Sunday 12 June 2011

Leadership training camp - part 1

දැන් අපි බලමු අපිට මොනාද කලේ කියල... 

පළවෙනියටම  PT  ගැන බලමුකෝ... 

මුලික අරමුණ නිරෝගිමත් ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කාරන එක. ඒ අතර තුර වෙලාවට වැඩ කිරීම දරාගැනීමේ හැකියාව වැඩි කිරීම වගේ දේවලුත් තිබ්බ. අනිත් දේ තමයි කම්මැලි කම නැති කරන එක මොකද පාන්දරම නැගිටලා 6 වෙද්දෙ  PT වලට යන්න ඕන. ගියේ නෑ කියලා බනින්නේ නම් නෑ එත් අපිට උගන්නන උපදේශක වරුන්ට බනිනවා. ඉතින් වෙන යට බැනුම් අස්සවන්නේ නැතුව වෙලාවට යන්න පුරුදු වුන.

දෙවනියට ඝන සරඹ ගැන බලමු 

මේකෙදි අපගේ එදිනෙද ජිවිතයට කෙලින්ම බලපෑමක් නැතත් වෙලාවට වැඩ කිරීම කණ්ඩායමක් ලෙස එකියව සිටීම කණ්ඩායමක් ලෙස එම කණ්ඩායමේ නායකයාගේ අණට කීකරු වීම වගේම දරාගැනීමේ හැකියාවත් ඇහුන්කන් දීමේ මෙන්ම හොදින් ග්‍රහණය කිරීමේ හැකියාවත් පුරුදු වෙනවා. 

තුන් වෙනියට ප්‍රතමදාර ගැන බලමු 
නායකයකු ලෙස සමාජයේ තැනක් ඇති පුරවැසියෙකු ලෙස අපි දැනගත යුතු මුලිකම ප්‍රතමාදාර ඉගැන්නුවා.. මේකනම් අනිවාර්යෙන් වටිනවා මොකද හදිස්සියකදී අපිට ගොඩක් උපකාරී වෙනවා හින්දා. තව මේකෙදි අපිට හදිස්සි අවස්ථාවකදී තීරණ ගන්නේ කොමද කියලත් උගන්නනවා. කලබල නොවී සිටින්නත් උගන්නනවා 

හතර වෙනියට කණ්ඩායම් ක්‍රියාකාරකම් 

මේකෙදි කණ්ඩායමක් ලෙස එකමුතුව දෙනලද කාලයක් තුල අදාල වැඩක් නිම කිරීම මෙන්ම කණ්ඩායමක් ලෙස හැමෝගෙම මතයන්ට ඇහුන්කන් දෙන්න උගන්නනවා.. එක ජිවිතයට ගොඩක් වටිනවා.
මේකෙදි අපිට කරන්න තිබ්බ ආසම දෙවක් දෙක තමයි කණ්ඩායමක් ලෙස කන්දක් තරණය කිරීම දහවල් ආහාරය පිළියෙළ කර ගැනීම 
තව කණ්ඩායම් නාට්‍යක් ඉදිරිපත් කිරීම මඩේ එරුන වාහනයක් ගොඩ ගැනීම හදිස්සි අවස්ථාවකදී කණ්ඩායමක් ලෙස තීරණ ගැනීම වගේ දේවල්. තව දරාගැනීමේ පා ගමන මේ ගමන 5km  වගේ වුනාට අපිනම් ක් විතර ගිය මේකනම් කණ්ඩායමක් ලෙස ගොඩක් ෆන් එකක් ගන්න පුළුවන්. විශේෂයෙන් කොල්ලෝ විතරක් ඉන්න කෑම්ප් එකක නම් කෙල්ලෝ බලන්න තියන හොදම චාන්ස් එක පුලුවන්නම් ඉස්සරහටම යන්න කොඩිය ගෙනියන්න පුලුවන්නම් ගොඩක් හොදි. එතකොටනම් කෙල්ලෝ අපි දිහා හොදට බලනවා. තව හොදට කා ගගහ යන්න එතකොට තමයි නියම ෆන් එක තියෙන්නේ මේ කොටසට තමයි මන් හුගක් ආසයි

ඊට පස්සේ ඉතින් දේශනා තමයි. දේශනා ගැන දැනගන්න ඕනනම් කමෙන්ට් එකක් දන්නා. මන් ඒවා ගැන කියන්නම්. 
තව අමතක වුන මොනාහරි කරුණක් තියනවනම් මන් ඒ ගැන පස්සේ දාන්නම්... 

දැනට නවතිනවා...

පහලගමදී ලියු කවි සමග හමුවන්න
මම marlan 

10 comments:

  1. ඕං දැම්මා comment එකක්.... දේශනා ගැනත් කියන්න...

    ReplyDelete
  2. ඒකියන්නේ වැඩේ නැගලා ගිහින් නේ, පෝස්ට් එක දැම්ම එක හොදයි කාගෙත් ඇස් ඇරෙන්නෙ.

    ReplyDelete
  3. මෙහෙම ඇත්ත ඇති සැටියෙන් දාපු එක නම් හොඳයි මල්ලි. හුඟක් අය මේක අර්ථකථනය කලේ නරක දෙයක් විදිහට. බලාගෙන යද්දි හිතපු තරම් යකා කලු නෑ නේ..:)

    ReplyDelete
  4. ධනුශ්ක: මම දාන්නම්...

    කුරේරා: නගල ගිහින්දත් කියල අහනවා...

    පිණිබිඳු අක්කා: පිස්සුද අක්කේ යකෙක් හිටියේ නැනෙ කලුද සුදුද කියලා බලන්න

    ReplyDelete
  5. ඉතිරි ටිකත් ඔක්කොම ඕනි

    ReplyDelete
  6. තව කොටස් 1ක් හරි 2ක් හරි ලියන්න තමයි ඉන්නේ... කෝමහරි 15 වෙන්න කලින් මුලු විස්තරෙම ලියනවා.....

    ReplyDelete
  7. onna ehenam mama post ekak danna onenene.oya dala tiyenne malli ela post ekak.mamanam pt walata godak asai.dril tama podi aula.me dawas 21ta api kochchara athdekim laba gattada?practical gena wediya kiyanna epa.etakota e welawata denena hegema next batch ekata lebenne malli.

    ReplyDelete
  8. හරි එහෙනම් ඔන්න මම බාදක තරනය ගැනයි දේශන ගැනයි විතරක් ලියන්නම්...

    :D මගේ PT ඩාන්ස් එක මන් උඩුගත කරන්නම්කො ලගදීම...

    ReplyDelete
  9. හොදා හොදා......

    ReplyDelete
  10. ඇත්තටම ගොඩක් ආශවෙන් කියවනව,එ නිසා ලියන්න ඔයලා එහෙදි ඉගනගත්ත දෙවල්,,ඔයගෙ අනාගතයට මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete