Monday 4 July 2011

නැගණියේ


උදේ පාන්දර
ඉර පායපු ගමන් 
වලාකුලක්වත් නැතුව 
කුඩේකුත් ඉහලන් 
සුදු ගවුමක් ඇදන්
ෆෝන් එක අතට අරන් 
පණිවිඩයක් කොටමින් 
යයි නුඹ හිමින් 
යන්නේ ඉගැනුමටනම්
ජංගමයක් කුමකටද
අවුවත් නැත්නම් වැස්සත් නැත්නම් 
කුඩයක් කුමකටද 
කාව රවටන්නද
කාට පෙනෙන්නද 
කුමක් කරන්නද 
නුඹ සැරසෙන්නේ 
"නැගණියේ"

14 comments:

  1. විසිරුණු පෙති යලි මලක් නොවේ බොලඳී...

    ReplyDelete
  2. ඕක තමා ඉතින් ස්වාභාවය....

    ReplyDelete
  3. පොඩි ෆලෝ පාරක් දීලා බැලුවනම් වැඩේ මොකද්ද කියලා අල්ලගන්න පුලුවන් !!!

    ReplyDelete
  4. පිණිබිඳු අක්කා: ඒකනම් ඇත්ත...

    හපා: ඒකත් ඇත්ත.. ඒත් එහෙමයි කියලා නිකන් ඉන්නත් බෑනෙ නේ..?

    මධුරංග අයියා: හි හී මගේ නංගි උනානම් ෆලෝ පාරකුයි කනේ පාරකුයි දෙකක්ම හම්බෙනව ඔන්න

    ReplyDelete
  5. ape pattheth ohoma un hugak innawa ban ;) api nam owwa hoyanna yan na nikan mokatada tinkiri ga ganne ubath parissamin hitu uppannekata nama denna wei :P

    ReplyDelete
  6. හි හී :D මනංකල්පිතයි කියලා තමයි ලියලා තියෙන්නේ ඔන්න...

    ReplyDelete
  7. අද බස් එකේ යනකොටත් ඔය වගේ සීන් එකක් උනා.ඒ කෙල්ල phone එකේ මැසෙජ් කොටනවා කොටනවා දිගටහරහට.එකපාරටම බස් කාරයා ගැහුවෙ නැතෑ බ්‍රේක් පාරක්.දඩිං බිඩිං දොඩං තමා.කොන්දා හොදට දෙහි කැපුවා......

    ReplyDelete
  8. රතුයි සුදුයි ටයි එකක් නේද බන් ???

    ReplyDelete
  9. උබට පොඩ්ඩක් විතර වැරදුනා බං,,, නිලුයි සුදුයි ටයි එකක්.... :D

    ReplyDelete
  10. :-o දැන් ඒකේ නංගිලත් එහෙමද බන් ???

    ReplyDelete
  11. මනංකල්පිතයි kiyanne ubata hodatama related kiyana eka api nodanna chess :P

    ReplyDelete
  12. ඒ යන්නේ අයියා කෙනෙක්ව හම්බ වෙන්න වෙන්නැති !

    ReplyDelete
  13. කොසා පද හදන්න එෆා බං...

    සඳරු අයියා: වෙන්න ඇති නේ...?

    ReplyDelete
  14. පැන්ඩා: ඔව් බං

    ReplyDelete