Wednesday 13 July 2011

"උඹට සුභ උපන්දිනක් මිලර්"


කුමක් කියන්නද කුමක් ලියන්නද

කියා හිතාගන්නත් බෑ...

අවුරුද්දකට පෙර උඹට
උඹේ උපන්දිනට සුභ පැතුවා මතකයි
එත් අද?
නුඹ කොහිද?
හිතාගන්නත් බැරි වෙන්වීමක 
දුකක් හිතේ දගලනවා

අද 
සුභ පතන්නට නුඹ නෑ..
අද
විහිලු කරන්න නුඹ නෑ...
අද
විනෝද වෙන්න නුඹ නෑ...
අද 
අපි විතරයි..

උඹේ හිනාවේ මතකය විතරයි..
උඹ කරපු විහිළුවල මතකය විතරයි... 
උඹේ මතකයන් විතරයි...
අපි අද තනියෙන් උඹ නැතුව...
මොනා උනත් 

"උඹට සුභ උපන්දිනක් මිලර්"

5 comments:

  1. අප්පච්චියෝ මිලර්ගේ උපන්දිනේ අදද ? මොන හිතකින් සුබ උපන්දිනයක් කියලා පතන්නද මල්ලි. උබට සමිදුන් තුල නිත්‍ය සැතපීම පතන්නම් !!

    ReplyDelete
  2. මරණය දුකක් වෙන්නෙ ජීවත් වන අයට.

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  4. හ්ම්..

    ReplyDelete