ආදරනීය අයියේ,
උඹලත් අපි වගේම
නිදහස් අධ්‍යාපනයට පින් දීලා
ඉගෙන ගෙනයි
අද ඔය තැනට ආවේ කියලා අමතකද?
උඹලා අපි විතරක් ඉගෙන ගත්තාම ඇතිද අයියේ?
අපි අද පාරට බැස්සෙ
අපි වෙනුවෙන්වත් උඹල වෙනුවෙන්වත් නෙවෙයි
පහ වසරෙ ඉගෙන ගන්න උඹෙ පුතා වෙනුවෙන්
ගිය අවුරුද්දෙ උසස් පෙල කරලා
ගෙදරට වෙලා ඉන්න
අපේ මල්ලි වෙනුවෙන්
ඒ බව දැන දැනත්
ඇයි අපිට ගල් ගැහුවේ...
අපිට කදුලු ගෑස් ගැහුවෙ...
අපිට ගහන්න පොලු මුගුරු මානන් හිටියෙ..
අපි කලෙ වරදක්ද..?
පොඩ්ඩක් උඹට හම්බෙලා තියන හදවතින් අහල බලපන් අයියෙ...
මම,
එදා ගල් පාර වැදිල ඉස්පිරිතාලෙ නොගිය උඹේම මල්ලි
ආදරනීය මල්ලියේ....
ReplyDeleteඋඹ නොදන්නවා උනාට
අවුරුදු ගානක් කඹුරලා
නොපිරූ පෙරුම් පුරලා
ගත්ත උපාධියට "මාකට්" එකක් නැති හන්දා
යුනිෆෝම් එකක් ඇඳගෙන
මේ රස්සාවට බැස්සෙ
ආදරනීය මල්ලියේ....
උඹ නොදන්නවා උනාට
අහින්සක අම්මාගෙයි,තාත්තාගෙයි හීන උගස් කරලා
අරගත්තු ඒ උපාධි සහතිකේ
ලැමිනේට් කරලා වරිච්චි බිත්තියෙ එල්ලුවේ
ඒක විසි කරන්න බැරි කමටයි
අපෙ කර පිටින් ඔටුනු පළන්
රජ දරුවෝ ඒරොප්පෙ ගිහින් උපාධි පිට උපාධි ගනිද්දි
පහ වසරෙ ඉන්න මල්ලි
දාන්න සපත්තු දෙකක් නැති හන්දා ඉස්කොලෙ යන්න බෑ කියලා අම්මට කරදර කරද්දි
ඒ ලෙවල් කරන නන්ගිගෙ
ටියුෂන් ගාස්තු ගෙවාගන්න තරම් වත්කමක්
ලෙඩ ඇන්ඳේ ඉන්න අප්පච්චිට නැති වෙද්දි
උන්ට ඉන්න එකම බලාපොරොත්තුව
මම වෙච්චි
අපි ගල් ගැහුවේ උඹලාට නෙවෙයි
යදමින් බැඳපු
අපේම අධ්‍යාත්මයට
අපි කලේ
රජතුමාගේ අණ පිලිපැදපු එක විතරයි
මොකද කියනවානම්
අම්මාගෙ බේත් ටික අරන් දෙන්න
මල්ලිට උගන්නලා මිනිහෙක් කරන්න
ලෙඩ ඇඳේ ඉන්න අප්පච්චිව තව
තප්පරයක් හරි
ජීවත් කරන්න
උන්ට ඉන්න එකම පිහිට මම
මගේ රස්සාව රැකගන්න ඕන හන්ද මිසක
තුන් හිතකවත් උඹලා ගැන
වයිරයක් නැහැ
මම,
උඹ ගොඩාක් වයිර කරන
උඹේම අයියා
අයියේ...
Deleteමගේ තුන් හිතකවත් උඹ ගැන වෛරයක් නෑ අයියේ
මම දන්නවා උඹත් අසරනයි කියලා
ඔව් සමහර විට උඹට දුකත් හිතෙන්න ඇති,
උඹේම හෘද සාක්කිය උබට වද දෙනකොට
උඹේ ඇසුත් තෙත් වෙන්න ඇති අපිත් එක්කම...
උඹෙයි මගෙයි එක වෙනසයි තියෙන්නේ
ඒක තමයි
උඹ උඹේ පවුල ගැන විතරක් හිතද්දි
අපි තවම ඉපදිලාවත් නැති උන්ගෙ අනාගතෙ ගැනත් හිතන එක
රට ගෙනියන උන් උඹලවත් හිර කරලා
අපිවත් හිර කරලා
මං හිතනවා උඹට ඒක තේරෙනවා ඇති කියලා
ඒත් අයියේ මං උබෙන් ඉල්ලන්නෙ එක දෙයයි
උඹට දෙන විදානෙට උඹ වැඩ කරන්න කලින්
මොලෙන් විතරක් නෙවෙයි
උඹෙ හදවතිනුත් අහලා බලපං
උඹ මොකක්ද කරන්නේ කියලා
ඉඩ දීපන් උඹෙ හදවතට
අපිත් එක්ක සටන් කරන්න අසාදාරනෙට විරුද්දව
උඹේ හෘද සාක්ෂිය පාවා නොදී...
අපි වයිරකරන්නේ ඔබේ නිල අදුමට නොවේ
ReplyDeleteඔබ ලෙසම අපේ තාත්තලා ඔය නිල ඇදුම ඇද තිබේ
හැබැයි ඒ මීට වසර හය හතකට පෙරය
කාලය දැන් වෙනස් වී ඇත්දැයි නොදනිමි
ලෙඩ ඇදේ හිටිය අප්පච්චී එදාද සිටියේය
මා ටියුෂන් ගාස්තු ගෙව්වේද තාත්තාගේ පඩියෙනි
අපේ ගේ හැදුවේද ඒ සල්ලි වලිනි
හැබැයි මොන කරදර බාධක ආවත්
ඒ කාලයේ අපේ තාත්තලා හෘද සාක්ෂිය මුදලට විකුනුවේ නැත
තම ආත්ම ගරුත්වය පාවා දුන්නේද නැත
මට හැමදාමත් නුඹ ගැන ආඩම්බරයි තාත්තේ
අදත් හෙටත් හැමදාමත් මම එසේ ආඩම්බර වෙමි
හැබැයි ආදරණීය අයියේ
ඔබේ දරුවන් ඔබ ගැන එසේ ආඩම්බර වේවිද???
උඹේ දුක මම හොඳින්ම දන්නවා මල්ලියේ....
Deleteමොකද මමත් සරසවි බිමේ උඹ වගේම එදා සැරිසරපු හන්දා....
ඒක නිසාවෙන්මයි මම කිව්වේ.
"අපි ගල් ගැහුවේ උඹලාට නෙවෙයි
යදමින් බැඳපු
අපේම අධ්‍යාත්මයට"
කවදාහරි,සින්හයින්ගේ යදම් බිඳිලා අපි අතරට ඒවි....
එදාට අපි අත්වැල් බැඳගමු
උනුන් වෙනුවෙන්
කැපවුන ලෝකයක්
අපි වෙනුවෙන්
බිහි වෙනකන්
ඉවසපන් මල්ලියේ
පුංචි මල්ලී යන්නට පාසලක් නැතුව තවමත් ගෙදරය
ReplyDeleteලොකු මල්ලී ශිෂ්‍යත්වය ලියන්නට බැහැ කියයි
නංගී උසස් පෙල ඉතා ඉහලින් සමත් වුවත් විශ්වවිද්‍යාලයට යා නොහැකිව බලා සිටී
ලොකු අක්කා උපධිය සම්පූර්ණ කලත් තවමත් රැකියාවක් නැතිව ගෙදරය
මාගේ දෑස් අන්ධ වී ඇත්නම්
මාගේ දෙකන් නොඇසේනම්
මට ඉවසිය හැකිය
නමුත් මොකක්දෝ කරුමයකට මාගේ ලේ, ඇට , මස්, නහර හොදින් වැඩකරයි
ඉතින් මේ අසාධාරන පෙනි පෙනී මා තවත් ඉවසන්නේ කෙසේද??
ඕවා ඉහලින් එන අණ නේ.. ඒ අනුව වැඩ කරනවා ඇරෙන්ඩ ඒ අයට කරන්ඩ දෙයක් නෑ..
ReplyDeleteලංකාවේ අධ්‍යාපනයට වෙච්ච හදියක් !!!
නෙද්දකින් මේ ආණ්ඩුව ! ශික් ! මුන් ටික මකබෑවිලාවත් යනවා නම්... !!!
කුමන කතාද අයියේ... දැන් නම එපාම වෙලා තියෙන්නේ
Deleteකවිය හා එය මතු කළ කවි සංවාදය අපූරුයි..
ReplyDeleteතිත්ත ඇත්ත..
ලොක්කන් වයයි තාලෙට මේ බෙර පදය
අපි සොක්කන්ය එහි තාලෙට අඩි තියෙන
උන්ගේ පැටවු නින්දේ සැප සයන වල
මල්ලියෙ අපිත් මහපාරේ උඹ සේම.. :)
අපි කියලත් මොනා කරන්නද නේ...
Deleteආව හැමෝටම ස්තූතියි
ReplyDeleteඅපි කොච්චර නෑ කිව්වත්,ඕක තමයි මේ සමාජය හුරුවෙලා තියෙන විදිහ.කොහොම උනත් මම පොලීසිය සාධාරණය කරන්න හදනවා නෙවයි,එ මිනිස්සුත් කරන්නෙ අණ පිලිපදින එක .අපේ රටේ අනාගතය ගැන හිතනකොට මහා කළකිරීමක් දැනෙනවා....
ReplyDeleteඇත්තෙන්ම මම බ්ලොග් කරණයට අලුත් කෙනෙක්,සන්වාදයට ගොඩක් ස්තුතියි
මේ වගේ සටන්කාමී කතා කැම්පස් එකෙන් එලියට ගිහින් අවුරුද්දක් දෙකක් යද්දි නැති වෙලා යන්නේ මොකද දන්නේ නෑ නේ...
ReplyDeleteමචං ඇනෝ අසාදාරනයක් දැක්කම කතා කරන එකට කැම්පස් යන්නම ඕනේ නෑ බං,, අනිත් එක මෙතන සටන්කාමි අදහසකුත් නෑ... මෙතන තියෙන්නේ ඇත්ත... පුළුවන් වෙලාවක මේක මුල ඉදල බලහන් එතකොට මං කැම්පස් යන්න කලින් ලියපු මේ වගේ ඒවා බලාගත හැකි
Delete