Thursday 17 February 2011

කවමදාවත් ඔයාව මට එපා...

ආසයි තනි වෙන්න...
මේ හැම දේකින්ම ඈත් වෙන්න...
මගේම ලෝකෙක තනි වෙන්න...
කාටවත් මාව රිද්දන්න බැරි වෙන්න...

ඔව් මේ දේ කරන්න අමාරුයි ඒත් මම කරනවා...
ඔයා ගොඩක් දේවල් මට දෙනවා වගේ පෙන්නුවා...
ඒත් ඔයා මාව ගොඩාක් ‍රැවැට්‍ටුවා...
මාව ගොඩාක් තනි කලා...

ඔයා හොදටම දන්නවා මම පොඩි එකෙක් වගේ කියලා...
ඉතින් ඔයා බොරුවට මාව හුරතල් කලා...
මගේ හිතේ ඔයාව රදවන්න මාව පෙලබෙවුවා..
පස්සෙ ඔයා මගේ ජීවිතේම වෙද්දී මාව දාල ගියා...

මම ඔයාට බනින්නේ නෑ..
කවදාවත්..
ඔයා ඔයාගේ පාඩුවෙ ඉන්න මම ඔයාට කරදර කරන්නේ නෑ...

ඔයාට බොහොම ස්තූතියි මං තනි උන වෙලාවෙ මා ලගින් බොරුවට හරි හිටියායි කියලා පෙන්නුවාට...
ඔයා මාව ගොඩක් රවට්ටලයි කියලා මං දැන ගද්දි මම ගොඩක් පරක්කු වැඩියි..

ඒත් දැන් මට ඔයාව එපා.. 
කවමදාවත් ඔයාව මට එපා....

5 comments:

  1. අනේ මන්දා මාලන් අයියේ.. මිරිගු පස්සේ පන්නන්න එපා ....ඔයා ආදරේ කරන කෙනෙක්ට ඔයාට ආදරේ කරන කෙනෙක්ට ආදරේ කරන්න ...

    ReplyDelete
  2. මාලන් ජීවිතේ අපිට ලංවෙන හැමෝම හැමදාම ඉන්නෙ නෑ. ඒක ලෝක ධර්මතාවයක් කියලයි මම හිතන්නෙ. ප්‍රියෝ විප්පයෝගෝ දුක්ඛෝ.. ජීවිතේට ලංවෙන හැම කෙනාටම බොක්ක පුදන්න එපා. දවසක් එනවා ඒ දවසට ඇත්තටම තමන්ට තමන්ගේමයි කියන්න පුලුවන් කෙනෙක් හම්බෙන අන්න එයාට ජීවිතේම දෙන්න.

    ReplyDelete
  3. අන්න හරි මාලේ එයාට එක පාරක් එපා නම් උඹට 10000 පාරක් එපා ! තමං අතේ වරදක් නැත්නම් ආයේ කීයටවත් පස්සෙන් යන්න එපා ! . නැත්තං කෙල්ලෝ අපේ ඔලුවට අත හෝදන්න එනවා .

    ඒක නෙවේ මචං මේක සිරාද ..ඇත්තටමද මේක ලියලා තියෙන්නේ . බොක්කෙන්ම ලියලා තියනවා . ඒත් උඹ ගැන දුකයි .! උඹට දවසක හරියාවි කොලෝ ..

    ජය වේවා !!

    ReplyDelete
  4. ස්තූතියි 3 දෙන්නාටම...

    සිරා කියන්නේ හොදටම සිරා ලිවුවේ...

    ReplyDelete
  5. මටත් කියන්න තියෙන්නේ ලැබෙන්නේ නැති දේවල් පස්සෙ දුවන්න එපා. එයාට 1 පාරක් එපා නම් ඔයාට 1000 පාරක් එපා කියලා ඉස්සරහ ගැන හිතන්න... :)

    ReplyDelete