Wednesday 27 July 2011

නොකියමි නුඹ කවුරුන්ද යන වග



විදියේ පහන යට
එන තෙක් ඔහු 
ඉදී ඔබ බලාන 
දෙන්නට අහරක් 
කුසගිනි වූ "ඔහුට" 
අත පය පන නැති උනත් 
අත නොහරී නුඹ 
එලිය වැටුන විට 
ලැබුවත් ගැරහුම්
අදුරු ලොව තුල 
රැජිනියකි...
විකුණුවත් නුඹ නුබවම 
නැත කහටක් නුඹේ හිතේ 
වැරැද්ද නුඹෙද?
නුඹ ගැන ලියු මගේද?
නැතිනම් පහස ලබා 
නුඹටම ගරහන 
උන්ගේද? 

12 comments:

  1. අපි කතා කරන්න ඕනේ මාතෘකාවක් ඕක... ඒත් අපි කතා නොකරන්නෙත් ඔය දේ ගැනම තමයි.

    දේව්දාස්

    ReplyDelete
  2. mAmA hithAnA EkAmAdhA 0yA liyAlA thiyEnnE ? mAtA tikAk thErEnAwA mAdhi wAgEh 0i . . .

    * AAh mEh , 0yA thiyEnnE link EkA klik kArAAmA yAnnE pr0filE EkAkAtA . . mAmAth bAyA UnAA mAAwA hAk kArAlAdhA kiyAlAwAth :O

    EhEmA lEsiyEn hAk kArAnnA pUluwAn mAnuzzAy0dhA 0i Api :D

    mAgE mAchinE EkA f0rmAt kArAAtA pAssE ArA Qsf0x EkA dhAAgAnnA bAruwA oi innE .. :( sinhAlEn tyf kArAnnA bAh dAn . . m0nAAhAri kArAnAwA , K ? gUd nYt !!!

    # 0riginAl wild kAt wAz hErE - pEAzE !

    ReplyDelete
  3. හරි හරි ඕයි.... මගේ මේල් එකාට පිස්සු හැදිලා ඒකයි පොඩි කේස් එකක් ගිහින් තියෙන්නේ....

    දේව්දාස්: කතා කරන්න ගිහින් ගල් පාරවල් වදීද දන්නේ නෑ නෙ?

    ReplyDelete
  4. ඔව් එකනේ අපි කව්රුත් කතා කරන්න බය... ඒත් මේවා මේ සමාජය විසින් කතා කරන්න ඕනෙ දේවල්... ඒත් අපි හැමෝම සුදු හුණු ගාගෙන ඔවුන්ව සමාජයෙන් කොන් කරනවා...

    දේව්දාස්

    ReplyDelete
  5. ලස්සන පද පෙලක්. කියලා තියෙන්නෙත් ඇත්ත...
    ඒත් මොකද මේ හිටපු ගමන්????

    ReplyDelete
  6. දේව්දාස්: ඒකනම් වැරදී තමා....

    පො.කු. අක්කා: හිටපු ගමන් කියන්නේ? හිතුනා ලිවුවා එච්චරයි

    ReplyDelete
  7. කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ..

    ReplyDelete
  8. අද තමයි මම මේකට ගොඩ වැදුනේ....
    නියම අදහසක් නේ බොල....

    ReplyDelete
  9. පිනිබිදු අක්කා: හ්ම්.... ඒකනම් ඇත්ත....

    මී හරක් පීඩියා: ස්තූතියි ආ....

    ReplyDelete
  10. හොද වැදගත් මාතෘකාවක් මාලන් අයියා...එක ඇත්ත..එලියෙදි ගැරහුම්.අදුරේදි ඇ රැජිනක්..

    ReplyDelete
  11. ලස්සන පද පෙලක්...

    ReplyDelete
  12. නිම්ශා: හ්ම්....

    තාරා: ස්තූතියි ආ...

    ReplyDelete