Sunday 13 February 2011

මගේ ආදරෙ

මගේ හිත ඉල්ලනේ ඔයාවයි කෙල්ලේ...
ඒත් මන් කොහොමද ඔයාගෙන් ආදරේ ඉල්ලන්නේ...
මම මහ පවු කාරයෙක් 
මට තේරෙන්නේ නෑ මගෙ හිත ඇයි ඔයාවම ඉල්ලනෙ කියලා
ඒත් මම කොහොමද ඒ දේ කරන්නේ...

මන් ආසයි ඔය තුරුලට වෙලා හිතේ දුක නැති වෙනකන් අඩන්න..
ඒත් ඔයා පවු..
ඔයාගේ ආදරේ මන් වගේ පවු කාරයෙක්ට ගැලපෙනෙන නෑ..
ඒක හින්දා මම ඉවසන්නම්...

මම ආසයි මගේ හිතේ ඉන්න ඒ පුන්චි කෙල්ල
ලස්සන මනාලියක් වෙලා යනවා බලන්න...
ඒත් ඒ මන් එක්ක නෙමේ
හොද වැදගත් මහත්තයෙක් එක්ක...
මම එදාට එන්නම් ඔයාට සුබ පතන්න
මේ තමයි කෙල්ලෙ මගේ ආදරෙ...

හැමදාම හීනයක් වෙලා මන් ලගින් රැදෙන්න...
ඒ හීනෙට මම ආදරෙයි මේ හැමදේකටම වඩා
ඇත්තමයි මම කියන්නේ

13 comments:

  1. හීනයක් නොව සැබෑවක් වී ඈ ඔබට ලැබෙන්නට මන් ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  2. මං ඒකට කැමති නෑ අක්කේ.... එහෙම උනොත් එයා පවු....

    ප.ලි.
    ඊයෙ මම කිවුවට මාව දාලා යන්වා වගේ කිය්ලා මට වැරදිලා එහෙම දෙයක් වෙලා නෑ

    ReplyDelete
  3. හිතට ඉඩ දෙන්න...

    ReplyDelete
  4. ඔයා දන්නවනෙ නංගියා හිතට ඉඩ දෙන්න බැරි හේතුව...

    ReplyDelete
  5. හැමදේකටම උත්තරයක් තියෙනවා. උත්තර නැති ප්‍රශ්නවලට හොඳම උත්තරය කාලය...

    ReplyDelete
  6. ඈත අහසේ දිලෙන
    සුපුන් සඳවත සේම
    ළං වෙන්න නොහැකි ලෙස
    නුඹ දුරයි මට බෝම.
    ඒත් සඳ ළඟ පිපුණු
    පුංචි තරුවක් සේම
    දුක දරන් බලන් ඉමි
    නුඹ දෙසම හැමදාම

    ReplyDelete
  7. කෙල්ල කවුද කියපන්...උඹ අඩනවා බලන්න අට වාවන්නේ නෑ....ඉකේයියා.....කෙල්ල උස්සමු

    ReplyDelete
  8. නුඹේ නෙතු දෙස බලා ඉමි මම
    සදාකල්හිම ජීවිතේ...
    දොඩන වදනින් නොකිව්වත් මම
    සදා නුඹටයි ආදරේ....

    ReplyDelete
  9. කොට අක්කා : හ්ම්... කාලය තමයි හොදම විසදුම.... ඉවසනවා උපරිමයටම... ඊටත් වඩා

    පිනිබිදු අක්කා: මේක ලස්සනයි... ස්තූතියි...

    රත්ස්: කෙල්ල පවු බං අපි ඉවසමු

    ReplyDelete
  10. අපො දුක හිතෙනවනෙ,,ඇයි යන්න දෙන්නෙ??

    ReplyDelete
  11. ආදරේදී ඕනෑවට වඩා පරිත්‍යාග වෙන්න එපා මචං ...උඹට ලැබෙන්න තියනදේ උඹ ගනිං ..

    ඔයාගේ අදහසනම් නියමයි ..හරිම ලස්සනයි ..ඒ උනාට මේ ලියනදේවල් හැාබෑවටම කරන්න යන්න එපා !

    කොහොම හරි කමක් නෑ මොනදේ කරත් සාර්ථක වෙච්චාවේ !
    ජය වේවා !!

    ReplyDelete
  12. එලමයි සදරු අයියේ....

    ReplyDelete
  13. සදලි: වෙන මොනා කරන්නද හලෝ....

    ReplyDelete