Friday 11 February 2011

මමයි මමයි මමයි


හිතට දුකක්  දැනෙනව.. ඇයි දන්නේ නෑ..
මොනා වෙලාද කියලා මට තේරෙන්නේ නෑ...
මහා හිස් කමක්... මහා පාලුවක් මාව වහගෙන..
ඒ ආලෝකය මගෙන් අයින් කරලා..
මම ආසවෙන් හිටපු...මම බලන්න ආසවෙන් හිටපු...
ඒ එලිය මගෙන් දුරස් වෙනවා වගේ...
මම දන්නේ නෑ මොනා කරන්නද කියලා...
මං එන්න එන්න තනි වෙනවා වගේ.. හිතාගන්න බෑ ඇයි කියලා...
මහා ඉඩෝරෙකට අහුවෙලා හිටිය මට පුන්චි පොද වැස්සක් දීලා 
ඔයා මගේ හිතේ ලොකූ බලාපොරොත්තුවක් ඇති කලා..
ඒ බලපොරොත්තුව හිතේ වැඩෙද්දි ඔයා ගිහින්...
ආයෙමත් මහා තනිකමක්..

මම බලාපොරොත්තු වුනේ නෑ ඔයාව මගේ කරගන්න..
ඔයා මගේ නෙමෙයි කියන්නත් මම දන්නවා..
ඒත් මම ආස කලා ඔයා දිහා බලාගෙන ඉන්න..
පොඩි ලමයෙක් හද දිහා බලාගෙන ඉන්නව වගේ...
ඔව් ඔයා මගේ ජීවිතේට හිතගන්නත් බැරි වෙගෙකින් ආවා...
ඒත් දැන් ඔයා හිතා ගන්නත් බැරි වෙගෙකින් මාව දාල යනවා...
ඔව් ඔයා යන්න ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න..

මම ඉන්නම් මෙතනම... ඔයා දිහා බලාගෙන...
ඒත් මම නිකමෙක් වෙන්නේ නෑ...
මගෙ බලාපොරොත්තු මගේ හීනයන් මම ලං කරගන්නව..
මගේ තනිකම මට හුරුයි...
ආසයි තනි වෙන්න...
මමයි මමයි මමයි විතරක් ඉන්න...

11 comments:

  1. ගොඩක් දුක හිතෙනවා.:( ඒ වගේම ලස්සනයි...

    ReplyDelete
  2. බොහොම ස්තූතියි තාරා(අක්කද/නංගිද දන්නෑ)... දුකක් නම් හිතෙනවා තමයි.. ඒත් පොඩි සතුටකුත් හිතෙනවා.. මට කාගේ හරි හිතක හැගීමක් ඇති කරවන්න තරම් දෙයක් ලියන්න පුලුවන් නේද කියලා හිතෙද්දී....

    ReplyDelete
  3. ඔයා ලියනවා..
    මම කියවනවා..
    මට ලැජ්ජයි,
    ඇයි ඔහොම බලන්නේ
    ඉකේයියා..
    ඔහොම බලන්න එපා
    හිරිකිතයි
    ....
    මේ....
    හ්ම්....
    ආදරේද..කාටද..
    හ්ම්ම්ම්ම්
    ගොඩක්
    හ්ම්ම්ම්
    ඉකේයියා නේ
    හ්ම්ම්ම්...

    ReplyDelete
  4. මොකක්ද බොල මේ....?
    මෙය කවුරුන් විසින් කා හට කුමක් අරබයා කියන ලද්දක්ද රත්ගමයෝ...?

    මේක ලස්සනයි බං මොනා උනත්...

    ReplyDelete
  5. හරිම ලස්සනයි Marlan... හැබැයි ඇත්තටම දුක හිතෙනවා. "ඒත් මම නිකමෙක් වෙන්නේ නැහැ" කියන එකටනම් මම හරිම කැමතියි.

    ReplyDelete
  6. ''මම ඉන්නම් මෙතනම... ඔයා දිහා බලාගෙන...
    ඒත් මම නිකමෙක් වෙන්නේ නෑ...
    මගෙ බලාපොරොත්තු මගේ හීනයන් මම ලං කරගන්නව..''

    මම ආසම කලේ මේ පදයට..අගයක් තියෙනවා...

    හුගාක් අය අපේ ලෝකෙට යනවා එනවා..ඒ හැම කෙනාම අපිව දාලා ගියාම පසුබහින්න ගියොත් අපිට අපිවම නැතිවෙයි.. එන අය එයි..යන අය යයි..අපි අපේ ගමන නවත්තන්නේම නැතුව ගියොතින් අපි අපේ අගය රැකගෙන ඉදි...

    අද නම් ලස්සනටත් වඩා අගයයි.. :)

    ReplyDelete
  7. කොට අක්කා/නිම්ශා : බොහොම ස්තූතියි

    ReplyDelete
  8. ලස්සනයි මලේ ..
    කෝදෝ ඉඳන් ආපු තනිකමක් මටත් දැනෙන්න ගත්තා මේක කියවලා ..බොක්කෙන්ම ලියලා තියනවා

    හැබෑ අද්දැකීමක් නෙවෙයි නේද ?

    අඩේ අද මම අන්තිමයා

    ReplyDelete
  9. හැබෑ අත්දැකීමට ගොඩාක් ලගයි අයියේ

    ReplyDelete
  10. මට හිතුනා මාලන් සහෝදරයා කොහේ හරි පැටලැවිලා කියලා ..

    ReplyDelete
  11. ඕවා ගනන් ගන්න එපා අයියේ ඒවා එහෙම තමයි

    ReplyDelete