Wednesday, 19 January 2011

3D Tv (Without Glass)

2010 මුල් කාලදි රූපවාහිනී නිශ්පාදකයන් විසින් 3D රූපවාහිනී ලොවට හදුන්වා දුන්නත් එම රූපවාහිනී නැරබීමට විශේශයෙන් සකසන ලද ඇස්  කන්නඩි යුගලයක් පැලදීමට අවශ්‍ය වුනා


නමුත් මෙම කන්නඩි පැලද රූපවාහිනිය නැරබීම නරබන්නන්ගෙන් 50% පමන කරදරකාරි අත්දැකීමක් උන නිසා රූපවාහිනී නිශ්පාදකයන් කන්නඩි පැලදීමකින් තොරව 3D රූප නැරබිය හැකි රූපවාහිනී තිර නිශ්පාදනයට පෙලබුනා

එසේ නිර්මානය කර පලමු වරට එලිදක්වපු 3D තිරය සහිත උපකරනය වුනේ 2010 පෙබ්‍රවාරි මස එලිදක්වපු Nintendo 3DS ක්‍රීඩා උපකරනයයි



Nitendo ක්‍රීඩා උපකරනයේ තිරය වරකට එකම රූපය කෝන 2කින් පෙන්වනට හැකි ලෙස නිපදවා තිබෙන අතර එම රූප පෙනෙන කෝනය ඉතාමත් කුඩා පරාසයක පැතිර ඇති නිසා වරකට එක අයෙකුට පමනක් 3D ගුනය සහිත රූප පෙනෙයි මෙය යම් තරමකට සාර්තකත්වයක් පෙන්වුවත් එම තාක්ශනය රූපවාහිනී තිර වලට යොදා ගැනීමේ නොහැකියාවක් තියනවා(මොකද එක පාරකට එකෙකුට වඩා TV බලනවනෙ).

නමුත් මෙම සතිය තුල Glass Free 3D Tv තාක්ශනයේ යම් වෙනසක් සිදුඋනා... ඒ 2011 CES ප්‍රදර්ශනයේදී iPont International ආයතනය 5 දෙනකුට එක විට නැරබිය හැකි 3D  තිරයක් (140 cm)  ආදර්ශනය කර පෙන්වීමට සමත් වීමෙන් (3D Tv)

නමුත් මෙම රූපවාහිනියේ ඇති දෝශයක් ලෙස තිරයේ දීප්තිය මදි කම දැක්විය හැකියි  
කෙසේ උවත් ඉතාමත් ඉක්මනින් අපිට කන්නඩි නොදා 3D TV බලන්න නම් හම්බෙයි වගේ...


සැ.යු.- අපිට 3D රූප පෙනෙනේ අපේ ඇස් 2ට එකම රූපය දෙයාකාරයකට පෙන්වීමෙනි... 


වැරදි ඇතොත් කමා කර නිවැරදි කරන ලෙස ඉල්ලමි


Thursday, 13 January 2011

ඇයි මෙච්චර සීත

මේ දවස් වල සීතට හේතුව ගැන පොඩ්ඩක් කියන්නයි ඔන්න යන්නෙ






මේකට හේතුව වෙන්නෙ ලා නීනා(La Niña, 2) නමින්  හැදින්වෙන තත්වයක්ලු... ඒක වෙන්නෙ පසි‍ෆික් සාගර කලාපයේ උශ්නත්ව වෙනසකින් කියල තමයි කියන්නේ..... එහෙම උනාම ඉතාමත් සීතල ප්‍රබල සුලං තත්වයක් ඇති වෙනවලු... අන්න එහෙම උනාම ආසියාව ඕස්ට්‍රේලියාව කියන කලාප වල උශ්නත්වය සාමාන්්‍ය අගයට වඩා පහල බැසීම අදික ලෙස වර්ශාව ඇති වීම වගෙ වෙන්න පුලුවන්ලු(වෙලා තියෙන්නේ)..



තව මේක එක එක කලාප වලට වෙනස් ආකාරයෙන් බලපානවලු....


උ.ඇමරිකාව- ටිකක් විතර වැඩිපුර සීතලක් තියනවලු *
ද. ඇමරිකාව- ටිකක් විතර රස්නයක් තියනවලු **
නැ. ආසියාව- හොද ගාන්නට සීතයි ***
ද. ආසියාව\ ගි.ආසියව\ ඕස්ට්‍රේලියාව - හොද ගානට වහිනව සීතයි නැද්ද...


මෙච්චර කාලෙකට ආව (ඔය කිවුවට එහෙම්මම නෑ) හොදම එක තමයිලු මේක
දැනට ඇවිත් තියන අවුරුදු: 1903-4 | 1906-7 | 1908-9 | 1916-17 | 1920-21 | 1924-25 | 1928-29 | 1931=32 |1938-39 | 1942-43 | 1949-50 | 1954-55 | 1964-65 | 1970-71 | 1973-74 | 1975-76 | 1988-89 | 1995-96 | 1998-99 | 2006 | 2007-08 | දැන්


*-http://weather.yahoo.com/img/ussat_440x297.jpg.html
**-http://www.usatoday.com/weather/forecast/international/south-america-temps-index.htm
***-http://weather.yahoo.com/img/asia_sat_440_mdy_y.jpg.html


උපුටාගැනීම්


http://mageahasa.blogspot.com/2011/01/blog-post.html
http://www.nasa.gov/topics/earth/features/strong-la-nina.html
http://sealevel.jpl.nasa.gov/science/elninopdo/learnmoreninonina/
http://sealevel.jpl.nasa.gov/science/elninopdo/elnino/
http://sealevel.jpl.nasa.gov/science/elninopdo/latestdata/
http://en.wikipedia.org/wiki/El_Ni%C3%B1o-Southern_Oscillation
http://www.stormfax.com/elnino.htm
http://www.whoi.edu/oceanus/viewImage.do?id=83611&aid=53506

වැරදි අඩුපාඩු ඇතොත් සමා වී නිවැරදි කරනමෙන් ඉල්ලමි

කාලගුනේ.... :(

අනේ පේන හැටියට තව දවස් 4-5ක් යනකන් අපිට ඉර පායන්නේ නෑ වගේ.....?

සෙනසුරාදා ඉදන් අද වෙනකන් අපරාදෙ කියන්න බෑ අහස තාමත් වලාකුලු පුරෝගෙන ඉන්නවා....
වහින්නෙත් නෑ(අපේ පැත්තට{දැන් කියන්න එපා මං කිවුව හින්දා වහිනව කියල ඔන්න...}).

මේ තියෙන්නේ කොලඹට දවස් 5ක කාලගුන වාර්තාව..

හැබැයි සිකුරාදා රෑ වෙලා ඉදන් ඔන්න රාත්‍රී පැහැදිලි අහසක් ලැබෙනවයි කියලනම් කියනවා..... 
ඔන්න ඔතනට ගිහින් බලන්නකෝ....
http://www.intellicast.com/Local/Weather.aspx?location=CEXX0001


ආ.... ඔන්න කොලඹට අවුරුදු 61 කට පස්සෙ අඩුම උශ්නත්වයක්(18.8 C )  පවතිනවලු
නුවරඑලියටත්(7.9 C )
ලබාගත්තේ- Hutch News Alert

Monday, 3 January 2011

පියානනී



ඔබ දෙසට ඇවිද එන්න ආසයි පියානනී....
ඒත්......
ඔබ තුල විශ්වාසය නැති වී කෙසේ පැමිනෙන්නද පවුකාර කම මා ගිලගන්නා විට....
ඒ නිසයි මා කෑ ගැසුවේ.....
"මා ගලවාගන්න" කියා
මහා කුනා‍ටුවක් මහා ඝෝශාවක් මගේ හඩට බදා කරද්දීත්...
මටවත් නො ඇසුනු ඒ හඩට පිලිතුරු දී
මා ගලවාගත් අපූරුව....



Saturday, 1 January 2011

2011

අලුත් අවුරුද්දකුත් ආවා.... පොඩි පිස්සුවක් නටලා ගමෙන්ම බැනුම් අහගෙන දෙයියනේ කියලා අවුරුද්දත් ඔන්න පටන් ගත්තා....

දැන් ඉතින් සෙල්ලම් කරපු කාලේ ඉවරයි මේ අවුරුද්දෙ ඉදන් අනාගතෙ ගැන හිතන්න ඕනා හැමදාම පොඩියි කියල හරියන්නෙත් නෑනෙ.....

ම්.... මේ අවුරුද්ද වෙන අවුරුදු වලට වඩා ගොඩක් වෙනස් වෙයි... දෙයියනේ කියල campus යන්න ඉන්න අවුරුද්ද ඒක මොන වගේ වෙයිද දන්නෙත් නෑ..... :/
අවුරුද්ද පටන් ගත්ත ගමන් exam 1 කුත් තියනවා.....

ඉතින් අපි බලමු මේ අවුරුද්ද කොහොම වෙයිද කියලා නේ.....

ආ... තව කියන්න අමතක උනානෙ.. මේ අවුරුද්දෙ මට ලියන්න බ්ලොග් 1කුත් තියනවලු...  :D