Wednesday 9 February 2011

ඒත්.....?



මටත් හොරා සිතට එබී...
මොනවද නුබ ඔය කරන්නේ...
ආදරයක් දෝතට දී...
මොනවද නුබ මේ පතන්නේ...

ආසයි මං අත් අල්ලං...
ඇවිදින්නට ලොකේ වටේ...
ඒත් කෝම අත් අල්ලං...
ඇවිදින්නේ ලෝකෙ වටේ...

දහසක් නෙත් අප වෙත ඒයි
බේරෙන්නට විදිහක් නෑ
බේරුනාට වැඩකුත් නෑ
නුබ මා හට අයිතිත් නෑ

අප කුමක්ද මේ කරන්නේ
මා හට දැන් වැටහෙන්නෑ
වැටහුනාට වැඩකුත් නෑ
හිත මා හට නතු වෙන්නෑ

හිතින් නුබට ආදරේ කරන්නම් හැමදාමත්
නුබ මා ලග හිටියත්, නොහිටියත්
මට ඕන එකම දේ
මගේ ඇස් දෙක පියවෙනකන් 
නුබ සතුටින් ඉන්නව බලන්න විතරයි
ඊට පස්සෙත් සතුටින්ම ඉන්න...
මේකට ආදරේ කියන්න එපා
මේ දේ ආදරේට වඩා ගොඩක් ගැබුරුයි
අනන්තයටත් වඩා ඈතට විහිදුන හැගීමක්
ඒ හැගීම තමයි මගේ ජීවිතයම
මං කවදාවත් කියන්නේ නෑ "මම ඔයාට ආදරෙයි" කියලා
ඒ දේ මගෙන් විදින්න...
ඔව් මං වැරදියට හිතුවට ඔයාට මාව හොද යාලුවෙක් විතරයි කියන්න මම දන්නවා
ඒත්.....?

28 comments:

  1. කාලය රන් හා වටී !!!!!!! :))

    ReplyDelete
  2. පොඩි සීන් එකක් තියනවා මේ කවියෙ . . වරදක් නෑ . . :)) මොකක්ද සීන් එක කියලා මම සෙට් උනාම කියන්නම් . . අපි ඉතින් එකම ගමේනෙ . . :))

    ReplyDelete
  3. යාලුවට ආදරය කරල , යාලුවව නැති කර ගන්න එපා...

    ReplyDelete
  4. ඒකම තමයි කේස් 1 අක්කේ

    ReplyDelete
  5. මම මේකට කොමෙන්ට් කොරේ නැතෙයි...මට නිකන් අමුත්තක් දැනෙනවා.. උඹ එනේ නම් හොදකට නෙමේ....කවුද මේ......
    8-}

    ReplyDelete
  6. රත්ගමයා : ඕවා රාජකීය රහස්... බය වෙන්න කාරි නැත.. :)

    ReplyDelete
  7. hithan na kiuvata oya hithanne mokada,,,,kiyala balanna saho.maybe,eya balan athi oya kiyanakam

    ReplyDelete
  8. හිත පාලනයක් නෑ... ඒත් මම පාලනය කරනවා....

    ReplyDelete
  9. අඩේ මාලන් , ඔය හැඟීම උඹගෙ හිතේ තද කරන් ඉඳලා විඳවන්නෙත් උඹම නේද මචන් ? දැන් එයා හොඳ යාලුවෙක් නම් උඹ එයාට උඹගෙ අදහස කිව්වම එයා තේරුම් ගනියි . එයා අකමැති උනා කියලා ඒකෙන් යාළුකම නැතිවෙන්නෙ නෑ .


    නැත්තම් , උඹ පහු වුනොතින් . . . .* අහලා තියෙනවනෙ
    " EARLY BIRD CATCHES THE WORM " කියලා එකක් . . .

    p.s : මම කථා කරන භාශාව ශිෂ්ට සම්පන්න මදි කියලා හිතෙනවනම් මට සමාවෙන්න ඕන . . මට මේ වගේ බ්ලොග් වල රිප්ල්යි දාලා පුරුදු එකක් යැහ් . . . .

    ReplyDelete
  10. ඒකත් ඇත්ත තමයි... ඒත් තාම එයා පොඩීනේ...
    ටික කාලයක් ඉවසමුකෝ....

    ප.ලි.- ඒක අවුලක් නෑ... තම තමන්ගෙ විදිහට කමෙන්ට් කලාට ප්‍රශ්නයක් නෑ අසභ්‍ය වචන නොදා....

    ReplyDelete
  11. අපි ආදරය කරන අය අපි ළඟම සිටිය යිතු යැයි නියමයක් නොමැත. විය යුත්තේ ඔවුන් කොහේ හෝ සතුටින් සිටීම පමණි. කවුද මන්ද ඔන්න ඔහොම කියල තිබුණා. ලඟට ගියාම එයා නැති වෙයි නම් දුරින් ඉඳන් ආදරේ කරන්න. ඔයාට එයාවත් ආදරේවත් නැති කරගන්න ඕනෙ නෑ.

    ReplyDelete
  12. පරිස්සමෙන් මාලන් ..එයා යාලුවෙක් නම් ටිකෙන් ටික ඒක වැඩි කරගෙන එයාගේ හිතේ පැලපදියං වෙයං ..දවසින් දවස එයාව උඹගේ පැත්තට ගන්නිං ...සින්නක්කර කරගන්න ...

    ReplyDelete
  13. @ පිනිබුදු අක්කා: ඒකත් ඇත්ත තමයි ලග ඉදගෙන කරන ආදරේකට වඩා දුරින් ඉදන්න් ආදරෙ කරන එක ලස්සනයි

    @ සදරු අයියා: හ්ම්... කරල බලමුකෝ....

    ReplyDelete
  14. හැමදාම කියනවා වගේ අදත් කියනවා ඔන්න ලස්සනයි මාලන් අයියේ කවි පද ටික...

    ReplyDelete
  15. ඒත් අද පරක්කු වෙලානේ කිවුවේ.....?
    ස්තූතී කිවුවා ඔන්න

    ReplyDelete
  16. මාර්ලන් අයියේ . . තව මිරිස් ටිකක් දාන්න ... . . .
    කල් අරින්න එපා ඕයි . . .කියලා දාමු !!!

    ReplyDelete
  17. දැන් මොනාද ඩිල්ශාන් මල්ලි මං කියන්න ඕනා.... :))

    ReplyDelete
  18. මට අරවා ඕ . . . . . . නා

    ReplyDelete
  19. ඉන්න අරන් දෙන්නම්....

    ReplyDelete
  20. ආ . . හ් , එහෙමද ? මම දන් නෑහ් නෙ . . . . . ;)

    ReplyDelete
  21. මේවා කොහෙන් එනවාදැයි මම නොදනිමි.... මා ඉතාමත් ව්‍යකූල වී ඇත,( මෙවන් වැකි මා මීට පෙර දැක ඇතැයි කියා සිතෙන නිසාත් මේ වැකි මොහු විසින් කෙසේ ඉදිරිපත් කරන්නේ දැයි නොදන්නා නිසාත්ය) අනේ මංදා....

    ReplyDelete
  22. ඩෝන්ට් වොරි . . දැට්ස් වට් වී කෝල් " ඉන්බෝර්න් ටැලන්ට් : ) ) )

    ReplyDelete
  23. මගුල ටැලන්ට් නෙමෙයි ඕයි . . . ඉන්බෝර්න් ටැලන්ට් !!! :ඩී :ඩී

    ReplyDelete
  24. පහල smilies වලට අවශ්‍ය කේතයන් දමා ඇත.... :))

    හා හා මොකක් හරි කියමුකෝ... දැන් ඒකේ තේරුම මොකක්ද?

    ReplyDelete
  25. ඒ දෙකෙන් එකක තේරුමක් ඇති . . . හොයා ගන්නකෝ . . . හික් හැක්ස් . . .

    ReplyDelete