Friday 18 February 2011

ආසයි...



ආසයි ඔයාව මගේම කරගන්න...
ආසයි ඔය නළලට හාදුවක් දෙන්න...
ආසයි මගේ පපුවට ඔයාව තද කරගන්න..
ආසයි ඔය අතින් අල්ලන්  ඇවිදින්න මේ හැම තැනම

ආසයි මේ ලෝකේ වටේම ඔයාව ගෙනියන්න..
ආසයි මගේ ආදරේ තරම ඔයාට පෙන්නන්න..
ආසයි පොඩ්ඩක් ඔයාව කේන්ති අවුස්සන්න..
ආසයි ඔය ඇස් වලින් කදුලු පනිනකන් ඔයාව හිනස්සන්න..

ආසයි ඔය අතින් අල්ලන් ඇවිදින්න..
ආසයි ඔය මූන දිහා බලාගෙනම ඉන්න..
ආසයි ඔය නළලට උනුසුම් හාද්දක් දෙන්න...
ආසයි ඔයාව මගේම කරගන්න..

ඒත්...


මේක හීනයක්..
කවදා හරි සැබෑ කරගන්න..
එතකන් ඉවසන්න..

14 comments:

  1. ඒත් හීනයක් වුනත් හැබෑ වෙන්න පුලුවන් නේද?

    ReplyDelete
  2. කෙදිනද කූඩු හදන්නට ඉන්නේ...
    කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ...
    සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ...
    කවදා තනි වන්නේ...

    හීන දැක්කට කමක් නැහැ... හැබැයි හැබෑ වෙන්නේ නැති හීන පස්සෙ දුවලා ඔය වටින ජීවිතේ නාස්ති කර ගන්න එපා. :)

    ReplyDelete
  3. ඔහොම හීන එක්ක ඉන්න එපා බන්

    ReplyDelete
  4. @ කොට අක්කා: ජීවිතේනම් නාස්තිකර නොගනිමි...
    @ තාරක සහෝ: බොහෝ විට ඒක හීනයක්ම පමනක් වෙන්න පුලුවන්..
    @ ඩිලාන් සහෝ: ඒක කරන්නම් අමාරුයි බං

    ReplyDelete
  5. මට නම් හීන ලස්සනයි...

    ReplyDelete
  6. @ නිම්ශා නංගි: ඔය හීනෙනේම් මටත් ලස්සනයි

    ReplyDelete
  7. අපිත් ආසයි අප්පා ඔයාගෙ හීනෙ හැබෑ වෙනවානම්. එතකොටවත් වි
    රහ කවි ලියන්නැතුව ආදර කවි ලියයිනෙ නේද?
    දැන් මදෑ බලන් හිටියා. කිව්වානම් ඔය දැරිවිට හිතේ තියෙන දේ.

    ReplyDelete
  8. තවම බැරිය... "ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ නැත්නම් ගහ දන්න මිනිහට කොල කඩාපාන්න එපයි" කියන්නේ මේකට තමයි

    ReplyDelete
  9. ආසයි ආසයි මටත්.... ;;)

    ReplyDelete
  10. මොනාටද බං චතුවෝ ආස?

    ReplyDelete
  11. කෙල්ල කවුද කියහන් කෝ

    ReplyDelete
  12. හීන තමයි හෙමි හෙමීට හැබෑවෙන්නේ . බලාපොරොත්තු තියාගෙන ඉන්න . හීන බලල අමතක කරල දාන්නම එපා !

    ReplyDelete
  13. හොදමයි සර්...

    ReplyDelete
  14. ඉරූ: ඇයි බං හැමදාම කියන්න ඕනද...?

    ReplyDelete