Sunday 6 May 2012

නොසැලෙන්න

නුඹ යමක් කරන විට 
සැවොම නුඹට එරෙහි වේවි 
නුඹේ සහයට කවුරුත් නැති වේවි
එතකොට නුඹට හිතේවි මුළු ලෝකෙම 
උඹට විරුද්ද වෙනවා වගේ 
මුළු ලෝකෙම නුඹව තනි කරනවා වගේ 
ඒත් නොසලෙන්න 
අත නොහරින්න නුඹ කරන දෙය 
දවසක තේරුම ගනීවි ඔවුන්... 
ඔව් එදවස නුඹව තනි කරපු 
ඔවුන්ම පසසයි නුඹව,
නුඹේ කාර්ය... 
එවිට නුඹට තේරෙයි 
නුඹේ වටිනාකම
නුඹට පෙනෙයි 
එදවස නුඹව තනි කරපු මුළු ලෝකයම 
නුඹ ලග බව 

ඉතින් අත නොහරින්න...

ප.ලි. : linking park ලගේ Robot boy සින්දුව අහපුවම හිතට ආව අදහසක් තමයි අකුරු කලේ 

11 comments:

  1. අත සොලවන්න වගේ එකක් අන්තිමට දැම්මොත් මොකො?

    ReplyDelete
  2. උඹ ඇවිල්ලා කෑවා... උඹ හොලෝ ගනින්

    ReplyDelete
  3. පෝස්ට් එක නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  4. සෑහෙන කාලෙකින්.. මොකො දැන් ඉස්සර වගේ ලිය වෙන්නේ නැත්තේ?

    ReplyDelete
  5. දිනේෂ් අයිය: මේ දවස් වල වැඩ ටිකක් වැඩි අයියා.. ඒක හින්දා හරිහමන් නිදහසක් නෑ මුකුත් ලියන්න.. වෙලාවනම් තියනවා ඒත් නිදහසක් නෑ... නිදහසක් හම්බුනා ගමන් ඔයා මොනාහරි ලියනවා

    ReplyDelete
  6. ම්ම් ම්ම් සහටික ඇත්ත.....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... මේක තමයි ඇත්තම ඇත්ත

      Delete
  7. හුඟාක් කාලෙකින්ද? ඔව් නේ?? ම්ම්.. නියමයි තේරුමනම්.. මම ලින්කින් පාර්ක් ලගෙ සින්දු අහන්න අඅස නෑ..ඒත් මේ සින්දුවෙ අදහස මරු!!

    ReplyDelete
    Replies
    1. LP ලගේ ගොඩක් සින්දු වල තේරුම ලස්සනයි අහලා බලන්න
      ඔව් ඔව් ගොඩ කාලෙකින් තමයි ආවේ

      Delete
  8. Replies
    1. ස්තූතියි කිවුවා ඔන්න... වෙසක් එහෙම කොහොමද අයියලට?

      Delete