Saturday 11 June 2011

Future Leaders Training camp


දැන් කට්ටිය කියනවනේ ඔය නායකත්ව පුහුණුව ගැන එක එක කතා... 
මන් දැන් කියන්න යන්නේ මන් හිටිය කෑම්ප් 1 ගැන විස්තර.. සම්පුර්ණ විස්තර මොකද ඔය විස්තර කියන අය කෑම්ප්  1ක් අතුලටවත් ගිහින්ද ඔය විස්තර කියන්නේ කියලා මට සැකයි...

ඔන්න මම කියන්නම් ඇත්තම සිද්දිය... අපි ගියා ගිය මාසේ (මැයි) මාසේ 22 වැනිදා කෑම්ප් 1 ට ගිය දවසෙනම් අත්තටමම බයක් තිබුන මේක මොකක්ද කියල හරියටම දන්නේ නැති හින්දයි පොලිස් විද්‍යාලයකට ගිය හින්දයි .. එත් පලවෙනි දවස ඉවර වෙද්දීම දැනුනා මේක හිතන තරම් නරකක් නෑ කියලා...

ඇත්තටම අපිට කරන්න තිබ්බ අමාරුම වැඩේ තමයි පෙරඩ් එක ඒ ඇරෙන්න එතන කරපු කිසිම දෙයක් නරක නෑ.... ආසාවකින් කරන්න පුළුවන්.. ඇත්තටම එම විද්‍යාලයේ සෑම ගුරුවරයෙක්ම සෑම උපදේශ කරුවෙක්ම අපිට ලොකු සහයෝගයක් දුන්න... අපේම තාත්තලා වගේ අපිව බලාගත්තා අපේම සහෝදරයෝ වගේ අපිත් එක්ක හිටියා අපේම යාළුවො වගේ අපිත් එක්ක සතුටෙන් විහිලු කරා... විශේෂයෙන්ම මතක් කරන්න ඕන පහලගම පොලිස් විද්‍යාලයේ අජිත් ගුරු පියානන්වත් සමරකෝන් ගුරු පියානන්වත් ලාල් ගුරු පියානන්වත් රූපසිංහ ගුරු පියානන්වත් මේ හතර දෙනා අපි කොච්චර පෙරඩ් එක වරද්දුවත් අපිට වචනෙකින්වත් බනින්නේ නැතුව මාරම ඉවසීමකින් පුරුදු කර... 
PT එකනම් මාරු ආසාවෙන් කළා.... එකටත් අර ගුරු මහත්වරුන් මාර සහයෝගයක් දැක්වුව... මට තාමත් මතක් වෙනවා මහන්සියට අපි ඉදගත්තම අපේ මහන්සිය යන්න ලාල් සර් කියන කතා... අපිව හිනස්සන්න එතුමා නොයෙකුත් කතා කිවුවා අපේ මහන්සිය නැති කරන්න....

අනිත් දේ තමයි එතන තිබුන උපදේශන පන්ති... ගොඩක්ම ස්තුති වෙන්න ඕන අපේ පොලිස් පරීක්ෂක මහත්මයට ඇත්තටම සර් අපිට ගොඩක් දේවල් ඉගැන්නුවා ජීවිතය ගැන නායකත්වය ගැන නිතිය ගැන සමාජ සම්බන්දත පවත්වාගෙන යන ආකාරය ගැන මන් නිතිය ගැන උගන්නද්දී ප්‍රශ්නනම් ටිකක් වැඩිපුර ඇහුව තමයි එත් සර්ට ඒවා කරදරයක් උනේ නෑ... ඒ හිනාව මුනේ තියාගෙනම ඒවාට උත්තර දුන්න..... 

තව අපිට තිබුන පා ගමයි කදු නැගීමයි ලස්සනට සංවිදානය කරන්න පහලගම පොලිස් විද්‍යාලයේ oic  සර් මාරම වෙහෙසක් දරුවා එකේ ප්‍රතිපල උපරිමයෙන් අපි වින්දා...

ඇත්තටම මේ කෑම්ප් එක මගේ ජීවිතේට ගොඩක් බලපෑම් කළා ගොඩක් නිශ්ශබ්ද පුද්ගලයෙක් වුන මම 150 ක් පමණ සෙනගක් ඉදිරියේ ගීතයක් ගයනා කළා මගේ ජිවිතේ ප්‍රථම වතාවට. තව කවදාවත් නැතුව මම විවාදෙකට සහබාගි උන... එක නම් 100% සාර්ථක නොවුනත් මන් සතුටු වෙනවා මගේ ඉදිරිපත් කිරීම ගැන. 
මගේ ජිවිතේ ගොඩක් දේවල් වෙනස් කලා... මට හරිම සතුටුයි මන් ගැනම.. කියන්න නම් දෙවක් ගොඩක් තියනවා මම ඒවා පස්සේ කියන්නම් දැනට මේ ඇති... 
දරාගැනීම නම් උපරිමයි දැන් වෙනදා කාර් එකේ ගමනක් ගිහින් ඇවිත් පැයක් විතර නිදාගන්න මම අද බස් එකක 130km පමණ ඇවිල්ලත් තාමත් පියවි තත්වයෙන් ඉන්නවා... 

තව විශේෂයෙන් කියන්න ඕන අපි හිතාගෙන හිටියට පොලිස් නිලදාරියෙක් කියන්නේ මහා සැර පරුෂ පුද්ගලයෙක් කියලා මේ දවස් ටිකට මගේ ඒ හැගීම නැති උනා... විශේෂයෙන්ම අද දවසේදී... අපේ ඇස වලට කදුළු එන්න කලින් අපේම ගුරුවරු කදුළු පිරිච්ච ඇස වලින් අපි දිහා බලාගෙන ඉද්දි ඒ දැනුන වේදනවා වචනයකින් කියලා නිම කරන්න බෑ.. 

මම ගරු කරනවා ඔබලාට විශේෂයෙන් අජිත් සර්ට.... මන් ටිකක් කරදර කලත් වචනෙකින්වත් මට බන්නේ නෑ... 


18 comments:

  1. අපේ නැන්දගේ දුවත් 16 නායකත්ව පුහුණුවට යන්න තමයි ඉන්නේ.නැන්දනම් ටිකක් බයයි ආමි කෑම්ප් අස්සේ ගෑණු ලමයෙක්ව යවන්න.ඒත් අද වෙනකොට අර මුලින් තිබුනු බය නැතිවෙලා ගිහිල්ලා.

    වැඩි විස්තර අහන්න ආසයි බන්.පුලුවන් ඉක්මනට ඒකත් ලියලා දාපන්.

    උබට සුභ අනාගතයක් ! :))

    ReplyDelete
  2. පාල: මචෝ බයවෙන්න දෙයක් නෑ බන්... එතන ගෑනු ලමයින්ව බලාගන්න ඉන්නෙ ගෑනු අයමයි... මෙ වැඩසටහන නම් අනිව යන්න ඕන එකක්.... ගොඩක් වටිනවා ජීවිතේට....

    ReplyDelete
  3. අපිත් කැමතියි ඔයාල එහෙදි මොනවගේ ඇද්දැකීම්ද එකතු කරගත්තෙ කියල දැනගන්න.

    ReplyDelete
  4. මම මේ ලිපිය ලියන්න හිටියෙ ඔය පළවෙනි කණ්ඩායම නායකත්ව පුහුණුවට යන්න කලින්. ඒත් දිලුම් සොහොයුරාගේ හදිසි අභාවය හින්දා මේ ලිපිය ලියන්න පරක්කු වුණා. දැන් වුණත් කමක් නෑ කියවල බලන්න වෙන රටවල් මේ වගේ දේවල් රටේ දියුණුවට යොදාගෙන තියෙන විදිහ

    http://status-chanaka.blogspot.com/2011/05/blog-post_9565.html

    ReplyDelete
  5. එකට නරක ද කක්කා පාරක් දා ගෙන ,,,,,,බොද ම්දුම් ටු ටු ට්ටු ටු ටු සමාවන්න රාත්‍රි බසයට තව ව්නාඩ් 150000000x( =))x( =))x( =)x( =)))

    ReplyDelete
  6. ලොවෙත් එලනේ...මටත් ලියුන් ඇවිත් තියෙනවා 16 එන්ඩ කියලා බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට.....කට්ටිය කියන කතා ඇහුව්වහම මට හෙටම යන්ඩ හිතෙනවා..... MaRLaNට කොහෙද කෑම්ප් තිබුනේ...

    ReplyDelete
  7. අපිට දෙයක් කරන්න කලින් තිරණය කරන්න බෑනේ එක හොදයිද නරකයිද කියලා.. පෙන විදිහට වැඩේ හොදයි වගේ.. තව විස්තර ටිකක් පස්සේ දාන්න.. යන්න ඉන්න අයට ප්‍රයෝජනයක් වේවි..

    ReplyDelete
  8. නලින්: අපිට පහලගම පොලිස් විද්යාලයෙ තිබුනේ....
    මචන් සිරාවට වැඩේ මාරම හොදයි... උබලෑ යාලුවන්ටත් අවිත් අති ඔක්කොම එකටම යමන් එතකොට එකම බිලට් එකකට සෙට් වෙයි... එහෙම උනොත් නම් පට්ට ආතල්....

    දිනේශ්: අනිවාර්යෙන්.... මන් දාන්න තමයි ඉන්නේ අද හරි හෙට හරි ලියනවා....

    ReplyDelete
  9. එල එල.....මම දැන් බඩු සේරම පැක් කොරන් ඉන්නේ.....ඔව්, අපේ ඉස්කොලේ එවුන් 20ක් විතර ඉන්නවා....කට්ටියම එකටම ඇතුලට යන්න තමා ප්ලෑන් කොරන් ඉන්නේ... :D

    ReplyDelete
  10. wede godak hodai....jeewiteta onama deyak oka.eth oke pob wagayak tiyanawa.eka campus giyadakata terei......

    ReplyDelete
  11. නලින්: එහෙනම් එලමයි මචෝ... මතක් කරල සුදු අරෙන්න වෙන බෙඩ් ශීට් 2ක් විතරහත් ගෙනියහන්...

    රොශාන්: ම්... ඒකත් බලමුකෝ..

    ReplyDelete
  12. වෙන දේ හැමෝටම දැන ගන්න දාපු එක හොදයි.
    උඩ පැන්න හැත්තට දැන් වැලි කන්න වෙන්නේ.
    කොයි කැම්පස් ද යන්න ඉන්නේ?
    මේ ආණ්ඩුවට කඩේ යන්න උබලට ඉගැන්නුවද? ඒකටත් උත්තර දෙන්න. ජෙප්පන්ට කෙල වේවා !!!

    ReplyDelete
  13. අඩෝ කෝස් එකේ ආන්ඩුව ගැනවත් දේශපාලනය ගැනවත් කිසිම දෙයක් තිබුනෙ නෑ.. අඩුම තරමේ S.B. ඇවිල්ලවත් ආන්ඩුව මෙහෙමයි කියලා කිවුවෙ නෑ... ඒක හරි නිදහස් බං.. හැමෝටම කරන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනව...

    ReplyDelete
  14. කෑ ගගහ උඩ පැන්න උන්ගෙ රෙදි ගැලවිලා. හිහි පවු වැඩේ.. :))

    ReplyDelete
  15. ඒ විස්තරනම් දන්නේ නෑ... හෙන කේස්ලු නේ කෑම්ප් වල වැඩේ ගැන JVP මාමල පවු අප්පා... :)

    ReplyDelete
  16. ආ ගිහිල්ල ඇවිල්ලම කියන්නම් මල්ලි අපිත්.........

    මේ සැට් එකේ බ්ලොග් ලියන ගෑණු මමයි කවුරුත් ගිහින් නෑ වගේ. ;;)

    ReplyDelete
  17. දැන් තේරෙනවා නේද මල්ලි රු. 7000 ට ගන්න බැරි ගොඩක් දෙවල් මෙතනින් ලැබුණු විත්තිය. සල්ලි ගැන කතා කරනව නම් මල්ලි, ආණ්ඩුවෙන් හැම මාසෙම මහපොළ කියල එකක් දෙනව. නමුත් කියන්න කණගාටුයි මහපොළ අරගෙන සමහරු කරන්නෙ වැටෙන්න ගහන එක (ඒගොල්ලො නම් කියන්නෙ එක්සෑම් ස්ට්‍රෙස් එක යවාගන්න කියල :D ). අන්න ඒ වගේ දේවල් නොවෙන්නත් යම්කිසි ආකල්ප වර්ධනයක් මේ කඳවුරු වලින් වෙනවනම් හොඳයි.

    මල්ලිගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියල සුබ පතනවා!!!

    ReplyDelete
  18. ආ මේ ඉන්නේ තව එකෙක් .... නායක්තව පුහුණුව ඉතාම සාර්ථක බව පේනව උඹ ඒකට කඩේ යන විදිහෙන්ම . බලමුකො අපි තව අවුරුදු 4කින් විතර නායකත්ව ලක්ෂන වැහෙන 22,000ක් විතර එක පාරටම ගේමට බැස්සාම අපේ රට සුටුස් ගාල දියුණු වෙලා ආසියාවෙ නෙවෙයි ලෝකෙම ආශ්චර්යය වෙන හැටි :p

    අපි නම් ඉතින් නායක්ත්ව් ලක්ෂණ නැති කුජීත සැට් එකේ පොරවල් නිසා ඒ ආස්චර්යෙට ගැලපෙන එකක් නැ ,කොහොම උනත් ඕකට ගිය අනිත් එකාට වගේම උඹටත් මම සුභ පතනව ඉදිරි අනාගතය සාර්ථක වේවායි කියල

    ReplyDelete