Tuesday 5 July 2011

මෝඩයා



පසක ගිනි අවුළුව 
උරයි නුඹ දුම් 
පිබියි අහසට 
ඉරු දුම් පොද 

හිතම ගිනි ගනී 
උරන විට නුඹ දුම්  
අඬයි නුඹේ දරුවන් 
බඩගින්න දැනී 

නොතෙරේද මේ අරුම 
උරන්නේ නුඹ තවම 
කිසිම වැදගැම්මකට නැති 
මෝඩයාගේ දුම් වැටිය 

5 comments:

  1. මේක ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න බැරි ඇයි කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
  2. රජයේ අවවාදය දුම් බීම පිලිකා ඇති කරයි ලු... ලංකාවේ තහනම් කරන්නත් බෑ ලු ...

    ReplyDelete
  3. දුම් වැටි පාවිච්චි කරේ සීතල රටවල මිනිස්සුන්ගෙ සීතල නැති කරගන්නලු. මේ පට්ට අවුවේ කර වෙවී මොන එහෙකට අපේ උන් දුම් උරනවද මන්දා.

    ReplyDelete
  4. මෙහෙ සිගරට් පෙට්ටි වල පෙනහළු දියවෙච්ච භයංකාර පින්තූර දාන්න යනවා. දුම්වැටියක මිල ඉහළ වීම උරන්නාගේ ඉල්ලුම දිහා බැලුවම විහිළුවක්. මොනා කළත් උරන එක නවතන්න බැරි වේවි. තහනම් කළොත් හොරෙන් කරයි.

    හුරුවට වහල් වූ මිනිසා අවබෝධයට කැමති නැහැ.

    ReplyDelete
  5. විනාඩියක දෙකක සතුටක් වෙනුවෙන් ජීවිතයම කෙටි කරගන්නා මෝඩයන්....

    ReplyDelete