Sunday 10 July 2011

හිස්...


හිතත් හිස්
හිතුවිලිත් හැරදමා ඇත මාව 
ගතත් හිස් 
ජීවිතය හැරදමා ඇත මාව
මමත් හිස්
මම කොහෙද දන්නේ නෑ මම තාම 
කුමක් මා කරන්නද 
හිතාගනු බෑ තාම
   

14 comments:

  1. හිස් වු ජිවිතයකට ..
    හොයන්න ට පොදි බැදන්..
    පැතුම් පොදි බැදන්..
    බලාපොරොත්තු හිත් දරන්..
    නොවේ කිසි දින හිස් බවක්..

    ReplyDelete
  2. මේ දවස්වල මාත් හිස් කරන්න කිසිම දෙයක් නෑ.

    ReplyDelete
  3. නිම්ශා නංගි:
    පැතූ පැතුම් බොදව යද්දි
    බලාපොරොත්තු බිද වැටෙද්දී
    මැවූ හීන විසිර යද්දී
    එතැන හිස් බව
    රජයනවා නේද?

    මධුරංග අයියා: ටික කාලෙකින් හරි යයි

    ReplyDelete
  4. හිස් බවට හුරු වෙනවා ඇරෙන්න ආයේ වෙන මොනා කරන්නද ? මම හිස් වුණේ දැන් වසර ගනනාවකට පෙර ..

    ReplyDelete
  5. එහෙම හිතන්න එපා ඕයි . . ටිකක් විතරවත් ධනාත්මකව හිතමු නේ ද ? අලුත් දෙයක් මොනාහරි කරනවා . . අඟහරුවාදා යන් අරහේ . . එතකොට ඔය ගතිය ඇරිලා යයි . කොහොමත් එතෙන්ට ගියාම ඉන්න තැනත් අමතක වෙනවනෙ උන් කියන ඒවටයි කරන ඒවටයි , හක හක :ඩී

    ReplyDelete
  6. දැන්නේ දැක්කේ . හොඳ වෙලාවට මගෙ ටී ෆිෆ්ටි සික්ස් එකේ බුලට් ඉවරයි . නැත්තන් කොළවෙනි පමෙන්ට් එකේ අයිතිකාරයට තියනවා ලොවෙත් නැතිවෙන්න . හ්ම්ම්ම්ම්ම් , අයියෝ සල්ලිහ්හ්හ්හ්හ් !!!!

    ReplyDelete
  7. සඳරු අයියා: අපොයි එහෙම හිස් වෙන්න බෑ නොවෑ..

    දිල්ශාන් අයියා1: ආයෙත් අහලා.... [මම අද අම්මගෙන් අහන්නම්කෝ]

    දිල්ශාන් අයියා2: ඉවසන දනා රුපු යුදයට ජයකොඩියෙන් කිරි කෑවා වගේයි

    ReplyDelete
  8. ඉවසන දනා: ඔව් තව ටික කලක් ඉමු... නැත්නම් ගහෙන් වැටුනු මිනිහට උදවු කරන්න ගිය එකාට යුද්දෙට නැති කඩුවෙන් කෙටුවා වගෙ තියෙයි

    ReplyDelete
  9. ඔය එක එක මල විකාර වලින් පිරිල තියෙනවට වඩා හිස් වෙන එක හොදනැද්ද ? ෂික් මගේ හිත ඔහොම හිස් වෙන්නෙ නෑනෙ :-/

    ReplyDelete
  10. පිරිච්ච ජීවිතයකට වඩා හිස් ජීවිතයක් කොච්චර හොදද මල්ලි.හිස් නම් ඒ ජීවිතේ,ඒ සිතුවිලි පුරව ගන්න හරි පුලුවන්. පිරිච්ච ජීවිතයකට මොනාද කරන්න පුලුවන්?මුකුත්ම නෑ ඒක පිරිල ඉවරයි..

    ReplyDelete
  11. පිරිච්ච ජීවිතයකට වඩා හිස් ජීවිතයක් කොච්චර හොදද මල්ලි.හිස් නම් ඒ ජීවිතේ,ඒ සිතුවිලි පුරව ගන්න හරි පුලුවන්. පිරිච්ච ජීවිතයකට මොනාද කරන්න පුලුවන්?මුකුත්ම නෑ ඒක පිරිල ඉවරයි..

    ReplyDelete
  12. වෙලාවකට නම් හිස් වෙන එක හොඳයි. එතකොට රිදෙන්නවත් හිතේ මුකුත්ම නෑනෙ.

    ReplyDelete
  13. පොඩි මෑන්/පිටස්තරී අක්ක/පිණිබිඳු අක්කා: ස්තූතියි ආ කමෙන්ටු වලට... අපි බලමුකෝ මොනා වෙයිද කියලා

    ReplyDelete