Sunday 20 February 2011

හිත පතන්නෙ නුබවමයි



අවසර දෙන්නම් හිත ඇතුලටම එබෙන්න...
රිද්දුවත් කමක් නෑ ආසයි විදින්න..
වේදනාවත් සතුටක් මට..

ඔබ ඈත යන දාට.. 
බාලාගෙන ඉන්නම් කදුලු පිරි දෙනෙතින්..
ආසයි ඉඩ දෙන්න කදුලු බිදුවකට, සෝදන්න මගේ දුක...
ඒ පාලු රුදුරු බව...

දනිමි නුබ අහිමි බව..
සිතට නොව තේරෙන්නේ..
විදවන්න අවසරයි ආදරේ අහිමි බව..

ලගින් ඉන්නට සිතයි..
විදවමින් ඒ සතුට..
දුකක් බව දැන දැනම ලන් වෙන්නේ කිමද මම

නුබේ උකුලේ සැතපෙන්න..
නුබෙන් හුරතල් වෙන්න.. 
නුබෙ දෙතොල් සිප ගන්න
හිත පතයි මට හොරෙන්..

මම දන්න එකම දේ 
නුබ මාගෙ නොවන බව
සිත නොදැන ඒ වගක්
පෙම් කරයි නුබට තව

8 comments:

  1. හිත හිත ඉන්නකොට මාලන් අයියේ කොච්චිය ගිහින් තියෙයිද දන් නැ... කියලා දාන්න එයාට...වෙන්ඩ හරි නොවෙන්ඩ හරි...හිත වත් සැහැල්ලු වෙයි නේ අයියා.. :)

    ReplyDelete
  2. ම් ම් ම් ම් . . . . මේ මොකක්ද ඕයි මෙ ? මට ඕක දැක්කම සින්දුවක් මතක් වුණා . . . කියන්න ද මාර්ලන් ඩෝ අය්යෙ . . ?

    ReplyDelete
  3. කියන්නකෝ බලන්න් g-Fof මල්ලි

    ReplyDelete
  4. හැමදාමත්
    හිත
    පෙම් කලේ
    අහිමි දේවල් වලට
    ඒත්
    ඒ ප්‍රේමයෙන්
    සැනසුණු තරම්
    හිත

    ReplyDelete
  5. ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ...

    අහිමි උවත් නුබ මට..
    හිත දිව යයි නුබ වෙත..
    තුරුලු කරන් ඒ හිත..
    සනසවයි මිතුරියක ලෙස..
    ඉතින් මා කෙලෙසද..
    පතන්නේ ආදරය..

    ReplyDelete
  6. කෙල්ලො ගැන හිතලා හිතලා මූට මොලේ කොලොප්පම් වෙලා.....

    ReplyDelete
  7. කෙල්ලෙකුගේ ප්‍රශ්නයකදී ඕනවට වැඩිය හිතට අයාලේ යන්න දෙන්න එපා !

    "පෙම් කරයි නුබට තව" හ්ම් ...

    ReplyDelete
  8. niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiii

    ReplyDelete