Saturday 9 June 2012

නොනිමි කවියක්

නුඹ
නොනිමි කවියකි, 
ලිවීමට ඉඩ නොදෙන 
-----------------


නුඹ 
අහිමි කවියකි, 
නෙතු තෙමාලන 
මතකයන් ගෙන 
සිත රිද්දා හඩා වැලපෙන 


නුඹ 
මිහිරි ගීයකි,
වදන් නොමැතිව 
සවන් පිනවන 
ගීය තුල මා 
තනුව කරවන 


නුඹ
මලකි ලස්සන,
සුවද විහිදන
සුවදින්ම හිත
මත්ව වට්ටන 

14 comments:

  1. ඉතින් පවන්, ඔයා ඒ මල නෙලා ගත්තද ? හික්ස් :)

    ReplyDelete
    Replies
    1. පවනා නෙලාගත්තද දන්නේ නෑ ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න වෙයි වගේ

      Delete
  2. ගොඩ කාලෙකින් මාලන් අයියා..

    ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. අපිට පොඩි නිවාඩුවක් හම්බුනානේ

      Delete
  3. දැක්ක කල්. ඉඳලා හිටලා වත් බ්ලොග් එක මතක් වෙන එක හොඳා.

    ReplyDelete
    Replies
    1. තාම ෆස්ට් ඉයර් නේ අක්කේ... දන්නවනේ ඉතින් වැඩ කොහොමද කියලා.. තව මාස 4 කින් විතර ආයෙම ලියන්න ගත්තෑකි... අක්කට කොහොමද..? සියබල බිම ඒක බලලා හක්කත් පැන්නා ඇඹුල් හින්ද

      Delete
  4. කාලෙකින්... මොකද මල්ලි කැම්පස් ගියාම බ්ලොග් එකත් අමතක උනාද...

    හැමදාම වගේ, කවිය ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. එහෙමම නෑ.... ඒත් කැම්පස් එකේදී මොනාහරි ලියන්න තරම් හිත නිදහස් නෑ... එකයි අවුල...

      Delete
  5. //මිහිරි ගීයකි,
    වදන් නොමැතිව
    සවන් පිනවන
    ගීය තුල මා
    තනුව කරවන//

    එල කිරි සහ ජලය වැනි ය!!
    ජය!!

    ReplyDelete
  6. "නුඹ
    නොනිමි කවියකි,
    ලිවීමට ඉඩ නොදෙන"

    මන් ආසම මේ කෑල්ලට.. ලස්සනයි..

    ReplyDelete