Sunday, 7 September 2014

සුභ ගමන්

නුඹ,
බිඳුන සිත
පලුඳු නැතිව
දිලිසෙන්න
ලස්සනට
ආදරෙන් හදලා
කාටවත්ම
හදන්න බැරි වෙන්න
ගැසුවේ ඇයි
මහා කලු ගලක
බිදිලා යන්න
තිබුනටත් වඩා
කුඩා අංශු වලට,
ඒ බිදුන
අංශුවක්, අංශුවක් ගානේ
තියෙන්නේ
මගේ අසරන කම මිසක්
පලිගැනීම නොවෙයි


Sunday, 18 November 2012

සඳවතිය


ගිනි පෙනෙල්ලෙන් බැට කා 
කනා මැදිරි එලියට 
බියව දුවද්දී 
පුර හඳවී පාර පෙන්නු 
නුඹට 
සිතින් පෙම් බැන්දද 
දනිමි මම
ඒ සඳ අයිති 
තරු මඩලට බව 
තරහක් නැත
සිටියත් නුඹ 
තරු මඩල සමග 
සිදින්නෙමි මම සැමදා 
පෙනෙන තෙක් 
මගේ නොවූ 
මගේම වූ 
සඳ මඩල 
නුඹට නොපෙනෙන 
දුරක සිට 

Sunday, 2 September 2012

අයියේ මේ අහපන්

ආදරනීය අයියේ,
උඹලත් අපි වගේම
නිදහස් අධ්යාපනයට පින් දීලා
ඉගෙන ගෙනයි
අද ඔය තැනට ආවේ කියලා අමතකද?
උඹලා අපි විතරක් ඉගෙන ගත්තාම ඇතිද අයියේ?
අපි අද පාරට බැස්සෙ
අපි වෙනුවෙන්වත් උඹල වෙනුවෙන්වත් නෙවෙයි
පහ වසරෙ ඉගෙන ගන්න උඹෙ පුතා වෙනුවෙන්
ගිය අවුරුද්දෙ උසස් පෙල කරලා
ගෙදරට වෙලා ඉන්න
අපේ මල්ලි වෙනුවෙන්
ඒ බව දැන දැනත්
ඇයි අපිට ගල් ගැහුවේ...
අපිට කදුලු ගෑස් ගැහුවෙ...
අපිට ගහන්න පොලු මුගුරු මානන් හිටියෙ..
අපි කලෙ වරදක්ද..?
පොඩ්ඩක් උඹට හම්බෙලා තියන හදවතින් අහල බලපන් අයියෙ...

මම,
එදා ගල් පාර වැදිල ඉස්පිරිතාලෙ නොගිය උඹේම මල්ලි

Thursday, 23 August 2012

වරද

ඔහු..,
දියනියගේ බඩගින්න නිවන්නට
"හොරෙන්" අරගත්
රුපියල් දහස නිසා
පොලිසියෙන් ගුටි කා
අද සිරගෙදරය

එතුමා..,
තම පුතුට
සැප රියක් අරන් දීමට
ජනතාවට "පාඩු" කල
රුපියල් මිලියන සියය නිසා
පොලීසියෙ ආචාර මැද
අද නම්බුනාම ලබයි

එකම වරදය
දඩුවම වෙනස්ය
වැරදිකරුවෙක් බුහුමන් ලබන විට
අනිකා සිරගෙදරය

වරද එතනමය

Saturday, 9 June 2012

නොනිමි කවියක්

නුඹ
නොනිමි කවියකි, 
ලිවීමට ඉඩ නොදෙන 
-----------------


නුඹ 
අහිමි කවියකි, 
නෙතු තෙමාලන 
මතකයන් ගෙන 
සිත රිද්දා හඩා වැලපෙන 


නුඹ 
මිහිරි ගීයකි,
වදන් නොමැතිව 
සවන් පිනවන 
ගීය තුල මා 
තනුව කරවන 


නුඹ
මලකි ලස්සන,
සුවද විහිදන
සුවදින්ම හිත
මත්ව වට්ටන