Monday 31 January 2011

සුරඟන ඇස් 01



හොදටම පරක්කු වෙලා... නැගිට්ට ගමන් හදිස්සියෙ ඇදගෙන ලෑස්ති උනා මිසක් ගත්තේ මොනාද කියලවත් මතකත් නෑ... 
නියමයි  විනාඩි 20න් Ground 1ට යන්න වෙනවා දැන් නම් රොකට් දාල තමයි යන්න වෙන්නේ... ට්‍රෑම් 1ක් එනකන් හිටියොත් නම් කෝචා මාව මරාගෙන කයි පුලුවන් ඉක්මනට දුවගෙන යනවා  "රෑ තිස්සේ club ගානේ ගිහින් පිස්සු නටනවට හොද පාඩං" දුවන ගමන් මම සිතුවෙමි එහෙත් එය මා මටම කියාගත් කීවෙනි පාරදැයි මටම මතක නැත..

නොසිතූ මොහොතක පාරට පැමිනී ඒ ඇඟේ වේගයෙන් පැමිනි මා හැපුනි එයින් ඇය තරමක් දුර විසිවී ගොස් බිම වැ‍ටුනි
Shit කවුද පාරට පැන්න බූරුවා... "මොනා උනත් මගේනෙ වැ‍රැද්ද" විසිවී ගිය පොත් අහුලන ගමන් සිතුවෙමි..  හොද වෙලාවට Winter 1 වුනේ නැත්නම් මා පැමිනි වේගෙට ඇඟේ කිලෝ 1ක්ම පාරට පූජා කරන්න තමයි වෙන්නේ... වරදට සමාවගැනීමට හිත නොදෙන නමුත් පාන්දරම මේ වගේ වැඩක් කරලා සමාව නොගෙන සිටීම ඊටත් වඩා වැරද්දකි

සමාවෙන්න... මා සමාව අයදින විට ඒ නෙත් තරහෙන් පුපුරමින්  අතේ තිබූ ඇගේ පොත් උදුරා ගනීද්දී ඒ නෙත් මගේ ඇස් හා ගැ‍ටුනි... "මා ජීවිතයේ පලවෙනි වරට කෙල්ලකගේ ඇස් වලට වශී වීමි... ඒ ඇස්...." මා පුදුම වී ඒ නෙත් දිහා බලාගෙන සිටින ඇය මට වචනයකින්වත් නොබැන ඇගෙ ගමන යන්නට විය..

............................................................................................

ක්‍රිස්ටීන් මොන ලෝකෙද තමුසෙ ඉන්නේ....?
ආ.... සමාවෙන්න සර්...
සමාවෙන්න.... සමාව ඉල්ලන්නයි සෙල්ලම් කරන්නයි 2ක් බෑ බෝලෙ කකුල ලගටම එනකන් ඇස් කොහෙ තියන්ද බලාගෙන උන්නේ.... "නියමයි මං මෙච්චර වෙලා පිට්ටනියෙ එක තැන හිටගෙනද ඉදල තියෙන්නේ?" 
"මෙතෙක් කල් කන්ඩායමේ හොදම ක්‍රීඩකයා වෙලා හිටපු මං අද දවසට කොපමන් බැනුම් අහුවාද...? " 
"ඔක්කොටම වග කියන්න ඕන ඒ ඇස් දෙක තමයි.. මෙච්චර කල් හොදට හිටපු මට මොනා කලාද මංදා" මා මටම කියාගනිමින් ගොස් බංකුවෙන් වාඩි වී නැවත ඒ ලස්සන ඇස් මත කරන්නට වීමි

10 comments:

  1. අනිත් දවසේ පාරේ යද්දි කණ්නාඩි දෙකක් දාන් යන්න හරිද.....ක්ල්බ් ගානේ ගිහින් ආවාට පාරේ ඉන්න මේලීසා ලා මොනා කරන්නද.... :P

    ReplyDelete
  2. හැබැයි ක්‍රීෂ්ගේ මොලේ කචල් කළ එකට මෙලීසා වඟ කියන්න ඕනි.. පව් කෝච්ගෙන් දවසෙම බැනුම් අහලා... :( :P

    ReplyDelete
  3. මම මේක කියවන්නේ නෑ...ඔක්කොම ලියපන්,,..ඊට පස්සේ ඔක්කොම කියවනවා...මට කතාවේ කොටසක් කියවලා අනිත් එක එනකල් බලන් ඉන්න බෑ බන්..කොටින්ම මම පත්තර වල තියෙන කතා කියවන්නේ නෑ...බලන් ඉන්න බෑ නේ බොලේ සතියක්...ඉවසන්නේ කෝමෙයි ඊලගට මක්ක වෙනවද කියලා දන්නේ නැතුව.... x(

    ReplyDelete
  4. අනෙ රත්ග්මයෝ එහෙනම් උබට තව් මාසයක් විතර බලාගෙන ඉන්න වෙයි කමක් නැද්ද?
    @ චතුවා- ඕක ඉතින් මම නම් දනෙන නෑ බං....

    ReplyDelete
  5. එළ එළ. කමෙ‍ටු දානව අඩු උනත් හැමදාම බලනවා

    ReplyDelete
  6. හ්ම්ම්...ලස්සන කතාවක ආරම්භයක් වගේ. මොනව උනත් පව් වැඩේ ටීම් එකට වෙන්න යන්නේ. හොඳ ක්‍රීඩකයෙක් නැති වෙනවනෙ.

    ReplyDelete
  7. :/ හ්ම්.... බලමුකෝ මොකද වෙන්නේ කියලා......

    ReplyDelete
  8. ඔයා ලස්සනට ලියලනෙ,ඇත්තටම අනිත් කොටස එනකන් බලන් ඉන්නෙ

    ReplyDelete
  9. බොහොම ස්තූතියි...

    ReplyDelete
  10. @ චතුවා: ඒකනම් ඇත්ත බං...

    ReplyDelete