සුරඟන ඇස් 03
සීතල ඇස් III
මේ කෙල්ල අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද? මම දැන් මෙතන විනාඩි 15ක් විතර බලාගෙන ඉන්නව... හ්ම්... මදෑ ගොලු කෙල්ලව කතා කරවන්න බලාගෙන උන්නා... මම කවදාවත් නැතුව මගේ සිතුවිලි අතර තනි වෙලා වගේ හැගීමක් දැනුනා... මේකි මැජික් කාරයෙක්ද කොහෙද එක පාරක් ඇස් දෙක දිහා බලලා මෙච්චර දෙයක් කරන්න පුලුවන්නම් අම්මෝ...
............................................
එක වරම බෝම්බයක් පුපුරනවා වැනි ශබ්දයක් ඇසී මම වට පිට බැලීමි පිට මත ගිනිකන්දක් පිපිර ගියා වැනි වේදනාවක් මගේ පිට මතින් එන විට මට සියල්ල වැටහිනි මේ අපතයෝ සෙට් 1න් එකෙක් මගෙ පිට අත ගාල තියනව වගෙ... ඒත් මුන් නිකන් බලාගෙන ඉන්නේ මම මගේ පිටටම ගහගත්තා වගේනෙ.. ඉදිල්ලකෝ උබල දන්නවනෙ මම කවුද කියලා.... එවිටම ඒ බෝලගෙඩි ඇස් අයිති කාරි පාලු පාරට හැරෙනවා මගේ 83 වනි ඥානයට දැනිනි මම නිකමට වාගෙ ඒ දෙස බලද්දී ඇය වෙනමම ලෝකයක් තුල පාසල කරා යනවා දුටිමි.
මටත් හොරා මුන් ටික ඇය ගැන සොයා ඇති බව වැටහුනේ අපත ෆ්රැන්සෙස්කෝ කියූ දෙයිනි
"උඹ පුලුවන් නම් ඔය කෙල්ලත් එක්ක කතා කරල පෙන්නපන්"
අයියෝ සිම්පල්නෙ මල්ලී මම එසේ මටම කියාගත් මුත් මුන්ට මුකුත් නොකීවෙමි මුන් නිකන් විසුවියස් ගිනිකන්දටත් වඩා භයානක බව මන් අත් මෙන්ම කකුල් දැකීමෙන්ද දනී....
"මම යනවා උබලා පිට්ටනියට යමන් මන් එන්නම්...."
කිවුවද මං වාශ්ප විය... මාගේ වාශ්පවීමේ සීඝ්‍රතාවය අරුන්ගේ මොලේට මන් කියන දේ යනවාටත් වඩා ඉක්මන් නිසා මට කිසි කරදරයක් නැතුව මාරු වීමට හැකි විය...
හ්ම්... බබා වගේ යන හැටි... වට්ටන්න හිතයි අදත්... සිතට දැනෙන දේ ක්‍රියාවට නැංවීමේ අසීමිත හැකියාවක් තිබුනත් මේ බෝල ගෙඩි ඇස් කාරිය හමුවේ මං අසරන වෙන්නේ ඇයිද කියා මට මුලු ලෝකේම පෙරලුවත් නම් හොයාගත නොහැකිය... මේ.... මුලු ලෝකෙම කිවුවේ ආදර්ශ ලෝක බෝලයක් හොදේ
පිස්සු නැත්නම් ශෝක් වූ මං වහා ඇය කරා ඇදෙන්නට විය...
"චාව්...මෙලීසා"
මම මුලු ප්‍රදෙශයම දෙවනත් වෙන්න කෑ ගසමින් ඇය කරා ඇදෙන්නට විය...
මා ඈ අසලට ගිය විට කුරුමිනියෙක් ඇවිදිනවා වගේ මහා ශබ්දෙකින් ඇයද මට පෙරලා සුභ පැතුවාය... "හොද වෙලාවට මං සීසර් ගාව තොල් කියවීමේ පාටමාලාව හැදෑරුවේ" නැත්නම් ඉතින් මේ කියන දේවල් තේරුම් ගන්න මට මේ මුලු ජීවිත කාලෙම වැය කරන්න වෙනවනේ.... මට හිනාය ඒත් ඉතාමත් අපහසුවකින් ඒ හිනාව තද කරගෙන සිටියෙමි
මේකිට කිසි ගානක් නැත ඔහේ පාඩුවේ ගමන් කරයි... දැන් එතකොට මං මෙතන වෙලා බලාගෙන හිටියෙ මේ ටික අහගෙන යන්නද... අනේ කෙල්ලෙ මම නම් යන්න දෙයි... කොහොමත් අපි දෙන්නම එකම තැනටනේ යන්න ඕනා....
ආ.. මෙලීසා ඉන්න මාත් යන්නෙ ඔයාලෑ school 1ට මනේ මාත් එක්කම යං...
එවිට ඇය මා දෙස කන්න වගේ බැලීය.. ඒ ඇග හිරිවට්ටන බෝල ගෙඩි ඇස් දෙකෙන් මං දිහා බැලුවෙ නිකං මගෙ නහය උඩ පීසා එක තියන්වා වගේනෙ....
"හරි හරි ඔයාලෑ එකටම නොවුනත් අල්ලපු එකටනේ යං මාත් එක්කම"
හි හී දැන් ඉතින් හා කිවුවත් යන්න වෙනවා බෑ කිවුවත් යන්න වෙනවා... පවු අප්පා දුකේ බෑ.. දැන් යංකො මාත් එක්කම...
මේ කෙල්ල නිකන් ඇවිදින්නේ මං මරන්න ගෙනියනවා වගේ බයෙන්නේ මේ මොකෝ මේ... ඇවිදින හැටි දැකලා මගේ හිනාව එලියට පනින්න යද්දිම මම බෝම අමාරුවෙන් ඒ හිනාව නැවත අනුභව කලෙමි.. දැන් ප්‍රශ්නයක් නැත... සමහර විට මේ ළමයගෙ රටේ හැටි වෙන්න ඇති... මොකක් "ළමයා" මේ මොකෝ බොලවු මට වෙලා තියෙන්නේ... මේකිනම් මායාකරියෙක් වගේ මොකද මෙයා ගාවදි මන් මෙච්චර වෙනස් වෙන්නේ.... හි හී අනේ අනේ මන් නම් වෙනස් වෙයි... දැන් ඔයාට මං ඔයාව කයි කියලා බයක්ද තියෙන්නේ... හාකෝ මං ඒ බය නැති කරන්නම්කො එහෙනම්...
"ම්... මෙලීසා ලස්සන නමක් කවුද දැම්මේ" මං ඇයට ඉතා සමීප වී පැවසූයෙමි..
මොන කතා කරනවා තියා මූනවත් ඔසවා බැලුවේ නැත...අනේ අඩුම තරමේ ස්තූති කරන්නවත් තිබුනා නේද?
මටත් මොකෝ මං කියන දේ ඇහෙනවනේ දැන් අහගෙන ඉන්නකෝ....
"ඔයා ෆුට් බෝල් වලට ආසද? මොන ටීම් එකටද වැඩියෙන් ආසා" උත්තර නොලැබෙන්නාවූ මගේ දෙවන ප්‍රශ්නයද ඇය වෙත යොමු කලේමි..
"මොකද හලෝ ගොලුද....?"
අහස අදුරු වන්නට විය මේ මොකෝ මේ.. අද හිම වැටෙන්නේ නෑ කිවුවනේ... මුන් බොරුමයි කියන්නේ... කාලගුන අනාවැකි කරුවගේ අම්මලා තාත්තලා ආච්චිල සීයලා වේයලා ඈයලා ඔක්කොම මතක්කරගෙන මන් සිතුවෙමි.
"මම එච්චර බලන්නේ නෑ ක්‍රිස්ටියන්"
"මොකක්?" කවුද ඒ... අනේ මෙන්න මෙලීසා කතා කරනවා... එවිටම කාලගුනයේ සිදූ වූ ක්ෂනික වෙනසට හේතුව මට ප්රත්යක්ශ වන්නට විය...
"ආ... ඔයාට කතා කරන්න පුලුවන්ද..? මම හිතුවෙ ඔයා ගොලු ලමයෙක් කියලා"
මෙච්චර ලස්සන කටහඩක් තියාගෙන මොකට ගොලු වෙනවද මංදා...
ඔය අමුතුයි මෙලීසා.. අපි බලමුකෝ මට ඔයාව වෙනස් කරන්න පුලුවන් වෙයිද කියලා...
"ආ ඇත්තද? මම නම් සෙල්ලම් කරනවා.. කොහොම හරි මේ අවුරුද්දේ 'ලොම්බර්දියා' ටීම් එකට සෙල්ලම් කරන්න තමයි හිතගෙන ඉන්නේ..."
මමත් මොකාද වගේ ඔහේ කියවයි අහගෙන ඉන්නවද නැද්ද කියලා දෙයියෝ තමයි දන්නේ...
"ම්.. ඔයාගෙ වයස කීයද?" ඇගෙන් පිලිතුරක් නොලැබෙනා බව දැන උන්නද ඈ සමග දොඩමලු වීමේ අහින්සක ආසාවක් හිත තුල දගලන්නට විය.. ඒත් ඇයි මම මෙහෙම හිතට ඕන දේ කරන්න දෙන්නේ... මම ආවේ මෙයාට හොද වැඩක් කරන්න මෙයා මට හොද වැඩක් කරයි වගේ.. අනේ පවු...
"මට අවුරුදු 17යි.." මේං බොලේ උත්තර දුන්නා... හරි නේද කෙල්ලේ කතා නොකරන එක්කෙනා ඔය යස අපූරුවට කතා කරන්නේ... ක්‍රිශ් ඉතින් කලොත් වැඩක්මනේ...
"ආ මට 18යි.." එය මගේ පිලිතුර විය..
ඇයි මං දිහා බලාගෙන නැතුව බිම බලන් කතා කරන්නේ දන්නේ නෑ නේ...? මාව බිමිනුත් පේනවද දන්නේ නෑ... මේ කෙල්ල නම් හරි අමුතුයි මොන ලෝකෙකින් ආවද මංදා...
මෙතෙක් වෙලා ගොලුව සිටි කෙල්ල මං දිහා නොබැලුවත් දැන් ටිකින් ටික මා සමග කතා කරයි... ඉතින් මටත් හරි හැපිලු ඔන්න....
ඔහේ කියවමින් ඇයත් සමග පාසලට ලගටම පැමිනියෙමි... ඇයට සුභ පතා මම පිටියට යාමට සූදානම් වෙද්දි මගේ අපත යාලුවන්ගේ ඔත්තු කාර කන්ඩායම මා ඉදිරියට පැමින මගෙන් ප්‍රශ්න කරන්නට විය
"කොහොමද ඒ කෙල්ල එක්ක කතා කලේ", "මොනාද ඒ කෙල්ල උබත් එක්ක කතා කලේ" අනේ මංදා මම නිකන් White House 1ට බෝම්බ ගහල වගේනෙ මාව මුන් ප්‍රශ්න කරන්නේ..
ඔය අතර මගේ එලම ෆිට් 1 කියූ දෙයින් මං පොඩ්ඩක් කලබල විය "ඔය කෙල්ල මෙච්චර කාලෙකට කා එක්කවත් කතා කරල නෑ ඔහොම..." මොකක්?
එතකොට මම එච්චරම දක්ශයෙක්ද? නියමයි දැන් මට ගොලු අයව කතා කරවිය හැකිය නියමයිනෙ..
මොනා සිතුවත් ෆ්රැන්සෙස්කෝ කියූ දෙයින් මම පොඩ්ඩක් කලබල විය... හාකො හාකෝ...
..........................................................
හාකෝ හාකෝ... ඔහොම යංකෝ... :x
ReplyDeleteකියවන්නේ නෑ :))
ReplyDeleteආ බං මං දාලා FB ගිය ටිකට උබල දෙන්නා ආවද....?
ReplyDeleteඔව් ඔව් බලපන්කෝ මොකද වෙන්නේ කියලා..... :D :)
අහ් නේ.. ඔයාට ගොලු අයව කතා කරන්නත් පුලුවන්ද.. :D
ReplyDeleteහාකෝ..හාකෝ...
මේ පික් එක ලස්සනයි මාලන් අයියා....
ඔය කතා කරලා තියෙන්නේ....
ReplyDeleteඕක හොයාගන්න වින්ද දුක දන්නේ මමනේ.... :-O
මාලන් බ්ලොග් එකක් ලියනවා කියලා කව්රැවත් දන්නෙ නැද්ද? මම දන්තේ අද..................
ReplyDeleteටික දෙනෙක් දන්නවා බං...
ReplyDeleteහාකො හාකො ඉතින්. ඉතුරු ටිකත් දාමුකො ඉතින්. අන්න සීතල ඇස් ඔයාව පහුකරගෙන හුගක් දුර ගිහින්.
ReplyDelete"ඉවසන දනා යුද්දෙට නැති කඩුව අරං පරංගියා කෝට්ටෙ ගියා වගේ" කියල තියෙන්නේ අන්න ඒක හිංදා ටිකක් ඉවසමු
ReplyDeleteකතාව බැලුවා ..ඒ පැත්තෙනුයි මේ පැත්තෙනුයි ...
ReplyDeleteලස්සනයි මාලේ ..කතාව ඉස්සරවෙලාම ඉවර කරන්නේ දෙන්නගෙන් කවුද ?
ReplyDeleteමුලින්ම නිම්ශා...
ReplyDeleteමගෙ එක ටිකක් විතර දිගට යනවා.... ම්.... කොටස් 10ක් විතර කිට්ටුවෙන ගානක්
ශෝක් වැඩක්... එකම කතාව දෙපැත්තකින් කියවනවා... අළුත් අත්දැකීමක්... හරියට අර කොට ජීවිතේ ලව් ඉස්ටෝරිය වගේ... :))
ReplyDeleteඅපෝ අපියි මේක මුලින්ම පටන් ගත්තේ.... කොට අක්කයි පාසල් අයියයි පස්සෙ මේ වැඩේට බැස්සේ...
ReplyDeleteහැබැයි ඒකට වඩා මේක වෙනස්... මොකද ඒ කතාවෙ අවසානය කියවද්දිම දන්නවා.... මේ කතාවෙ අවසානය මම විතරයි දන්නේ.... බල්න්නකො මොකද වෙන්නේ කියලා.....
හරිම ලස්සනයි. මේ අහක ඉන්න අපිව ගාව ගන්න එපා ඕවට.. ;)
ReplyDeleteඉකමනට ඉතුරු ටිකත් දාන්න. අනිත් කොටස කියවන්න මාසයක් බලන් ඉන්න අමරුයි. :D
අපෝ ප්‍රසිද්ද මධ්‍යන් තුල ඔහොම ප්‍රකාශ ඉදිරිපත් කරනවද?
ReplyDeleteඅර කිවුවත් වගේ කියන්න තියෙනෙන "ඉවසන දනා යුද්දෙට නැති කඩුවෙන් වෛරයෙන් වෛරය නොසංසිදේ" කියලා තමයි
පොඩ්ඩක් ඉන්න සට පට ගාලා දාන්නම්
=))
ReplyDelete