Wednesday 4 April 2012

FUTURE LEADERS

ඔන්න කිවුවත් වගේ FUTURE LEADERS camp ඒක ගැන කියන්නයි යන්නේ... ඊට කලින් මම ලියපු පොස්ට් දෙක පොඩ්ඩක් කියවල හිටියනම් හරි...

http://wenasak.blogspot.com/2011/06/leadership-training-camp-part-1.html
http://wenasak.blogspot.com/2011/06/future-leaders-training-camp-prt-2.html

ඒ දවස වල එහෙම කිවුවට දැන් තමයි තේරෙන්නේ මේකත් බොරුවට සල්ලි නාස්ති කරවන්න කරපු වැඩක් කියල... කැම්ප් ඒකෙන ගන්න දෙයක් තිබුන තමයි ඒත් ඒ දේ එයිට වඩා සුන්දර විදිහට කැම්පස් ඒක ඇතුලෙදි ගන්න පුළුවන්..

හ්ම්.. අපි මං ලියල තියන විදිහටම පටන් ගමු එහෙනම්...
ඒක ශාරීරික ක්‍රියාකාරකම්: අවුරුදු 20ක් තිස්සේ කම්මැලි කමට හැදුන කෙනෙක්ට සති 3-4 කින් තමන්ගේ ජිවිත ක්‍රියාකාරම් වෙනස් කරගන්න අමාරුයි.. ඒ සති ටික අමාරුවෙන් ඒවා කලාට ආයේ ගෙදර ආවම සුපුරුදු ජීවිතේම තමයි. ඒක තේරෙනවා කැම්පස් ආවම.. අනික කැම්ප් එකේදී පාන්දර ඇහැරවන ඒක.. ඊට පස්සේ PT යන එක ඕක කරවන්නේ උදෙන්ම නැගිටින්න පුරුදු කරන්නලු එත් ප්‍රශ්නේ තියෙන්නේ කැම්පස් ආවට පස්සේ කොහොමත් ඔයිට‍ කලින් ඇහැරෙන එක කැම්ප් ගිය එකා නොගිය එකා කියල වෙනසක් නෑ.. මොකද උදෙන්ම Lectures තියනවනම් පුළුවන් ඉක්මනට lectures දුවන්නයි බලන්නේ නැත්නම් ඒ ලෙක් එකට සොරි වෙනවා හෝල් එකේ දොර වහපුවම.. කොහොම හරි කමක් නෑ උදෙන්ම නැගිට්ටවපු එක හොදයි කියමුකේ එහෙනම්..

පස්සේ අපි බලමු සරඹ, කණ්ඩායම් ක්‍රියාකාරකම් ගැන..
මේකෙනම් ඉතින් කණ්ඩායමක් විදිහට හැසිරෙන්න ඕනේ විදිහ ගැන පොඩි අවබෝදයක් දෙනවා.. ඒත් ඒක එච්චර සල්ලි වියදම් කරලා උගන්නන ඕනෙද කියන ඒක ප්‍රශ්නයක්... මොකද මිනිහ කියන්නේ සමාජීය සත්වයෙක් ඉතින් මිනිහෙක්ට පුළුවන් තමන් ඉන්න පරිසරයට අවශ්‍ය විදිහට ඉක්මනින් හැඩගැහෙන්න.. එහෙම එකේ මෙච්චර සල්ලි වියදම් කලේ ඇයි කියන ඒක ප්‍රශ්නයක්..

මොනා උනත් වටිනා දෙයක් තිබ්බා.. ඒ ප්‍රතමාදාර උගන්නපු ඒක සහ නිතිය උගන්නපු ඒක ඇත්තටම ඒක ගොඩක් වටිනවා.. ඒත් උවමනාවක් තිබ්බනම් මේ දෙකත් කැම්පස් එකේ මුල් සති දෙක තුනේ උගන්නන්න තිබ්බා අමතර වියදමක් නැතුව..

වැඩක්ම නැති දේවල් වලට තිබ්බේ භෝජනාගාර වත පිළිවෙත Power Point වලින් උගන්නපු ඒක මේ වගේ දෙයක් ප්‍රයෝගිකව නැතුව කොහොම උගන්නුවත් වැඩක් තියනවද කියන ඒක ප්‍රශ්නයක්...

සාපේක්ෂව ගත්තොත් මේ වැඩසටහන 70% විතර අසාර්ථකයි.. මේ වැඩසටහන රුපියල් කෝටි 20ක් වටින්නේ නෑ.. ඒ සල්ලි වලට කරන්න වැඩ ගොඩක් තියනවා තව.. කැම්පස් එකක ඉන්න එකෙක්ට තේරෙනවා සමහර අඩු පාඩු කැම්පස් එකේ තියන.. ඒ සල්ලි කැම්පස් එකට යෙදෙවුවනම් එකේ වටිනාකම වැඩි...

10 comments:

  1. Replies
    1. හ්ම්ම් වෙන මොනා කියලා කියන්නද නේ..?

      Delete
  2. අනේ මන්ද අයියේ....ඔව්ව ගැනනම් වැඩි තේරුමක් නෑ ඉතින්.....
    වතාවක් කලින් ඇවිල්ල තියෙනව වුනත් ඔන්න ඔයාගෙ ජයග්‍රාහී සියවෙනි වාසනාවන්ත ෆලෝව වුනේ මම.....:)

    ReplyDelete
  3. ස්තූතියි කිවුවා නැඟී එහෙනම් ඔන්න

    ReplyDelete
  4. අනේ මන්දා ඉතින්.....

    ReplyDelete
  5. මේවුවා ගැනනම් ඉතින් මොනා කියන්නද?

    ReplyDelete
  6. අයියෝ සල්ලි කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. :(

    ReplyDelete