Thursday 8 September 2011

පරාජය

ජීවිතය කවදාවත් අපි කැමති දේවල් අපිට දෙන්නේ නෑ
අපි ජිවත් වෙන්න ඕන නම් අපිට ඕන කරන දේවල් අපි ලබාගන්න ඕන
අපිට ඕන විදිහට
ජීවිතයේදී වැටීම් එමටයි 
වැටුන විට හැම දෙයක්ම අත අරිනවනම් 
එතනයි අපි පරදින්නේ
පරාජය කියන්නේ අපි අන්තිමයා වීමවත් 
අපිට දිනන්න බැරි වීමවත් නෙවෙයි
පරාජය කියන්නේ ජිවිතයෙන් පැනයාම
පරාජය කියන්නේ වැටුන විට හැම දෙයක්ම අත ඇරීම
වැටුන විට නැගිටින්න පුළුවන් නම්
අපි හැමෝම ජයග්‍රාහකයෝ 

පරාජය කියලා දෙයක් නෑ,
අපිට පුළුවන් නම් වැටුන විට නැගිටින්න 
හැමදෙයක්ම වැරදියට වෙද්දී අපිට නිවැරදි වෙන්න 



7 comments:

  1. ජීවිතයේදි අපි කැමති දේවල් ලැබෙන්නේ නැත්නම් ලබෙන දේට කමති වෙන කතමයි මගේ න්‍යාය !!!

    ReplyDelete
  2. ඉතාමත්ම වටිනා අදහසක්. මේ වීඩියෝ එක බලල ඇස් දෙකට කඳුලුත් ආවා....

    කොට ජීවිතේ

    ReplyDelete
  3. කියන්න බැරි තරම් කතා ගොඩක් මේ වීඩියෝ එක ඇතුලෙ තියනව බං. කලින් දැකල තියනව, ඒත් ආයෙත් ඇස් දෙක බොඳ වුනා.

    ReplyDelete
  4. මධුරංග අයියා: එකත් හොදයි ඒත් හැම දේටම එහෙම කරන්න අමාරුයි නේ...?

    කො.ජී. අක්කා: නම වෙනස් වෙලා මොකද? හ්ම්... ඒක නම ඇත්ත.... හැමෝටම මෙහෙම කරන්න පුළුවන් නම මේ ලෝකේ මෙයිට වඩා ගොඩක් වෙනස් වෙන්න ගියා...

    කසුන්: හ්ම්.... මුලින්ම මේක දැක්ක වෙලාවේ මටත් නිකන් පිස්සු වගේ... මාර විදිහට හිතට වදිනවා මේ කතාවනම්....

    ReplyDelete
  5. When you don't give up, You cannot Fail :)
    Wish i was there to applause him

    ReplyDelete
  6. වචනයෙන් කියන්න බැරි ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් කියවෙනවා යාළුවා.. කවියත් ඒ වගේම ලස්සනයි...

    ReplyDelete
  7. හිතේ හයිය හැමදේකටම වඩා වටිනවා

    ReplyDelete