Thursday 18 August 2011

නාබිගතවූ ඉලක්කය සිහිනයක් වූ කල


දහතුන් වසරක්
වෙහෙසවා හිස
අසමබරව, 
ලෙඩුන් වන ලෙස 
මානසිකව.
එකම ඉලක්කයකට 
නාබිගතව 
වින්දත් දුක් අප
අද අසරණයි 
ලැබුණු දෙයක් නැත 
ලබාගන්න දෙයක් නැත 
අවුරුද්දක් 
කාලකන්නි ලෙස 
ගෙවුන බව පමණක් මතකයි  
නාබිගත වූ ඉලක්කය 
සිහිනයක් වූ කල
ඒ සිහිනය තුල 
තව දුරටත් රැදෙනවද
නැතිනම් වෙන මගක යනවද?
අසරණයි අප 
ඔව් 
අප තෝරාගත් වාසනාවන්ත 
පිරිසක්ලු 
ඒ වාසනාව 
නොදන්නා ආරම්බයක් ලැබෙන තෙක් කාලකන්නියන් වීමයි 

 

9 comments:

  1. මම මේ ගැන ලිව්වා බන්..ලියලා ඩ්‍රාෆ්ට් එකේ තියන් ඉන්නවා./..බ්ලොගේ අවුල් නිසා දාන්න බෑ..හෙටවත් දාන්න ඕනා

    ReplyDelete
  2. එල එල... දාහන්කෝ..

    ReplyDelete
  3. මොකෝ මලයො, ගෙදරට වෙලා ඉඳල එපා වෙලාද?

    ReplyDelete
  4. ආයෙත් අහනවා... එක්කෝ පටන් ගන්න ඕනා.. දැන් නම් එෆා වෙලා ඉන්නේ

    ReplyDelete
  5. ඉක්මනට පටන් ගනියි. එතකොට හිතෙයි අපෝ ගෙදර ඉන්න තිබුනානම් කොච්චර හොඳද කියලා. ඉවසපා.....න්

    ReplyDelete
  6. ඔව් බං, ඔය තමයි හිතේ නිදහසේ ඉන්න පුලුවන් අන්තිම දවස් ටික. ආයෙත් ජීවිතේට ඔහොම කාලයක් එන්නෙ නෑ.

    ReplyDelete
  7. ඇත්තටම කතාව ඇත්ත.A/L කියන්නේ අපේ ජීවිතේ තීරනාට්ය්හ්මක සාදකයක් තමයි.මොකද හදිසීයේවත් කෙලවුනොත් මොකද සල්ලිතියන්වා යෑ අපිට ඉගන ගන්න.....දුක තමයි මචන් මොනවා කරන්නද....

    ReplyDelete
  8. අඩෝ පාඩුවේ වලක් බැහැලා හයර් එකක් දුවලා ඉන්න තියෙන අන්තිම කාලේ දුකයි අන්තිම අවුරුද්දේ කරපුවා කරන්න හිතන් ඉදන් බැරි උන එව්වා මතක් වෙද්දී:(

    ReplyDelete
  9. eheh කොල්ලා,,, ඔයා අඩුම ගානේ select වෙලා කියල sure නේ..?
    මම බලන් ඉන්නේ බෝට්ටුවක් එනකන්...be happy abot u...:D ඔයාගෙ නැව sure නේ..

    ReplyDelete