Showing posts with label පහලගමදි ලියූ පද. Show all posts
Showing posts with label පහලගමදි ලියූ පද. Show all posts

Saturday, 25 June 2011

නිදිමත



ඇස පියන් වැසෙද්දී
හිස කඩන වැටෙද්දී
හැගීමක තෙරපුමක් 
හිතින් පැන නොඑද්දී
නුඹ දොඩන වදන් වැල්
අහසටම ඇහෙද්දී

නිදියන්න හිතයි මට
වැටෙන තැන ගුලි වෙමින්...

Saturday, 18 June 2011

අකීකරු හිත


අකීකරු හිත
මෙල්ල නෑ මට 
දුවයි ඔබ මොබ 
සොයයි නුඹ තව

එහෙත් නුඹ තව 
නොමැත මන් ලග
ගිහින් නුඹ දුර
ඈත අත හැර 

පිලි නොගනී හිත
නුඹ නොමැති බව
අඬයි නෙතු පිරි 
කඳුළු බිම හෙල

මක් කරන්නද 
නොතේරෙයි මට
අඩන හිත 
වද දෙයි තවත් මට 

Thursday, 16 June 2011

ඒ ආදරයද?

නුඹ,

මගේ නොවෙයි
එත් නුඹ මගෙමයි 
නුබේ හිත මගේ නොවෙයි
එත් ඒ හිතට මන් ආදරෙයි
මගේ ඇස් නුඹ පිළිනොගත්තත්
නුඹ ඒ ඇස් අඩවයි
මමවත් නොදන්නා අමුතු හැගීමක්
අපැහැදිලි හැගුමක් 
නුඹම වෙනුවෙන්
මගේ හිතේ දග කරයි

ඒ ආදරයද?



Wednesday, 15 June 2011

අසම්මතය



නොතේරෙන නොදන්නා 
වචනයක පටලැවී 
හිතේ ඇති දහසක් හැගුමන්
වචනයට, ක්‍රියාවට 
නොපෙරලා
හිතේ තියන් දුක් විදින්න සැලසු
නිර්මාතෘ කවුරුන්ද
"අසම්මතයේ" 

Tuesday, 14 June 2011

ජිවිතයම විහිළුවක්

මම වැලි කැටයක්
ඔව් පුංචිම පුංචි වැලි කැටයක්
කාටවත්ම එක පුංචි වැලි කැටයකින් වැඩක් නැතුව ඇති
එත්......;
පොඩ්ඩක් හිතල බැලුවද 
පුංචි වැලි කැට ගොඩක් එකතු වෙලයි
විශාල ගොඩනැගිල්ලකට බධාමයක් වෙන්නේ කියලා
විශාල ගොඩ නැගිල්ලක් ශක්තිමත් කරන්නේ කියල
ඉතින්?
තව දුරටත් ඔඹ හිතන්නේ මම වැඩක් නෑ කියලද?

ජිවිතයම විහිළුවක් නේ...?