Friday 4 February 2011

සුරඟන ඇස් 02

සබැදියන්: 




මට මොනා වෙලාද කියලා මටවත් හිතාගන්න බෑ.. එක්කෝ ඒ කලු ඇස් කාරි එක පාර මගේ සමාව බාරගත්තනම් මෙහෙම ප්‍රශ්නයක් නෑනෙ... හ්ම්.. අද හවසවත් මේ ප්‍රශ්නෙ ඉවරයක් කරගන්න ඕනා නැත්නම් වෙන්නේ හැම තිස්සෙම මේක ඔලුවට කරදරයක් වෙලා මගේ බලාපොරොත්තුව මගෙන් දුරස් වෙන එක.. අද බැනුම් අහුවා හොදටම ඇති.. ලබන මාසේ ‍තෝරගැනීම් තරග වලට මෙහෙම සෙල්ලම් කරන්නයෑ... එහෙම උනොත් නම් අනාත වෙන්නයි වෙන්නේ...  හැම දේම සැහැල්ලුවට අරන් පුරුදු මට මේ ප්‍රශ්නය මහ බරක් විය...

.....

මා කොපමන වේලාවක් කල්පනා කරමින් පැමිනියේදැයි මතකයක්වත් නැත.. තනි වීමේ උවමනාවක් තිබුන නිසා මා යහලුවන්ට වඩා ගමන බාලකලෙමි.. ඔවුන් මට අලුත්ම පිස්සුවක් හැදිලායි විහිලු කරමින් යන්නට විය... ඇත්තටම යහලුවන් අතර පිස්සුම චරිතය මම විය.. ඒත් ඒ අද උදේ සිදුවීමෙන් පසු මට කුමක් වූයේදැයි මම නොදනිමි... ආඩම්බරකාරි මිනිස්සුන්ගෙ අතින්නෙ වැරදි වෙන්නේ මොකද වෙන්නේ සමාව ඉල්ලපුවම දුන්නනම් නිකන් අතින් පයින් යනව වගේ....

නැවත ඒ ඇස් දෙකේ හිමි කාරියගෙන් සමාව ඉල්ලා මේ ප්‍රශ්නය මෙතනින්ම ඉවරයක් කරගත යුතුය.. එහෙත් මා කවරදාකවත් එක වැරද්දකට එක පාරකට වඩා සමාව ඉල්ලා නොමැත... නෑ සමාව ඉල්ලලම නෑ කිවුවොත් තමයි හරි ඒත් ඒ ඇස් 2 මට කරදර කරන්නේ අයි මෙච්චර.. ඇයි මගෙ හිත මට කරදර කරන්නේ ඒ කෙල්ලගෙන් සමාව ගන්න කියලා...  මගේ ගෑහැනු යාලුවන් ගැන කිසි විටකත් මට මෙවන්න සිතුවිල්ලක් පහල වී නෑ.. මගෙ අතින් එයාලට වැරද්දක් උනත් සමාව ඉල්ලන්න හිතිලම නෑ.. අනේ මංදා මට මොනා වෙලාද කියලා...  මේ විදිහට ගියොත් නම් අද හවස Ricardo ගෙ ගෙදර ඇති පිස්සු නැටීමට අබ සරනයි..

.......

යහලුවන්ව බොරු කන්දකින් වහලා පසල අද්දර පාරට පැමිනියේ ඇයගෙන් සමාව ඉල්ලීමටය.. "එන්නේ නැද්දෝ අපිටත් වැඩ තියනවා" මං මටම කියාගනිමින් වෙලාව කන්න වගේ ඔරලෝසුව දෙස බලාගෙන සිටියෙමි.... මගේ වාසනාවට මෙන් වැඩි වෙලා යන්නට මත්තෙන් ඇය පැමිනියාය...හොද වෙලාවට දැන් ආවෙ නැත්නම් ඔරලොසුවෙ ක‍ටු බඩෙන් තමයි ගන්න වෙන්නෙ... වැඩි වෙලාවක් යන්නට මත්තෙන් කිවුවට ඉතින් පැය බාගයක් තරම් පොඩි වෙලාවයි ගියෙ... "එහෙනම් කෙල්ලේ අද හවසම් වරුවම කැවට වංදි ගෙවන්න වෙයි නේ..." දැන් අරූගෙ ගෙදර ගිහින් බැනුම් අසනවට වඩා මෙයත් එක්ක පිස්සුවක් නැටීම දාහෙන් සම්පතකි..

"ඒයි... මාව මතකද...?"
මා ඈ සිටි තැනට දුව යන අතර කෑ ගැසුවෙමි... ම්හූ ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත...
"මම ක්‍රිස්ටියන්, යාලුවො කියන්නේ නම් ක්‍රිශ් කියලා... සමාවෙන්න උදේ පොඩ්ඩක් හදිස්සියෙන් ආවෙ ඒකයි ඔයාගෙ ඇගේ හැප්පුනේ..."
ම්හු... නැවතත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත...
"ඔයාගෙ නම මොකක්ද?"
"ඔයා මෙහෙ කෙනෙක් නම් වෙන්න බෑ... ඔයාට තියෙන්නෙ කලුම කලු ඇස්.. අනික ඔයාගෙ හමත් මෙහෙ අයගෙ වගේ නෙමෙයි ලස්සනයි"
"ඔබ ඇමතූ ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත" මා මටම කියාගනිමින් සිනාසුනෙමි
ඇයට ගානක් නැත ඇය ඇගේ පාඩුවේ ඇගේ ගමන යයි මං මෙතන iPod 1ක් දැම්මා සේ කියවයි... හිතාගෙන ඉන්නේ මගෙ හවස් වරුවම අනුබව කරලා බබා වගේ යන්නද.... හි හී බලාගන්නකො දැන් ඔයාට මොකද වෙන්නේ කියලා....
  මම ඇගේ කන ලගට ගොස් හයියෙන් කෑ ගැසුවෙමි...
ඈ ඔරවා මා දෙස බැලුවාය... "ආ ඔයාගේ කන් ඇහෙනවද මං හිතුවෙ ඇහෙන්නේ නැතුව ඇති කියලා එක හින්දා පොඩ්ඩක් පරීක්ෂා කලා" මං මගේ දත් වලින්ම 42ක් පෙන්වා ඇගේ ඔරවන දැස දෙස බැලුවෙමි..
හිතාගෙන ඉන්නෙ ඔය බෝලගෙඩි ඇස් දෙකෙන් මාව අල්ලන්නද...? අල්ලයි මගෙ නැට්ට මා තනිව සිනාසෙමින් මටම කියා ගතිමි..
එහෙත් ඇගෙන් කිසිදු ශබ්දයක් පිට නොවෙයි... හොද වෙලාවට මට කටහඩ පරීක්ශනයක් නැත්තේ තිබ්බනම් කෙල්ලට එම පරීක්ෂනයද සමත් වෙන්නට වෙයි...
ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත... ඉතින් මට මොකෝ... කතා කරන්න බැරි උනත් කං ඇහෙනවනෙ දැන් ඉතින් මං කියන දේ අහගන්නකෝ කියා සිතමින් මම මගේ ජීව දත්ත පත්‍රිකාවම ඈ ඉදිරියේ හෙලුවෙමි... ඈ ඇගේ පාඩුවෙ ගමන් කරයි මා මගේ පාඩුවෙ කතා කරයි අනේ මංදා... එක පාරටම මට ලස්සන කටහඩක් ඇසිනි මම බීරාන්ත තත්වයට පත්වී මේ මොකාදැයි වට පිට බැලුවෙමි කවුරුත් නැත
මෙන්න බොල මෙතන හිටිය කෙල්ල නෑ.... "මොකක්? " මට ඇහුනෙ මොකක්ද?
ම්ම්ම්.........
හරි මතක විදිහට "මම මෙලීසා..." ඒත් කෝ මේ මෙලීසා කියන එකා....
එවිට මා දු‍ටුවේ ගොලු කෙල්ල පොත් ටිකද ‍රැගෙන අතුරු පාරක දුව යන අයුරුයි...
"ආ.... එතකොට ඔයා මෙලීසද?"
හරිය ඈට කතා කිරීමටද පුලුවන.. හෙට අල්ලගන්නම්කෝ.... මම මටම කියාගෙන නිවසට යාමට පිටත් විය

10 comments:

  1. ආ..එතකොට එයා මෙලීසද? ;;)

    ReplyDelete
  2. ඔවුලු බං... දැන් තමයි මමත් දැන ගත්තේ...

    ReplyDelete
  3. හුටා

    මට දැනුයි මීටර් උනේ ..එයා මෙලීස නේද ? නියමයි නියමයි ..දැන් දෙපැත්තටම දුව දුව බලන්ඩ බැරියැ ..ලියපං මචෝ ! එලමකිරි

    ReplyDelete
  4. පරිස්සමෙන් හැති වැටෙයි සදරු අයියේ.... ;)

    ReplyDelete
  5. කටහඩ පරික්ශ්ණයකුත් පුරුදු වෙන්න අයියා..... නැත්නම් අපරාදේනේ... :P

    ( ලස්සනයි හොදේ ඉක්මනට අනිත් ටිකත් දාන්න..) :)

    ReplyDelete
  6. නෑ ඕන වෙන එකක් නෑ කොහොම හරි කතා කලානෙ... ඒ ඇති.... :D

    ReplyDelete
  7. කියවන්නේ නෑ...ඔක්කොම ලිව්වම කියවන්නේ....කොමෙන්ට් එකක් දාලා යනෝ....ලියපිය දිගටම....

    ReplyDelete
  8. අනේ රත්ගමයෝ කෝලම් කරන්නේ නැතුව කියවපන්.... :-L

    ReplyDelete
  9. අර කිව්වත් වගේ බං..එහාටයි මෙහාටයි බඩ ගාලා අපිට හති වැටෙන කේස් එකක් මෙක...

    ReplyDelete
  10. ඒක හිංදම තමයි පටන් ගන්න ඉස්සරලා ලින්ක් 1 දාලම පටන් ගන්නේ....

    ReplyDelete