Thursday 23 August 2012

වරද

ඔහු..,
දියනියගේ බඩගින්න නිවන්නට
"හොරෙන්" අරගත්
රුපියල් දහස නිසා
පොලිසියෙන් ගුටි කා
අද සිරගෙදරය

එතුමා..,
තම පුතුට
සැප රියක් අරන් දීමට
ජනතාවට "පාඩු" කල
රුපියල් මිලියන සියය නිසා
පොලීසියෙ ආචාර මැද
අද නම්බුනාම ලබයි

එකම වරදය
දඩුවම වෙනස්ය
වැරදිකරුවෙක් බුහුමන් ලබන විට
අනිකා සිරගෙදරය

වරද එතනමය

9 comments:

  1. හාල්මැස්සෝ අල්ලගෙන තඩිබාන එක නෙව මෙහේ තියෙන සිරිත

    ReplyDelete
    Replies
    1. Eka kawada wenas weida kiyana eka thamai thiyana prasne

      Delete
  2. MINISTERS LA BILLION GANANIN MANKOLLA KANAWA.

    ReplyDelete
  3. මට අපූරු සිංදුවක කොටසක් මතක් උනා බොලව්.
    ලොකු කකුලක් කුඩු ගසා අහු උනත්
    ගානක් නෑ ලොකු කම හින්දා..
    පොඩි මිනිහෙක් ලී කුඩු ගෙන යත්දී
    අල්ලා හිර කෙරුවාලූ ඇට ක‍ටු කුඩු කෙරුවාලූ...

    උස තැනදි හැකිලෙන මිටි තැනට පුප්පන අපෙ රටේ නීතිය හා ඒක රකින උන්..!
    (ආ...අර සිංදුවෙ තනුව සොර දෙ‍ටුවෙක් ගීයේ තනුව)

    ReplyDelete
    Replies
    1. Neethiyama witharak newe banz mekata waradi

      Delete
  4. නීතිය ඉදිරියේ හැමෝම සමානයි කිව්වට එකත් හරියට තරු පහේ හෝලටය හැමෝටම විවෘතයි වගේ තමා..
    :)

    ReplyDelete
    Replies
    1. Methana neethiyama witharak newe awula... Me samaaja kramaya.. Eka athule polisiyata unath karanna deyak nae...

      Delete
  5. සුවිසාල ඉන්ටර්කූලර් රථ හුලන් කපාගෙන දියවන්නාව අසබඩින් ඉගිලෙත්දී...
    පිට්සා හට් වල උදුන් රත් වෙත්දී....
    රෝස් කුකුල් අඬු මත සෝස් තැවරෙත්දී...
    ජාතික උරුමයන් බිම වැටී ජීවිතය අයදිත්දී....
    නිසල කන්නන්ගර පිලිරුවෙන් කඳුලු කැට වැටෙත්දී......
    යුක්තියේ කන්‍යාව
    රහසින් ඉකි ගැසුවාලු.....
    අහෝ ශාප ලත්තන්ගේ දේශය...

    ReplyDelete