කර නිවැරදි කරන ලෙස ඉල්ලමි


5 comments:

  1. elaz
    ඇවිත් ගියාට තැන්ක්ස් කිවුව ඔන්න

    ReplyDelete
  2. ස්තූත්යි රොකියො ඇවිත් ගියාට

    ReplyDelete
  3. mama oyage site eka join wune danui ahamben oyage site ekata awe wenasak.blogspot.com kiyala blog ekak mata hadanna puluwanda kiyala balanna, eth eta essallan oya ekak hadalane anyway i like this site vry mama balaporoththu wunu wenasak oya me site eke karala thiyenawa n mama godak thrill wuna ur design n developing way of this site i think its pretty enough to ur effort, thnks a lot hv great times..... sihan

    ReplyDelete