Friday 20 May 2011

ඇත්තටම මම කවුද?

හොයමි මම මම කවුද කියා.. 
තවමත් උත්තරයක් හම්බ නොවුන එකම ප්‍රශ්නයක් 
කන්නාඩිය ඉස්සරහට ගිහින් 
මාවම බලාගෙන මම ඇහුවා මම කවුද?
එතකොට මගේ ප්‍රතිබිම්බය ආයෙම ඒ ප්‍රශ්නය මගෙන් ඇහුවා..
දැන් මම කවුද? 
මට දැනගන්න ඕන මම කවුද කියන එකයි 
ඔව් මම මම වෙන්න ඇති 
එත් මම කවුද?
දැන් නම් ඔලුවත් රිදෙනව වගේ.. 
එත් මට මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕන 
මම කවුද කියන දේ මම දැනගෙන ඉන්න ඕන 
එත් මම දන්නේ නැති දේත් එකමයි 
ඇත්තටම මම කවුද?

10 comments:

  1. homo sapiens sapiens එච්චරයි මම නම් දන්නෙ.

    ReplyDelete
  2. සොෆීගේ ලෝකය කියවන්න. පොඩි වැටහීමක් ගන්න පුළුවන් වේවි.

    ReplyDelete
  3. පාර පොඩ්ඩක් කියන්න බලන්න...

    ReplyDelete
  4. මොකෝ මේ එක පාරම ? ? ? :?

    ReplyDelete
  5. එය මියෙන තුරා තමාටවත් වෙනත් කෙනෙකුටවත් තේරුම් ගත නොහැකි දෙයක් බවයි මගේ හැඟීම .........

    ReplyDelete
  6. මටත් තියෙන ලොකුම පස්නේ ඕක තමා...

    ReplyDelete
  7. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නම් මම යනු මම යි. ඉන් එහාට කිසිත් නැත. මම කවුදැයි දන්නෙකුදු මෙලොව නැත..... ඔන්න ඔහොම කතාවක් ක්‍රිෂ්න මූර්ති කියල තියෙනව. :D :D :D

    ReplyDelete
  8. මා විසින් "මම" නිර්මාණය කරන කල්හි "මම" යනු කවරෙක්දැයි ඇසිය යුත්තේ මගෙන්ම පමණි.

    ReplyDelete
  9. මම යනු "මම" යි,මා යන මාර්ගය අනුව "මම" යන තැනැතාගේ වටිනාකම තීරණය වේ.මම යන්න කවුදැයි කියා තේරුම් ගත හැක්කේ ද මටම පමණි.

    ReplyDelete