Monday 3 October 2011

හැර යාම

යන්නට යමි මම
මිතුරු සැම දමා
දෙමාපිය ආසිරි මැද
මගේම අනාගතය වෙනුවෙන්
දුර ගමනක්...
දුකයි යාමට
ඔබ සැම දමා
ඔබ සැමගෙන් වෙන්ව
එහෙත් නොමැත වෙන විසදුමක්
යන්නටම වෙයි

නව පරිසරයක්
නව ඉගෙනුම් ක්‍රමයක්
හැකි වෙයිද හුරුවීමට ඉක්මනටම...
පරාජිතයෙක් ලෙස නොව
ජයග්‍රාහකයකු ලෙස පැමිණෙන්නට...

ඒත් දුකයි දමා යාමට
ඔබ සැම
13 න් වසරක් එකට 
ඉගන ගත් 
ගහ මරා ගත් 
ඔබ සැම දමා යාමට 
හිත් නොදෙයි..



2 comments:

  1. සුභ අනාගතයක් යාළුවා....

    ReplyDelete
  2. ඕකේම අනිත් පැත්ත කියයි අවුරුදු 4ක් ගෙවෙනකොට. කැම්පස් එක දාලා එන්න දුකයි කියලා කියයි.

    වල සතිය, ෆිල්ම් ෆෙස්ටිවල්, ජිම් එකේ මියුසිකල් ශෝ, සාහිත්‍ය උත්සව වගේ ෆන් ගන්න පුලුවන් හැමදේම කරන්න මල්ලි. උපරිම ෆන් ගනින්. ඒ වගේම හොදට වැඩ ටිකත් කරගන්න !!!!!

    ජය වේවා !!!

    ReplyDelete