Friday 22 July 2011

ලොවි ගහ

හිදිමි මම තවම
ලොවි ගහ යට ඉඳ
එන තෙක් නොව නුඹ
වැටෙන තෙක් රතු ලොවි ගෙඩිය 

කඩන්ට මට බැරිය 
උසයි ගස හයිය නැත 
ඉතින් ඉදිමි මම
වැටෙන තෙක් මගේ ලොවි ගෙඩිය 


දැන් නම් බයයි මට
වටව ඇත කොලු රැල 
ගෙනියයිද මුන්ටික 
මගේ පුංචි රතු ලොවි ගෙඩිය 

4 comments:

  1. ලොවෙත් නැ..
    ගහ මුලත් නැ..
    ලෝක වෙලද පොලෙත් නැ
    උඹේ ඔය "කියන"
    ලොවි ගෙඩිය

    ReplyDelete
  2. සිරාවට බං මම තාම හොයනවා...
    වැටුන තැනකුත් නෑ
    අහුලගත්ත එකෙකුත් නෑ බං :D

    ReplyDelete
  3. දෙයියනේ එහෙනම් වෙන ගෙඩියක් හොයා ගනින්කො, ඔය ලොවි ගෙඩියක් මත්තෙම නැහෙන්නෙ.

    ReplyDelete
  4. පොඩි පුතා ලොවි ඇහින්දා වගේ කියන්නේ කට කහනවටයෑ :පී

    ReplyDelete