Thursday 30 December 2010

ගමන....


තමන් ගමනක් යද්දි පාර කොහොමද?
පාරෙ යන මිනිස්සු කාලද?
පාරෙ ගල් තියනවද?
තව කොච්චර දුර යන්න ඕනද....?
පාරෙ ගස් තියේද?
අපි එන එකට පාරෙ මල් වවලා පාර ලස්සන කරලා අපිව පිලිගනීද? කියල හිත හිත අපි ගමනක් යන්න යනවනම් අපිට කවදාවත් අපේ ඉලක්කයට යන්න බැරි වෙනවා....

අපි ගමනක් යද්දි අපිට බාහිර ලෝකෙ ගැන හිතල වැඩක් නෑ... වෙන මිනිස්සු කොහොමද ලස්සනට ඇදලද, වැරහලි ඇදලද කියල වැඩක් නෑ.... අපේ ගමනට මිනිස්සු මොනා කියයිද කියල වැඩක් නෑ.....
වැඩක් තියෙන්නේ අපිට අපිව විස්වාසයිද? අපිට වාහනේ විස්වාසයිද කියන එක විතරයි...... අපිට අපිව විස්වාසනම් අපිට වාහනේ විස්වාසනම් අපි අපේ ගමන යං මිනිස්සු අපිට එක එක කතා හදයි අපිව කොන් කරයි ඒත් අපි අපේ ගමන යං කවදා හරි අපි අපේ ඉලක්කයට ගිහින් එද්දි අපිව කොන් කරපු මිනිස්සුම අපිව පිලිගන්න ලැස්ති වෙලා ඉදියි.....

ඒත් අපෙ පාර ගොඩක් දුක් කරදර වලින් පිරිල තියෙයි මිනිස්සු අපිට නින්දා කරයි අපිව නවත්තන්න කවදාවත් තමන්ගෙ ඉලක්කයට ලගා වෙලා මිසක් නවතින්න එපා...

12 comments:

  1. කතාවනම් ඇත්ත සහෝදරයා. ඒත් කොරන්න ගියාම තමා ටිකක් අමාරු. මිනිසා කියන්නේ සාමූහික, සමජ්යීය සත්වයෙක්නේ. ඒ නිසා සමාජයීය හැඟීම එච්චර ලේසියෙන් අමතක කරන්න අමාරුයි.

    ReplyDelete
  2. මිනිසා සමාජීය සත්වයෙක් කියන එක පිලිගන්නව
    ඒත් අපි වෙන අය ගැන හිතුවට වෙන අය අපි ගැන හිතනවද කියන එක ගැටලුවක් නේද?

    අපිට පුලුවන් වෙන්න ඕන නේද සමාජීය හැගීම් තියාගෙන අපෙ ගමන යන්න...
    මොකද අපේ ගමන නවත්තන්න අපිට වරදින හැටි බලන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා ඒත් අපේ ගමනට අපි අපේ ඉලක්කයට ලගා වෙද්දි සතු‍ටු වෙන්න ඉන්නේ ටික දෙනයි...

    ප.ලි. - මට සිදුවුන සිදුවීමක් නිසා ලියපු දෙයක්... සමහර විට මේක වැරදි වෙන්නත් පුලුවන් ඒත් මටනම් මේකෙ වැරද්දක් පේන්නෙ නෑ....

    ReplyDelete
  3. කතාව නම් ඇත්ත තමයි. අපට අපේ ඉලක්ක වලට යන්න ඕව බාහිර දේවල් බාධක නෙමෙයි. ජය වේවා !!!!

    ReplyDelete
  4. Marlan,

    මේක වැරදි බව නෙමේ මම අදහස් කලේ. ඇත්තටම වෙන්න ඕනේ නම් මේක තමා. ඒත් කරන්න ලේසි දෙයක් නෙමේ. ආසියානු සමාජය හැදිලා තියෙන්නෙම මුහුණත වටිනාකම ආරක්ෂා කර ගැනීමට. පොඩි කාලේ උනත් දෙමව්පියෝ කියන්නේ ඒ ගැනම තමා. මොකක් හරි කරන්න ගියාම ඒක වලක්වන්නේ ."මිනිස්සුත් බලන් ඉන්නවා" කියල. අපි අපේ හැඟීම් එලියට දාන්නේ නෑ සමාජයට බයේ. අනිත් මිනිස්සු මොනාද කියන්නේ කියල බයේ. සමාජයේ හැඟීම ගැන තියෙන ලැජ්ජාව ලෝක පාලන ධර්මයන්ගෙනුත් එකක් කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනවනේ.

    ReplyDelete
  5. @ sayuru:

    මං ඔයා මුලින් කියපු දේටත් එකගයි... මොනා උනත් සහෝ අපිට මිනිස්සු විදිහට තව මිනිහෙක්ගෙ අසරන කමක් බලන් ඉන්න අමාරුයි... ඒත් ගොඩක් වෙලාවට මිනිස්සු තමන්ගෙ අසරන කම් පෙන්නලා අපිව රවට්ටනව නේද?

    ReplyDelete
  6. ඒක ඇත්ත. මමත් ඕනතරම් ඔය විදියට රැවටිලා තියෙනවා. ඒත් එකෙන් තමා අපි පාඩම් ඉගන ගන්නේ. මගේ පාර්ට්නර් කියන්නේ fool me once shame on you.. fool me twice shame on me කියල.

    ReplyDelete
  7. @ SaYuRu
    ඒකනම් එලම කතාව.... කවුද දන්නේ නෑ නේද ඔයාගෙ partner ?

    ReplyDelete
  8. මගේ බ්ලොග් එකේ අර ඉංග්‍රිසි ලිපිවල සඳහන් වෙන කෙනා තමා. :D

    ReplyDelete
  9. කඩු බැරියෝ........

    ReplyDelete
  10. සහයට ඩෑනි පිටිපස්සෙන් ඉන්නව සහෝ.. පුලුවන් විදියට උදවු කරන්නම්,, ඔයා හරි පාරෙ වෑටෙන්නෙ නෑතුව ගමන යන්න,,
    ජය වේවා bokka !

    ReplyDelete
  11. එලස්.... මං වගේම උබත් හරි පාරෙන් යමං... එතකොට අපිටත් සතු‍ටුයිලුනේ....

    ReplyDelete