Tuesday 8 February 2011

සුරඟන ඇස් 03



හිතාගෙන හිටියට කතා කරන්න බෑ කියලා ඔයාටත් කතා කරන්න පුලුවන් නේ... ආඩම්බර කමටද කතා කරන්නේ නැත්තේ නැත්නම් වෙන හෙතුවකටද? අනේ මංදා.. ඔයා හරි අමුතුයි කෙල්ලේ ආස්‍රය කරලම බලන  ඕනා... සිතුවිලි අතර සැරිසරමින් මං ගෙදරට සැපත් වීමි... "ආ.. මෙන්න බොලේ ගේ මගෙ ලගට ඇවිත් නෑ නෑ මං ගේ ලගට ගිහින්" ගෙදරට ආවට වඩා අපායකට ආවනම් හොදයැයි සිතුනි.. ගෙදර අඩුම තරමේ විහිලුවක් කරන්නට කූබියෙක් වත් නැත අඩුම තරමේ කූබි පැටියෙක් වත්ද නැත... සිටියාද හොයන්නට බැරිය...

නිවසට පැමින වොශ් 1ක් දමා ගත්ත මම මගේ අතීජාතයන් කොහේදැයි සොයන්නට විය.. සද්දයක් වත් නැත මුන්ට ෆෝන් අරන් දීපු උන්ට ගහන්නට හිතෙන්නේ මේ වෙලාවට තමයි.. ලගට ගිහින් උබට මං දැන් කෝල් 1ක් ගන්නවා කතා කරපන් යැයි කියා කෝල් කලොත් නම් මුන්ට කතා කිරීමට පුලුවන... මේ වගේ වෙලාවකට මුන්ව හොයාගන්න පුලුවන් බංකු යට, කනු බදාගෙන වගේ තමයි... හරි හරි මාවත් මේ වෙලාවට හොයන්න පුලුවන් එහෙම්මම තමයි... කෙසේ හෝ පැයක් පමන ගත වන විට එකෙක්ව හොයාගන්නට පුලුවන් විය... දැන් අපි දෙන්නයි... "කෝ අනිත් උන්?" මං උගෙන ඇසූ විට මූද ඇස් ලොකු කර "කෝ අනිත් උන්?" කියා මගෙන් ඇසීය මට මලය.. බිම බලන විට මා අවට හිමද දිය වී ඇත... මූ තුමාට එය තේරී හරි හරි උන්ව හොයමු කියා මාවත් ඇදගෙන යන්නට විය, තවත් බැය බාගයක් යන විට සෙට් එකම සොයාගන්නට හැකි විය... මුන් ටික ඉන්නා නිසා මාහට හවස් වරුව හොදට ව්‍යායාම කල හැකිය හැමදාම නොවුනත්
මාසෙකට දවස් 40ක් විතර මෙවන් විනාසයන් සිදු වෙයි..

දැන් සෙට් 1ඒම ප්‍රදාන මාතෘකාව මා හට හවස උන දේය.... මෙවන් විනාසයක් මං දැන ගෙන උන්නානම් මුන්ව හොයා එන්නේ නැත... එකෙක්ට කියා කට ගන්නා විට තවකෙක් අසයි ඌට කියා කට ගන්නා විට තවකෙක් අසයි... අවසානයේ මාගෙ පුන්චි මොලයට නියම අදහසක් පහල විය කට්ටියව බිම ඉදවා මං හිට ගත්තාය මුන් දැන් පොඩි උන් මෙන් කම්මුල්වලට අත ගසාගෙන මාගේ වීර ක්‍රියාව ඇසීමට සූදානම්ව සිටී අනේ මේ මූනු ටික මෙහෙම පේද්දි මං හිත පාලනය කරන්නේ කොහොමද..? මේ වගේ සීත වෙලාවක, කිවුවට එච්චර සීත නෑ 2C වගේ තමයි සීත, මූනට හොද වතුර පාරක් වැදුනොත් කොහොමද දන්නේ නෑ නේ... ඔන්න දැන් තමයි නියම වීර ක්‍රියාව පටන් ගන්නේ මං උගුර පාදමින් අසල තිබූ වතුර බෝතලයක් අතට ගෙන වතුර උගුරක් බී කතාව කියන්නට ලෑස්ති වීමි මුන් සෙට් 1 තාමත් කට ඇටගෙන බලගෙන සිටී අනේ මේ මූනු ටික දැක්කාම කොහොමද මම වතුර නොගහ ඉන්නේ... කමක් නෑ මුන් පවුනේ..

 "චකස්" මොකක්ද බොල ඒ සද්දේ....? ආ.... මොකද මුන්ගෙ මූනේ වතුර....? කෝ මේ බෝතලේ තිබ්බ වතුර ටික... තප්පර කීපයකින් මට සියල්ල වැටහුනි මගේ අත විසින් මුන්ට වතුර ගසා ඇත... දැන් ඉතින් මොනා කරන්නද මුන් ටික මට ගහන්න ඉස්සර මෙතනින් මාරු වෙනවා ඇරෙන්න... මං හැරෙන්නටත් පෙර මගේ කන ලගින් හිම බෝලයක් විසිවනු මට දැනුනි.. ආ නියමයි දැන් ඉතින් වතුර ගැහුව වගේ නෙමේ කකුල් දෙකට පින් දීල දුවන්න තමයි තියෙන්නේ.. කොපමන වේලාවක් මා දිවුවාද කියා මට මතක නැත මතක ඇති එකම දෙයනම් මට හොදටම හැති වැටී බිම වතිරුනා පමනකි මා වට කරගත්තාවූ 10 පමන වන මැරයන් පිරිසක් මට පමනක් බලපාන හිම වැස්සක් වැස්සවූවාය..

විනාඩි පහකට පමන පසු උන්ම මාව නැගිට්‍ටුවා පිස්සු නැටීමත් එතනින් නවත්වා මට සිදූ දෙය අසන්නට විය.. මමත් වචනයක් වත් අඩු නොකොට මාගේ ප්‍රකාශය ඉදිරිපත් කලා උන්ද කට ඇරගීන අහගෙන සිටියහ.. මේක නිකන් මම ඉතාලි පා පන්දු කන්ඩායමෙ නායකය වෙලා ලෝක කුසලානය දින්නා වගේනෙ මගෙන් ප්‍රශ්න කරන්නේ මං යාන්තම කතාව පවසා ඉවරයක් කෙරුවාය.. අනේ බොල ගොලු කෙල්ලේ උබ මට කරපු දෙයක් ඉන්නකො හෙට අල්ලගන්නම්... ඔය කටින් වචන සීයකට වඩා කතා කරවල තමයි මම නවතින්නෙ... ඔයා දන්නෙ නෑනෙ මම කවුද කියලා හෙට බලාගත්තැකි මම කවුද කියලා


මගේ රාජකීය කතාව ඇසුවාට පසු අපි සෙල්ලම් කිරීමට ක්‍රීඩා පිටියට යන්නව වීමු... උදේ මාගේ පැවති නොසන්ඩාල ක්‍රීඩා විලාශය වෙනුවට නැවත මාගේ සුපුරුදු ක්‍රීඩා විලාශය පැමින ඇති සෙයක් මට දැනුනේ විරුද්ද පැත්තේ ගෝල රකින්නා හිසේ අත ගසාගෙන සිටිනවා දැකීමෙන් හා එයට ඇලෙක්ස් දුන් පිලිතුරු හේතුවෙනි
"අර මොකද බං ඔලුවට අත ගහගෙන ඉන්නෙ" කියා ඇසුවෙමි... ඇලෙක්ස් මගේ ඔලුවට ගසා
"උබ කොහෙ ඉදන්ද සෙල්ලම් කරන්නෙ"
"පිට්ටනියෙ ඉදන්නේ.." ඒ මූ සෙල්ලම් කලාට ඒකවත් දන්නේ නැද්ද? මම හිතින් සිතුවෙමි
"මං දන්නාව පිට්ටනියෙ ඉදන් තමයි කියලා උබේ හිත තියෙන්නේ කොහෙද?"
මූටනම් හොදටම පිස්සු වගේ "ඇයි බොල හිත තියෙන්නේ පපුවෙනෙ"
මම ඇලෙක්ස් ගේ හිස අත්ගාමින් පැවසුවෙමි...
වෙන්න බැ උබේ හිත වෙන කොහෙ හරි තියෙන්නේ නැත්නම් උබ ගෝල් 5ක් ගහපු එක උබට අමතක වෙනෙන කොහොමද?
"මොකක්?" කවුද මටත් හොරෙන් මගෙ නමට ගෝල 5ක් ගැහුවේ.... මේ ලෝකෙ හරි අසාදාරනයි... මම එසේ සිතුවෙමි...

.......

ක්‍රීඩා කිරීමෙන් පසු නිවෙස් බලා යන්නට විය නිවෙස් වලට යන විට පාරේ ඇති හිම මට විරිත්තන්නට විය.. යකා ගිය පාර මම හිම අහුරක් ගෙන පොඩි කර පොඩි කර අතට ගත්තෙමි.. එය දැක මගේ මිතුරන් දුවන්නට විය.. අනේ මංද මුන්ට මොනා වෙලාද කියලා.. එසේ සිතමින් වෙර යොදා හිම ගුලිය වීසි කලෙමි පාවෙමින් ගමන් කල හිම බෝලය ෆ්‍රැන්සෙස්කෝගේ පිට මත වැදිනි.. මම තනියම මා සමග තරග කිරීමට 10ක් අනේ මටත් මොකෝ.. තනියම කිවුවට මමයි, වම් අතයි, දකුනු අතයි, වම් කකුලයි, දකුනු කකුලයි අපි 5 දෙනෙක් ඉන්න බව මතක් වූයෙ ස්වල්ප වේලාවකට පසුය අපි 5 දෙනා එකතු වූ විට මේ ලෝකයම උනත් පෙරලිය හැකිය... මා දෙසට වේගයෙන් ඇදෙන මිසයිල ප්‍රහාර වලකාලමින් මා ඉතාමත් වේහයෙන් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට විය සතුරු කන්ඩායම ඉතාමත් කෙටි කලකින් මර්දනය කරන්නට මට හැකි විය.. පසුව ඔවුන් පැමින මගෙන් සමා ඉල්ල සාමගිවිසුමකට අත්සන් තබා මා වටා ආරක්ශක බැම්මක් ඉදි කොට මාව ඉතාමත් ආරක්ශා සහිතව නිවස කරා ඇරලුවහ....

......

නිවසට ගොස් ඇග පත හෝදා ඇදට වැ‍ටුනි... මහා පාලුවකින් මගේ හිත වසාගන්නට ඒ සුවල්ප කාලයට හැකි විය.. කොච්චර පිස්සු නැ‍ටුවත් මම මහා හිස් පුද්ගලයෙක් බව මගේ හිතට දැනුනි... මං මේ හිස් බවට පාලුවට ආස නොකලෙමි මගේ හිතට ඕනා විදිහට මාව පාලනය කරන්න දෙන්න බෑ.. මන් එසේ සිතා පාපන්දු තරගයක් නරබන්නට විය... තරගය අතර තුර මට ඒ බෝල ගෙඩි ඇස් දෙතුන් වතාවක්ම මතක් විය... මතක් වෙන හැම පාරකම මගේ මුහුනට සිනාවක් ලන් විය... ඒ සිනාවෙ අරුත "ඔයා හෙට ඉවරයි කෙල්ලේ" විය හැක.... අපි ඒක හෙටම බලමුකෝ...  එසේ සිතා මං නිදන්නට විය......

.....

13 comments:

  1. කොමෙන්ටඩ්..කියවන්නේ නෑ.....ඉක්මනට දාපිය ඔක්කොම.....

    ReplyDelete
  2. ඉවසපන් උබ කියන ඉක්මනට ඔක්කොම දාන බෑ... ඇවිත් ගියාට තැන්ක්ස් කොලුවෝ....

    ReplyDelete
  3. හ්ම්...හ්ම්...

    ReplyDelete
  4. කෙල්ලට හෙට මක්වෙයිද හනේ..? :-/

    ReplyDelete
  5. අනේ මංද බන්... මොනා වෙයිද කියලා දෙයියො තමා දන්නේ

    ReplyDelete
  6. බලමු බලමු ...ක්‍රිශ්ගේ දෑසින් ..

    රත්ගමය කීව වගේ ඉක්මනට අනෙක් ඒවත් දැම්මනම් ..හෙටම දැම්මොත් කියලා වැඩක්නෑ ..හෙට මට නිවාඩු ..

    කතාවේ කොල්ල අපි හිතුවට වඩා චන්ඩියෙක් වගේ !

    ReplyDelete
  7. ම්... බලන්නම්කෝ හෙට දාන්න... ඔව් ඔව් චන්ඩියෙක් ටිකක් විතර අහිසක චන්ඩියෙක් හැබැයි....

    ReplyDelete
  8. ලස්සනට ලියලා තියෙනවා. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නෝ....

    ReplyDelete
  9. කවි වලියකට සහභගී වන නිසා ඊලග කොටස තව දවසකින් පරක්කු වන බව දන්වා සිටිමි,,, සමාවන්න.....

    ReplyDelete
  10. මුල ඉඳන්ම කතාව කියවගෙන ආවා. අපෝ මේ කොල්ල නම් දඟ මල්ලක්නේ. හා හා බලමුකො ඉස්සරහට මොනාද වෙන්නෙ කියලා.

    ReplyDelete
  11. ස්තූතියි අක්කේ ආවට... බලමුකෝ නේ.. හෙට රෑ වෙද්දි අනිත් කොටස දානවා.....

    ReplyDelete
  12. ඔන්න මමත් අද ඉඳල දිගටම එනවා..

    ReplyDelete