Sunday 12 June 2011

කවමදාවත් උඹලව අමතක වෙන්නෙ නෑ මචං


ආවේ නුපුරුදු ලෙස
බියකින්, චකිතයකින්
සිංහයකුට බියව දුවන මුව පොවුවකු සේ..
දුටුවා නුඹලාව
මා ලෙසම බියවී
ගැහෙන හදවතින් බලාගෙන ඉන්නවා
මගේ හිතත් ඒ රිද්මයමටම ගැහෙන්නට විය
එහෙත් ඒ බිය කෙමෙන් පහව ගොස්
බැදුනා අප බැදීමකින්
වූවා නුඹලා මට මගේම සහොදරයින්

එහෙත්...;
දැන් වෙන්නව ගොසින් අපි..
කදුලු පිරි දෑසින්
බලමි මම නුඹලා මා අසලදැයි
සොයමි මම නුඹලාව..
එහෙත් අප වෙන්ව ගොස් හමාරයි
එක් පොරොන්දුවක් සමග
'කවමදාවත් උඹලව අමතක වෙන්නෙ නෑ මචං'

17 comments:

  1. ඔබගෙ වයස කියද කෑමතිද වෙනසකට

    ReplyDelete
  2. කෑමති ද වෙනසකට එකතුවෙන්න

    ReplyDelete
  3. මචං කියද්දි වචන පරිස්සමෙන් පාවිච්චි කරහන්...

    ReplyDelete
  4. සමා වන්න මාගේ සහොදරයාට සුලු මොලයෙ ආබාධයක් ඇති අයෙකි ඔබට සිඳු වු අපහසුවට මාගේ කනගාටුව ප්‍රකාශ කරම් සමාවන්න

    ReplyDelete
  5. සමාවනම් දුන්නෑකි ඒත් මන් බැරි වෙලාවත් ඒ කමෙන්ට් එක දැක්කේ නැත්නම් කී දෙනෙක්ගෙ හිත රිදෙයිද කියලා හිතල බලන්න... මම දැක්ක ඔය ID 1න් ම මකර රජදහනෙත් කමෙන්ට් කරල තියනවා

    ReplyDelete
  6. බොද ම්දුම් = සමාවන්න ඔහුගේ බලාපොරොත්තුව ඉතා දරුනුය අනාගතයේ දවසක සිංහල බ්ලොග්කරුවන්ගේ නිල බ්ලොග් අඩවිය සදහා ඉතා දරුනු ප්‍රහාරයක් කිරිමේ සැලැස්මක් ඇත කරුනාකර ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඳැනුවත් කරන්න ඔහු ඉතාමත් දරුණු පුද්ගලයෙකි

    ReplyDelete
  7. @මාලන්,

    මල්ලි ඇවිත් තියෙන්නේ. ඔයා දකින්ට ලැබීම ඉතාමත්ම සතුටට කරුනක්.විහුලුවටවත් ආන්ටි කියන්න එපා, බොඳ මීදුම් පැත්තේ ඉන්නකල්.

    @සොහන්,

    'බොඳ මීදුම්' මගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් 45 දාලා. මම මේ මොනවා කරන්ටද කියලා හිතාගන්නත් බැරුව ඉන්නේ. ඔයා ඔය කියන්නේ ඇත්තක්ද?

    ReplyDelete
  8. පොඩි කුමාරි අක්කා: හොදමයි අක්කේ... ඉතින් ඉතින් මොනාද ඔය පැත්තෙ(වලවුව) විස්තර?

    ReplyDelete
  9. වලව්ව පැත්තේ විසතර දැනගන්ට ඒ පැත්තේ එන්ට එපැයි. හොඳ චූටි කුමාරිලා දෙන්නෙකුත් ඇවිත් හිටියා.

    ඔයා ඇත්තටම අරයට කවිත් ලීවද?:D

    ReplyDelete
  10. සමා වන්න සමා වන්න හිත රිදෙන වචන වලට කියන්න මොනවාද කරන්න පුලුවන් මා ඔබට කරා වු අපහාසයට

    ReplyDelete
  11. ඒක මකල දැම්ම දැන් ඒ ගැන හිතන්න එපා....

    පො.කු. : ඔව් ඔව් ලිවුවා... ම්.. ඇවිල්ල බලන්නම්කෝ... මේ මන් අදුනන කෙනෙක් නැති වෙලා කොහෙද කියලවත් දන්නේ නැ... හෙනම අප්සට්...

    ReplyDelete
  12. හරිම හොඳ පබඳක්. මා නම් කැමැතියි මේකට :)

    ReplyDelete
  13. ඕක ලිවුවේ අපේ කෑම්ප් එක ඉවරවුන දවසේ... හරිම අප්සට් එදානම්... :(

    ReplyDelete
  14. හිතට දැනුන දේ හරි අපූරුවට ලියලා තියෙනවා.. කැම්පස් එකෙදි ඔය යාළුවන්ගෙන් කීප දෙනක් හරි මල්ලිට ආයෙත් මුන් ගැහේවි...

    ReplyDelete
  15. කොහෙද බොලව් මෙච්චර කල් ගිහින් උන්නේ ???? ඇති යන්තන් හුග දවසකට පස්සේ හරි ඇවිල්ලා.

    කවි සෙට් එක නම් ලස්සනයි මල්ලි. එල එල

    ReplyDelete
  16. දිනේශ් අය්යා: ඔව්.. ගොඩක් වෙලාවට එහෙම වෙයි

    මධුරංග අයියා: අපි ගියානේ නායකයෙක් වෙන්න.. මන් පොස්ට් වගයක් ඩාල අති බලන්න

    ReplyDelete