නියමයි විනාඩි 20න් Ground 1ට යන්න වෙනවා දැන් නම් රොකට් දාල තමයි යන්න වෙන්නේ... ට්රෑම් 1ක් එනකන් හිටියොත් නම් කෝචා මාව මරාගෙන කයි පුලුවන් ඉක්මනට දුවගෙන යනවා "රෑ තිස්සේ club ගානේ ගිහින් පිස්සු නටනවට හොද පාඩං" දුවන ගමන් මම සිතුවෙමි එහෙත් එය මා මටම කියාගත් කීවෙනි පාරදැයි මටම මතක නැත..
නොසිතූ මොහොතක පාරට පැමිනී ඒ ඇඟේ වේගයෙන් පැමිනි මා හැපුනි එයින් ඇය තරමක් දුර විසිවී ගොස් බිම වැටුනි
Shit කවුද පාරට පැන්න බූරුවා... "මොනා උනත් මගේනෙ වැරැද්ද" විසිවී ගිය පොත් අහුලන ගමන් සිතුවෙමි.. හොද වෙලාවට Winter 1 වුනේ නැත්නම් මා පැමිනි වේගෙට ඇඟේ කිලෝ 1ක්ම පාරට පූජා කරන්න තමයි වෙන්නේ... වරදට සමාවගැනීමට හිත නොදෙන නමුත් පාන්දරම මේ වගේ වැඩක් කරලා සමාව නොගෙන සිටීම ඊටත් වඩා වැරද්දකි
සමාවෙන්න... මා සමාව අයදින විට ඒ නෙත් තරහෙන් පුපුරමින් අතේ තිබූ ඇගේ පොත් උදුරා ගනීද්දී ඒ නෙත් මගේ ඇස් හා ගැටුනි... "මා ජීවිතයේ පලවෙනි වරට කෙල්ලකගේ ඇස් වලට වශී වීමි... ඒ ඇස්...." මා පුදුම වී ඒ නෙත් දිහා බලාගෙන සිටින ඇය මට වචනයකින්වත් නොබැන ඇගෙ ගමන යන්නට විය..
............................................................................................
ක්රිස්ටීන් මොන ලෝකෙද තමුසෙ ඉන්නේ....?
ආ.... සමාවෙන්න සර්...
සමාවෙන්න.... සමාව ඉල්ලන්නයි සෙල්ලම් කරන්නයි 2ක් බෑ බෝලෙ කකුල ලගටම එනකන් ඇස් කොහෙ තියන්ද බලාගෙන උන්නේ.... "නියමයි මං මෙච්චර වෙලා පිට්ටනියෙ එක තැන හිටගෙනද ඉදල තියෙන්නේ?"
"මෙතෙක් කල් කන්ඩායමේ හොදම ක්රීඩකයා වෙලා හිටපු මං අද දවසට කොපමන් බැනුම් අහුවාද...? "
"ඔක්කොටම වග කියන්න ඕන ඒ ඇස් දෙක තමයි.. මෙච්චර කල් හොදට හිටපු මට මොනා කලාද මංදා" මා මටම කියාගනිමින් ගොස් බංකුවෙන් වාඩි වී නැවත ඒ ලස්සන ඇස් මත කරන්නට වීමි