Tuesday 22 February 2011

හැමදේම වෙන්නේ හොදටයි

ටිකක් කම්මැලි හිතෙන කතාවක් වෙයි ගනන් ගන්න එපා කැමතිනම් කියවන්න... මේක ලිවුවෙව විශේශ හෙතුවකට ඒ හින්දා කැමතිනම් කියවලා ගන්න තියන දෙයක් ගන්න...

ඔන්න එකෝමත් එක රටක හිටියලු රජෙක්.... දවසක් මේ රජා තමන්ගෙ ඇමති වරු සෙට් එකත් එක්ක දඩයමේ යන්න පිටත් උනාලු... දැන් මෙන්න සෙට් එක දඩයමේ යනවා හාද... දැන් ඔහොම යාගෙන යාගෙන යද්දි දැක්කලු මුවෙක්... රජා ගත්තලු තුවක්කුව ආ... නෑ නෑ දුන්න අරන් තිබ්බලු මුවාට 0.001කින් වැඩේ මිස් උනාලු... ඔහොම උනාම හැම ඇමතියාම කිවුවලු අයියෝ අපරාදේ කියලා.. එකෙක් විතරක් "හැමදේම වෙන්නේ හොදටයිනෙ රජතුමනි" කියලා කිවුවලු දැන් රජාට මලලු හාද.... ඒත් රජා ඉවසගෙන හිටියලු... ඔන්න දැන් සෙට් එක යනවලු ආයෙත්... දැන් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා කට්ටිය ගගක් ගාව නැවතුනාලු... නැවතිලා දැන් ඔන්න කට්ටිය වතුර බොනවලු වතුර බිබී ඉද්දි අර පඩි කතාව කියපු ඇමතියා දැක්කලු ඉබ්බත් එක්ක රේස් 1 යන හාව ගහක් ගාව පොඩි ඇලට් 1ක් දාගෙන ඉන්නවා... දැන් ඉතින් මෑන් වැඩ්ඩ වගෙ ගිහින් පෙන්නුවලු රජාට... දැන් ඔන්න රජාටත් හෙන හැපිලු... මොකද දැන් සෙට් එක පැයගානක් මොකෙක්වත් නැතුව හොදටම වේලිලාලු හිටියේ.. රජාගත්තලු දුන්න තිබ්බලු හාවට ඊතලේ කැරකිලා කැරකිලා ගිහින් වැදුනලු හාවගෙ කනක, කන පසාරු කරගෙන ගිය ඊතලේ ගිහින් ගහේ වැදුනලු... දැන් ඉතින් රජාත් හෙන හැපි එකේ දුවගෙන දුවගෙන ගිහින් ගැලෙවුවලු ඊතලේ... හුටා ඊතලෙත් එක්කම රජාගේ ඇගිල්ලකටත් බඩු හම්බුනාලු... ඇගිල්ල බිමලු... මූ ඉතින් රට දෙවනත් වෙන්න කෑ ගහනවලු... ඇමතියො සෙට් එක ජාති ජාති කියවලු රජාගෙ හිත හදන්න ඔය අස්සෙ අර පඩි ඇමතියා ආයෙත් කිවුවලු "ගනන් ගන්න එපා රජතුමනි හැමදේම වෙන්නේ හොදටනේ" කියලා
දැන් ඔන්න රජාට 82332.5ට මලලු ඒත් රජා මුකුත් නොකර ඉවසගෙන හිටියලු දෙන්නම්කො උබට කියලා....

දැන් ඔන්න ඔහොම ටික කාලයක් ගෙවුනලු රජා ඇගිල්ල නැති උනත් අවුලක් නැ සැපෙන් ඉන්නවලු ඔය අස්සෙ රජාට මතක් උනාලු ඇගිල්ල කැපුනු වෙලේ අර පඩි ඇමතියා කියපු කතාව... රජාට හිතුනාලු මූට හොද වැඩක් කරන්න.. දැන් ඔන්න රජා කතා කලාලු ඇමතියාට කතා කරලා කිවුවලු "දැන් දඩයමේ යන්න ලෑස්ති වෙන්න තනියම" කියලා.. මෑන් දැනගත්තලු හරි බඩු තමයි කියලා... ඒත් කමක් නෑ කියලා ලැස්ති උනාලු... දැන් ඔන්න දෙන්නා යනවලු  දඩයමේ...


දැන් ඔහොම ටික දුරක් ඇවිදගෙන ගිහින් දෙන්න ලං උනාලු හෙලකට... රජා කිවුවලු දැන් උබට හැමදේම වෙනෙන හොදටනේ මේ දේත් වෙනෙන හොදටද කිය්ලා බලපන් කියලා ඇමතියාව හෙලෙන් පහලට තල්ලු කලාලු... කරලා ඔන්න රජා යනවලු ආයේ මාලිගාවට යන්න.. දැන් ඔහොම ඇවිදගෙන යද්දි රජාව මාට්‍ටු උනාලු නිදානයක් ගන්න ලැස්තිවෙලා බිල්ලක් හොය හොය ඉන්න හොර ‍රැලකට... හොර ‍රැලත් හොය හොය හිටියේ කිසිම අඩු පාඩුවක් නැති සර්ව සම්පූර්න මිනිහෙල්ක්වලු.. රජාත් ඉතින් නියමට ගැලපෙනවලු දැන් ඔන්න කට්ටිය බිල්ල ඔප්පු කරන්න රජාව මරන්න ලැස්තියලු... ඔන්න මරන්න කියලා කිනිස්ස උස්සද්දිම දැක්කලු රජාගෙ ඇගිල්ලක් නැති විත්තිය.. දැන් මුන්ට හෙනම ප්‍රශ්නෙලු.. දැන් කට්ටිය රජාව බැදලා තියලා කතාවලු... ඇගිල්ලක් නැති මූව මරල වැඩක් නෑයි කියලා කට්ටිය තීරනේකට ඇවිත් රජාව දාලා යන්න ගියාලු යන්න ගියෙත් රජාගෙ තියන ඔක්කොම සූරගෙනලු... දැන් රජා එහෙට මෙහෙට පෙරලි පෙරලි උදවු ඉල්ලනවලු.... කෝම කෝම හරි රජා දගලලා දගලලා බේරුනාලු... දැන් රජාට හෙන අප්සට් ලු... මොකද අර ඇමතියා කියපු කතාව ඇත්තනේ... බැරි වෙලාවත් එදා දඩයමේදි මුවා බේරුනේ නැත්නම් හාවට තියන්නේ නෑ... හාවට තිබ්බේ නැත්නම් ඇගිල්ල කපෙන්නේ නෑ.. ඇගිල්ල කැපුනේ නැත්නම් අද බඩුම තමයිනෙ.. දැන් ඔන්න රජා හෙන අප්සට් එකේ ආයෙත් ගියාලු හෙල ලගට ගිහින් එබිල බලද්දි ඇමතියා ඉන්නවලු වැලක එල්ලිලා.. දැන් රජාත් කෝම හරි කට්ටියව එක්කන් ඇවිත් ඇමතියාව බේරගත්තලු... රජාට දුකටම ඇඩෙන්න වගේලු.. රජා කෝම හරි විස්තරෙ කිවුවලු.. තමන්ට දැන් තේරෙනවා කියපු දේ කියලත් රජා කියල ඇමතියගෙන් සමාව ඉල්ලනවලු... එතකොට ඇමතියා මෙන්න මෙහෙම කිවුවලු "රජ තුමනි ඔබ තුමා මාව හෙලට තල්ලු කලේ හිද වෙලාවට නැත්නම් මම අර හොරුන්ට අහු වෙලා වෙලහකටත් මැරිලා" කියලා රජා ඇහුවලු ඒ මොකද ඒ කියලා... එතකොට ඇමතියා කිවුවලු "ඔබ තුමාගේ ඇගිල්ල නැති හින්දා ඔබ තුමාව අත ඇරියට මාව අතාරින්න කිසි හේතුවක් නෑ මාව කෙලින්ම මරන්න ගියානේ" කියලා

ඔන්න ඕකයි ලමයිනේ කියන්නේ හැම දේම වෙන්නේ හොදටයි කියලා...

ඒත් අපිට වැරදුන තැනකින් අපි හැදුනේ නැත්නම් කිසිම දෙයක් හොදකට වෙනෙන නෑ... අපිට වරදින්නේ හැදෙන්න.. ඉතින් වැරදුන තැන් වලදි දුක් වෙලා පලක් නෑලු වැ‍රැද්ද ආයෙ නොවෙන්නේ හැදෙන්නලු තියෙන්නේ...

ආයෙමත් කියන්නේ හැමදේම වෙන්නේ හොදටයි කියලා තමයි

11 comments:

  1. හ්ම්..ඔව් හැමදේම වෙන්නේ හොදට...:( එතන වැරදුනා නම් ආයේ ඒ වැරද්ද නොවෙන්න වගබලාගන්නයි නේද ඔනා... ලස්සනයි...අර්ථවත් කතාව... :)

    ReplyDelete
  2. කතාව නම් මරු. කියල තියෙන දේ නම් සහතික ඇත්ත... ;;)

    ReplyDelete
  3. කොට ඇන්ටිටයි නිම්ශා ආච්චිටයි ස්තූතියි ඇවිත් ගියාට....

    ළමයාටත් ස්තූතියි වයර් ශෝර්ට් 1ක් වෙලා එකම කතාව දෙපාරක් දාලා ළමයා ඒකෙ කමෙන්ට් කරලා තිබ්බා....

    ReplyDelete
  4. හැමදේම වෙන්නෙ හොඳට තමයි. දුකක් දැනුනාම හිත හදාගන්න තියෙන හොඳම ක්‍රමය එහෙම හිතන එක තමයි.

    ReplyDelete
  5. හ්ම්... ඒත් ඔතන හිතනවට වඩා දෙයක් හිතනවට වඩා පනිවිඩයක් තියනවා... ගන්න ඕනා කෙනා අරගෙනනම් එච්චරයි

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඉකේයියා....පරන සීන් එකක් නේ...අපි නම් අහලා තියෙනවා ඕන්...රා පොල්කට්ටක් ගහන ගමන් ඔක්කොම වෙන්නේ හොදටයි කියාගේන ඉන්න තියෙන්නේ.....හික්....

    ReplyDelete
  8. රා මොකටද බොල...

    ඔව් ඕක විජය හරි මිහිර හරි පත්තරේක තිබ්බේ... දැන් අවුරුදු ගානකට කලින් මම් කියෙවුවා මතකයි

    ReplyDelete
  9. ;))
    හැමදේම වෙන්නේ හොඳට ... හරි ...

    ReplyDelete
  10. එහෙනම් මටත් එහෙම අමුතු අමුතු දේවල් වෙලා තියෙන්නේ නරකකට නෙවේ .කතාව නම් මම මීට කලින් අහලා තිබුනේ නෑ .

    අද ඉඳලා මමත් කියනවා හැමදේම වෙන්නෙ හොඳට ..! :D

    ReplyDelete
  11. හැබැයි අයිය්යේ එහෙමයි කියලා කම්මලි වෙන්න නම් යන්න එපා.. හැමදේම හොදට වෙන්නේ අපි ඒකෙන් මොනාහරි ඉගනගෙන ජීවිතේ හදාගන්නවනම් විතරයි

    ReplyDelete