Saturday 21 May 2011

Future Leaders

S. B. මාමට පිං  සිදු වන්නට හෙට සිට සති තුනක් පමණ මන් නැත 
මේක කියවන අයටනම් ඒ තරම් සුභ ආරංචියක් තවත් නැතුව ඇති 

ඔන්න බලාගන්න S.B. මාමා ගෙන්න ගියලා තිබ්බ බඩු වල ගණන් අපි වගේ දුප්පත් අසරණ මිනිස්සු මේවා කොහොම ගන්නවද කියල තේරෙන්නේ නැතුවද දන්නේ නෑ මෙච්චර ගෙන්න කියල තියෙන්නේ.

සුදු කැන්වස් (කවදාවත් පාවිච්චි කරලා නෑ මගේ සයිස් එකට එකක් හොයාගන්නත් හම්බුනේ නෑ එක හින්ද අලුතෙන්ම ගන්න උන )  රු. 870 යි 
නිල කොට කලිසම් (9 වසරේදී ඇන්දට පස්සේ අදලම නෑ අලුතෙන් මහුවා ) දෙකටම රු. 1200 යි 
සුදු ඇද රෙදි (සුදු ඇද රෙදි පාවිච්චි කරලම නෑ අලුතෙන් ගන්න උනා ) රු. 2500 යි 
පාස්පෝට් ප්‍රමාණයේ ෆොටෝ 3 ක්  රු. 300 යි
ට්‍රැක් බොටම් (කවදාවත් ඇදල නැත වෙන එකෙක්ගෙන් ඉල්ලන්නත් බැරි හින්ද අලුතෙන් ගත්තා) රු. 500 (ආසන්නව අක්ක ගාන කිවුවේ නෑ)

විශේෂයෙන් ගන්න උනේ මෙච්චරයි 

මුළු වියදම (බඩු වලට පමණක්)  =   5370 යි
ගමන් වියදම් සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය වලට ආසන්නව රු. 2000 ක් දැම්මොත් 

මුළු වියදම රු. 7370 යි 

ගොඩක් වෙලාවට උසස් අද්‍යාපනය ලබන්න සුදුසුකම් ලබන්නේ දුප්පත්, එදා වෙලා අමාරුවෙන් හොයාගන්න අසරණ මිනිස්සුන්ගේ ළමයින් ඉතින් එයාල කොමද මෙච්චර වියදමක් කරන්නේ අඩුම තරමේ මේ ගමනට රු. 5000 ක් වත් යනවා. S.B. මාමට මේක තේරුනේ නැද්ද දන්නේ නෑ 
අනිත් එක එවල තියන ලියුමේ සදහන් වෙනවා මෙම පුහුණුව උසස් අද්‍යාපනය ලැබීමේ 'අනිවාර්ය' කරුණක් වෙනවා කියලා එතකොට මුදල් අපහසුතාවයන් තියන අදාල ද්‍රව්‍යන් සපයාගන්න අමාරු ළමයින් කොමද මේකට සහබාගි වෙන්නේ. ඒ හේතුව හින්ද මේකට සහබාගි නොවන ළමයින්ට කැම්පස් යන්න බැරිද? 

මේකට මම බැන්නට මේකේ හොදකුත් තියනවා.. එත් තවත් හොද වෙන්න ගියා දුප්පත් ළමයින් ගැන හොයල ඒ ළමයින්ට මේ බඩු ටික ලබාදුන්නානම්. එතකොට ඒ දෙමවුපියන්ට එක බරක් නොවෙන්න තිබ්බා. එතකොට ඒ ළමයින්ට හිතේ බරක් නැතුව මේකට සහබාගි වෙන්න තිබ්බා  


ගිහින් ආවට පස්සේ වැඩේ කොමද කියලා කියන්නම්කො 

24 comments:

  1. හෆ්ෆා මාලන් සිරාවට ඒ වගේ සුභාරංචියක් තවත් නෑ. කොහාටද යන්නෙ? සති 3න් ඇවිල්ලා කියන්න මොකද සිද්ධිය කියල. පරෙස්සමින් ගිහින් එන්න බුදු සරණයි.

    ReplyDelete
  2. උඹ ගිහින් ආවම බ්ලොග් එක ලියාවිද කියලත් ෂුවර් නෑ. අනිවාර්යෙන්ම හොඳ විෂබීජ ටිකක් ඔලුවට දාල එවාවි. S.B. මාමා ලස්සනට අපේ විශ්ව විද්‍යාල පද්ධතියටම ෂොට් එක දෙන්න තමයි ඔය හදන්නෙ. එතකොට පුද්ගලික විශ්ව විද්‍යාල වලට ලස්සනට වැඩේ කරගෙන යන්න පුලුවන්. හොඳ දෙයක් විතරක් තියනව නම් අරගෙන ඔලුව විකාර කරගන්නෙ නැතුව වරෙන්.

    ReplyDelete
  3. කියන්නා කෙසේ කීවත් අසන්න සිහිබුද්දියෙන් ඇසිය යුතුයි කියලා කියමනක් තියෙන්නෙ.. අන්න ඒක හින්දා කියන දේවල් අහනව වගෙ පෙන්නල එනවා... :P

    ReplyDelete
  4. සංජු ආච්චියේ හාකෝ මම පරිස්සමෙන්ගිහින් එන්නම්කෝ

    ReplyDelete
  5. අප්පච්චියේ කීව නම් මාලන් මාමාට ඔය ටික අරන් දෙනවනේ. ගිහින් එන්න. අපි බලාගන ඉන්නම්. වෙන ඉතින් මොනවා කරන්නද?

    ReplyDelete
  6. පො.කු. අක්කේ විහිලුවක් නෙමේ.. ඔය ටික ගන්න එක මට එච්චර දෙයක් නෙමේ.. මොකද මම ගෙදර හිටියනම් මාසෙකටම ඔයිට වඩා වියදම් හින්දා..(වැඩියෙ ඒ ගැන හිතන්න එපා මේ මාසෙම ගෙදර නැති හින්දා ඒක එච්චර අවුලක් නෑ) ඒත් එදා වේල කන්න අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මනුස්සයෙක්ගෙ ළමයෙක් කොහොමද ඔය බඩු ටික ගන්නේ...?

    එහෙනම් කරන්න ඕනා එහෙම ළමයින්ට ඕවා අරන් දෙන එක නේද? ඒ මනුස්සයන්ට තවත් බරක් දෙන්නේ නැතුව...

    ReplyDelete
  7. ela kiri..!!! Menna ape subha pethum.... !!!

    Punchi yojanaawak....Oya sathi thuna iwara unaata passe oya badu tika okkoma pack karala aran thiyanna. Labana aurudde oya program ekata yana ekkenekta thegi denna.... (andurata shapa nokara api eka pahanak hari dalwamu.... !!! )

    wede karagena ela kiri kollek wage enna... !!!

    ReplyDelete
  8. නිවුස් වලින් මේ ගැන මම දැක්කා.. ඒත් මේ විදිහට වියදමක් යනවා කියලා මම දැනන් හිටියේ නෑ.. මේ වැඩේ සාර්ථකද නැද්ද කියලා ඉතින් ගිහින්ම තමයි බලන්න ඕන.. මොකද මොනවා වෙනවද කියලා අපි දන්නේ නෑනේ.. ඒත් කිවුවා වගේ දුප්පත් ළමයින්ට තමයි එකෙනුත් ප්‍රශ්ණය.. ගිහින් ඇවිත් අපිටත් විස්තර කියන්න.. සුභ ගමන්..

    ReplyDelete
  9. ඇනෝ: ඔව් ඒ කතාව ඇත්ත තමයි එහෙම කරන්න පුලුවන් නේ...

    දිනේශ් අයියා: ගිහින් ඇවිත් කියන්නම්කො වැඩේ සාර්තකද නැද්ද කියලා

    ReplyDelete
  10. හික්ය බන් මට ඔයිට වඩා පෝඩ්ඩක් අඩුවෙන් ගියා ලොල්...
    /එත් තවත් හොද වෙන්න ගියා දුප්පත් ළමයින් ගැන හොයල ඒ ළමයින්ට මේ බඩු ටික ලබාදුන්නානම්/
    අනිවා බන් අපිට මෙහෙමවත් පුලුවං උනාට කොහොමවත් බැරි උං ඕනි තරම් ඉන්නවනෙ

    ReplyDelete
  11. SB ta pissu nennam. ape podi unta adu wela tibune hamuda puhunuwa witarai, dan ekath dunnama kollo tika putu mesa walin gaha gatta wenuwata ilagata randu kara ganne thuwakku walin.

    ReplyDelete
  12. මදුශාන්: ඔව් බන්..

    ශා: බලමුකෝ ඒක කොහොම වෙයිද කියලා

    ReplyDelete
  13. Well, if this program becomes really successful then this cost will be a real investment. As a graduate from a university I must admit that most of the graduates ( mostly the students from outstations) do not have a proper personality or leadership. They simply don't have the guts to talk with the VC as a gentlemen. On the other hand they do not know how to wear a tie or how to face an interview. You might say that this is not important bust the society does. That is why most graduates cannot compete with the students who do CIMA etc. Any way all the best. Try to get something good from this program. If you go with a free and open mind you will be able to find some thing that is really good for your life.

    Anjana

    ReplyDelete
  14. මාලේ කොහෙද යන්නේ .. යන තැනක පරිස්සමින් ගිහිං වරෙං මචං ..

    නිවාස අඩස්සියට වත් රගෙන යනවද මන්දා මාලන්ව

    ReplyDelete
  15. ලොල්ය.. අසියාවෙ මෙවුව එකනෙ බන්....

    ReplyDelete
  16. http://status-chanaka.blogspot.com/2011/05/blog-post_9565.html

    ReplyDelete
  17. අනේ මලේ අඬු කඩාගන්නැතුව ආපහු වරෙන් පරිස්සමට.

    ReplyDelete
  18. පුතා,
    මම 88/89 කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ඒ කාලේ කැම්පස් කොල්ලෙක්ට හමුදා කදවුරකට ගෙනිච්චොත් ඉතිං අනිච්ඡාවත සංඛාරා තමයි. මට මටතකයි එස් බී ඒ කාලේ අපේ කොල්ලෝ වෙනුවෙන් උන්ගේ ජීවිත වෙනුවෙන් මාර සටනක් දුන්නා. අනේ ඒ හිටපු එස් බී දැන් කෝ? ඔයා හොදින් ගිහිල්ල එන්න, ඔතන මොනවා හරි දෙයක් ඉගෙන ගන්න බලන්න. ( මම නම් හිතන් නැහැ දෙයක් ඇති කියලා.) කොහොම හරි තෙරුවන් සරණයි!
    සුභ ගමන් !!!!!!

    ReplyDelete
  19. :(( මම මේක මූණු පොතේ ප්‍රචාරය කරන ලදී.. Links මෙම අඩවියට යොදා ඇත.

    ReplyDelete
  20. සති තුනකට පස්සෙ ආවම මේකත් කියවල බලන්නකො. මම මේක ලියන්න හිටියෙ පළවෙනි කණ්ඩායම පුහුණුවට යන්න කලින් ඒ අයටත් කියවන්න පුලුවන් වෙන්න. ඒත් පරක්කු වුණා

    http://status-chanaka.blogspot.com/2011/05/blog-post_9565.html

    ReplyDelete
  21. ෆන් එකක් අරන් වරෙන් බං.....කියන තරමට යකා කළු නැතුව ඇති.

    ReplyDelete
  22. වැඩේ නම් පට්ට ආතල්ය...
    ඉගනගන්නත් ගොඩක් දේවල් තිබුනා... කතා කරලා වැඩක් නෑ ... 100/100

    ReplyDelete
  23. @මාලන් ඔව් බන් සිරා වැඩේ තමා...ඉගන ගැනිල්ල කෙසේ වෙතත් පට්ට ආතල් එකක් ගත්තා :P :P උබ කොහෙද හිටපු කැම්ප් එක?

    ReplyDelete
  24. පහලගම පොලිස් විද්යාලය බන්z අඩෝ අඩෙනව බන් මතක් වෙද්දි...

    ReplyDelete